Monday, May 17, 2010

මත් වෙන්න අද හැර වෙන කුමන දවසක්ද ??

එලි මහන් වැරැන්ඩාවක
හොදම මිතුරන් දෙදෙනෙකු සමග
රවුම් මේසයක් වට හිද
අතට ගත් දුඹරු
වන් වූ විදුරුව පිරෙන්නට
සුදු පැහැති දේ වක් කර
ඉතිර යන්නා වූ රන් වන් පැහැති විදුරුව
දෙතොලට ලං කර
කොළ පැහැති ඇපල් කැබැල්ලක් ගෙන
දෙතොලින් සුමුදුව හපමින්
වැටෙන වැහි බිදු සියොලගට හිරිකඩ ගෙනෙද්දී
නුඹෙ මතකපිටු රන් වන් විදුරුව තුල දිග හැරෙන විට
අතීත සිහිනයක්තුල තවත්වර සිහිනයක් දකිමින්
වැහි බිංදු රටාවක් නැති තනුවක් මවන විට
තුරු ලතා වල්මත්ව වැනෙන මොහොතක
මල් මතට වැටෙනා වූ දරුණු වැහි බිදු මලින් මල රිදවද්දී
ඒ දෙසම නෙතු අයා ගෙන නිහඩබව රජකරන
තවත් එක් නිමේෂයක
නුඹ ගැනම සිතමින්
මත් වෙන්න සුරාවත් සමග අතීත සිහින පිටු දිගහැර
අද හැර වෙන කුමන දවසක්ද ??

7 comments:

  1. හිතේ මොන දුකක් තිබුණ ත්, මොන සතුටක් තිබුණ ත් අන්තිමට ඒ වෙනුවෙන් බේබද්දෙක් වෙන්න ඕන නෑ නේ??ඒ ගැන ටිකක් හිතුවොත් නරකද??මං මේ නිකමට කිව්වේ.. බණක් නම් නෙවි..

    ReplyDelete
  2. sundara adhasak yaluwa..., surawakin ganna puluwan wena sonduru athdakeemak thama oka. ada wage dawasakata patta. habai mekai oka lassanata wedi nowenna karagena oya widihe athal ekakak ganna puluwan minissu inne bohoma tikai..., umba e widihe minihek una eka gena sathutui. :-)

    ReplyDelete
  3. sampathjt/

    අපෝ බන් මම බේබද්දෙක් නෙමේ අද මෙහෙට හොදටම වහිනව ටිකක් විතර සීතල වැඩි එතකොට හිතිල දාපු දෙයක් මචන්.. උඹ කියපු දේත් එක්ක 100% මම එකගයි ..ස්තූතියි අදහසට

    ReplyDelete
  4. Anonymous/

    කවුද කියල නන් දන්නැහැ. නම දැම්මනන් මම ගොඩාක් සතුටුයි. අද අම්බානක වහිනවනෙ. අද තමයි කියාපු දවස. කාව හරි අමතල බලන්න ඔනි. හික්... හික්....


    ගොඩක් ස්තූතියි කියවල අදහස් දක්වල ගිය එකට

    ReplyDelete
  5. මම නම් අමධ්යෙ පදයි ඒත් පසන් මොනා කරන්නද උබත් පරාජිතයි මාත් පරාජිතයි කඩලා ගනින් පටස් ගාලා බෝතලේ

    ReplyDelete
  6. ඔය අර මටත් ගහන්න එන්න කියපු රා නෙද තනියම බොන්නේ...

    ReplyDelete
  7. ගීත් /
    මාත් උඹ වගේම තමයි බන් අම උනත් මද පමණට තමා ගන්නෙ දැන්නන් මම දෙක්ක දානෙ ආවේ උඹ කියපු දේ දැන්නේ දැක්කෙ කමක් නෑ අලුත් එකක් කඩමු උඹ වරෙන්කො

    Hipo /

    ඔවු ඔවු ඒක තමයි අක්කත් සෙට් වෙමුද??? මම තව පුටුවක් ගේන්නන්කො හික්... හික්.... හික්ස්.......

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...