මට පිස්සු ඕයි
ලොකු හබරල කොලයක නිදාගෙන ගගක් පහලට පාවෙලා යන්න හිතෙනවා ඕයි..
සීතල වතුර මුළු ඇගටම වැටෙයි ඕයි
ඇස් දෙක හයියෙන් පියාගෙන කැරකෙන අහස දිහා බලාගෙන ඉර එලිය ඇස් ඇතුලෙන් ඇවිත්
මුලු ලෝකෙම රතු පාට වෙද්දි පිස්සු හැදෙනවා ඕයි..
ලොකු ගල් කැට වල වැදිලා කොළේ කැරකෙද්දි විකාරයක් වෙයි ඕයි
ලස්සන දිය ඇල්ලක පල්ලට දූවිලි වගේ ඇවිස්සෙන පිණි බිංදු වල පාවෙලා බිමට වැටෙයිද ඕයි
මිනිස්සු කවුරුවත් නැති කැලයක් මැද්දෙන් සත්තුන්ගෙ කෑගහන හඩ අහගෙන හයියෙන්
පාවෙලා යන හබරල කොලේ කැඩිලා යයිද ඕයි.
එහෙම කැඩුනොත් ගලක් උඩ ගිණි අව්වෙ ඉදගෙන ඉන්න වෙයිද ඕයි
ආයෙ මට හබරල කොලයක් හොයා ගන්න බැරි වෙයිද ඕයි
එහෙම බැරි උනොත් රෑ වෙනකං ගල උඩ ඉන්න වෙයිද ඕයි
ගග මැද්දෙ කිඹුල්ලු ඉදලා මාව හපන්න පනියිද ඕයි..
කිඹුල්ලුන්ට එන්න බැරි තරං ගලක් උඩට නැගලා කිඹුලන්ට පාං කෑලි වලින් ගහන්න
හිතෙනවා ඕයි.
ගගේ පාවෙලා ආයත් ගිහින් හබරල ගාලක හැංගෙන්න හිතෙනවා ඕයි
ඒත් හබරල කිරි ගෑවිලා ඇග කසයිද ඕයි... ???
මට පිස්සු වගේ ඕයි
වගේ නෙමේ ඕයි
හොදටම පිස්සු ඕයි !!!
මාත් එක්ක ඇඩ්මිට් උන අය
පිස්සං කොටුවේ අපේ එවුං...
ඇඩ්මිට් කලා : ඕනයා | සිහින | අවංක පැට්ටා | ආගන්තුකයා | STRANGER | රනා | බීටල් | බුල්ටෝ | සෝඩා ගුණේ | සුදු පූසා | නචී | ජීවිතේ මල් | බීට්ල් | ලිෂාන් පුවක්ඕවිට | සංජු | පිස්සා | හිතුවක්කාර කෙල්ල | රුචක| හසී | මුචලින්ද
මේ චේන් පොස්ට් වලින් දැක්ක සුපිරිම ලියවිල්ල....
ReplyDeleteAnxiety Expressed! (Y)
ReplyDeleteහාපෝ මොකක්ද බන් මේ මට පිස්සු වගේ ඕයි
ReplyDeleteවගේ නෙමේ ඕයි
හොදටම පිස්සු ඕයි !!!
වැඩේ නැගලම යනවා
ReplyDeleteමොකක්ද මේ පිස්සුව..
ReplyDeleteනියමයි වෙනද වගේම පෝස්ට් එක නම්
ඒකත් හරි..... හි හි...
ReplyDeleteඇඟ විතරක් කසන එකක් නෑ ඕයි....
ReplyDeleteපිස්සුව නොමැති නම් අප බ්ලොග් ලියාවිද?
ReplyDelete(තනි පදයේ පිස්සු කවියකි)
මට පිස්සු කියලා උඹ දන්න තරමටම මමත් උඹට පිස්සු කියලා දන්නවා ඕයි!!! නැත්තම් මං මේක කියවයිද ඕයි.. මමත් එකක් ලියයිද ඕයි!!
ReplyDeleteපිෂ්සු පිකුදු ඕයි !
ReplyDeleteහැපෝයි...
ReplyDeleteමේක දිගටම යන පිස්සුවද??
ReplyDeleteඅහ්හ්..... හැමෝටම පිස්සු නේ.....
ReplyDeleteසුස්තියක් ගහපන්
ReplyDelete