Tuesday, July 22, 2014

ඇය.....

මලානික හිරු අවරට යන සැදෑවක
දිරාගිය ඔරු කදට වාරු දී හුදකලාවක
මියදිලා ගිය ආදරේ කවි රටාවක
අකුරු ගලපමින් ඈ හිදී නෙත් මානයක

වැන්දඹුව ඇය නෙත් කෙවෙනි සලමිනා
මග බලයි නෙක ප්‍රේමයේ සුව විදිමිනා
සියොත් කැල ඇය තුරුලෙ ගී ගයමිනා
ගෙන යන්න මග බලයි ප්‍රේමයට ඇය රවටනා

සිහින වැල් බැදි මල් මාල ගෙල පලදිනා
නෙත් කෙවෙනි මත ප්‍රේමයේ දළු ලියලනා
සයනයේ රන් ඇගෙ වත මඩල සැතෙපෙනා
සියොත් ඉගිලේවී ඇය සයනෙ යලි තනිවෙනා

පිපි මලට සමණලුන් බොහො වෙනා
රොන් ගත් පසුව මල යලිදු තනිවෙනා
බඹරු ඇවිදින් රිදුම් දෙන මල රිදවලා
රොන් ගන්න වෙර දරයි නෑඹුලම සොයමිනා




3 comments:

  1. කාලෙකට පස්සෙ ලියපු නිසාද කොහෙද අර සුපුරුදු අදෝනා ගතිය නෑ (නැත්තෙමත් නෑ . . අඩුයි)

    ReplyDelete
  2. ඕනයා උඹ මොකද හිතන්නේ..? වැල මැරෙයිද? අල බහියිද? :D

    ReplyDelete
  3. බල්ල පිදුරු කන්නෙත් නෑ........................... :D.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...