Monday, February 14, 2011
වැලන්ටයින් ආදරය - නුඹටමයි
Thursday, February 10, 2011
පෙම් කරමි අදට නොව හෙටට........
Friday, January 28, 2011
පිං කළ නැතිද පෙමින් පිරි හදවත

නුඹෙන් ලද පියාපත් විහදා
අහස සිසාරා සැරිසරමි
නුඹ මගෙයි කියලා
බැදි යඳම් බිදලන්නට හැකිනම්
නුඹෙ ආදරය නාමයෙන්
එක වදනකින් සැනසීමට හැකි නම්
ඒ ආදරයෙ මිහිර විදින්නට
දිදුලනා නුඹෙ නිල්වන් දෙනෙත් යට
නෙතු පියා ඉන්නම් නිහඩවම නුඹ ලග
විදින්නට ආදරයක අරුම
පිං කළ නැතිද පෙමින් පිරි හදවත
සිතතුටින් පිරෙන හැම විට
නෙතු නගයි කදුලැලි සිතට රහසෙම
පිදු ආදරය මතින්සගවා ගලන විරහව
ආදරය කරමි නුඹට මම තව
මතු දිනක වෙන් වෙතැයි සිතාගෙන
Thursday, January 27, 2011
බලා ඉමි රළ නවතිනාතුරා..........

මහා මේරුවක් ලෙස හිදිමි අසරණව
නගන විට මහ රැළි දසත
හැපී රිදවයි සිතක් නැති මහ ගලක් වුව
සුදු පෙන පිඩැති ලෙස ලෝකයක් රවටන
සුන්දරවත්ය එහි ලොවම විදිමින
අසරණව ගල් පරය නිහඩව
වේදනාවන් දරා සිටිනු දුටුවද
නගන දිය රැළි වැදී බිදීගිය
සිහින් පිණි පොද වැටී නැහැවුන
හදවතක් නැති මහ ගලක් වුන
දිස්නෙ දෙනු ඇත ලොවට එක ලෙස
දිනෙන් දින නගන දිය රැළි
වැදී වේදානාවන් සිත තුල දරා ගෙන
නැවත එන දිය රැළියකට පෙර මං බලමින
ගල් පරය වුව රැදෙයි හැමදින
Tuesday, January 25, 2011
සුරඟන නුඹයි!!!

ඇවිදින් පසු කරන් මහ කදු ෂිඛර මැදින්
සෙව්වෙමි මමත් සුරගනියක නිතර සොවින්
පෙර අන් ලදුන් හමුවූවද සුරගනක වෙසින්
නුඹ පුද කල සෙනේ නැත දැනුනේ ඒ විලසින්
ඇත මගේ සිතත් අන් ලදුනට පුද කරලා
මං පෙම් කලා ඔවුනට මට උරුමයි සිතලා
හදවත තලා නොකියා මා තනි කරලා
මං තනි වුන විටදි නුඹ සිටියා ලගට වෙලා
පෙම් බසම් දොඩන්නට නුඹ හා තුරුල් වෙලා
කිසිවිට පැතුවෙ නෑ නුඹ ගැන සිහිකරලා
පෙර සසරක පුරුදු ලෙසදෝ මට ලං වීලා
හදවත රැගෙන නුඹ ඇත දැන් මගේ වෙලා
නැතුවට තුරුළු වී පෙම් බස් මුමුණන්න
නුඹ වත මඩල නැත හැමවිට දැකගන්න
අප හමු උනත් එක මොහොතක තනිවෙන්න
නැත අන් කිසිත් ඒ පෙම හා සමවෙන්න
Monday, January 24, 2011
ඇයයි මමයි.....
වළාකුලකුදු නොමැති අහසේ
පුංචි තරුවක් ඉකිබිදින්නේ
සරා සඳ ඇයි නුඹ තැවෙන්නේ
සඳා කල් සඳ ආදරයිනේ
ඉරට හඳ නැති ලොවක් මට නැති
සඳට තරු නැති ලොවක් මෙහි නැති
අපට අප නැති ලොවක් කොහි ඇති
මෙමට නුඹ නැති ලොවක් නම් නැති
.........................................................
සරා සඳ අහසේ හිදිනා
අසනු මැන මගෙ හිතම පිරිලා
තිබූ ලෝකය ඝනදුරින් වැසිලා
නුඹ ඇවිත් එය එළිය කරලා
සිත්තමක් ඇත පාට මැකිලා
නුඹ ඇවිත් එහි පාට තවරා
මගේ ලෝකයෙ සිනහ රන්දා
නුඹ මගේ විය පෙමින් පුරවා
.......................................
සඳ දියෙන් නැහැවෙනා රාත්‍රිය
නුඹ නමින් පේ වෙනා මගෙ හිත
හැර තියා හැම කවුළු විවරව
බලා උන්නා නුඹ වඩින සඳ
...................................................
විල් දියක පිපි නෙළුමක්ව විලසින්
මගේ හද සොරාගෙන හොරෙහෙන්
ජීවිතය නුඹ නමට පිදුමින්
අපි අපේ විය මුළු ලොවට රහසින්
පායලා හිරු ඈත අහසේ
එළි කලා ලොව නුඹත් එලසේ
නුඹට තුරුළුව ලොවට රහසේ
අපි අපේ විය මෙලෙස දිවියේ...
....................................
සංසාරෙන් ආ විලස පතාගෙන
ඔබ අසලින් මා හීදී බලාගෙන
හිමිවන හිමිවන හැම අත්භවයක
එන්නෙමි පෙර සේ නුඹව පතාගෙන
......................................................
බ්ලොග් සතිය වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන ලදී.....