Thursday, May 6, 2010

පෙම් කල සිතම ලං කර ගෙන මම හැඩුවා


සමනොළියකට පෙම් කළ සිත මටත් හොරෙන්
රන්වන් තටු සලා ඈතට ඉගිල ගොසින්
මල මත රැදුනු රොන් තනිවි හැගුම් අරන්
මල් පෙති පවා නොදැනී පර වෙන්න ගිහින්

මල් මත තිබුනු දේදුනු පැහැ බොදව ගොසින්
හුලගට හමා ගිය සුවදත් නැතුව ගිහින්
මගෙ මල් පෙත්තෙ තිබුනා වූ පැහැය අරන්
තව ලස්සන වෙලා පියඹාපන් ලොවට උඩින්

දෑසින් කදුලු සලලා නුඹ අහිමියි කීවා
රන්වන් තටු සලා යන්නට හැදුවා
පෙර දින ලෙසම මම ආයෙත් තනි වූවා
පෙම් කල සිතම ලං කර ගෙන මම හැඩුවා

3 comments:

  1. නු‍බෙ ලගට තුරැල් වෙලා
    පෙතිවල පාට අරන්
    ලස්සන වුන ඒ තටු දෙක
    කවදා හෝ කැඩි යාවි..
    නුබෙ පරවන පෙති
    දුක් වෙන තරමට
    කැඩුනු ඒ තටුත්
    දුක් වෙවි..
    සැම ක්‍රියාවකටම සමාන
    ප්‍රතික්‍රියාවක් තියේවි..

    ReplyDelete
  2. නිපු/
    අද නිපූ තනි ​වෙලා නේ හොදා හොදා මගෙ තනියට ඔයාවත් ඉන්න එක හොදයි හික්..... හික්.... හික්.....

    ReplyDelete
  3. හානේ සමනලීයෙක් ගැනත් කියලානේ...... සමනලි දැනුයි මේ කවිය දැක්කේ....
    සමනලීයෙක් ගැන කියපු නිසාම නෙවී ඇත්තටම ලස්සනයි

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...