Wednesday, May 19, 2010

ගෙනත් දෙන්න මට මගෙ සද





සිනා සලන ඔය ඇස් ලග
කථා කරන තොල් පෙති ලග
සමන් පිච්ච සුවද හමන
නුඹ ලග මම සැතපෙන්ද


කඩන් වැටෙන වැහි පොද උඩ
හඩා වැටෙන රළ පෙල ලග
පෙම් කලාට නුඹ මන් වට
නුඹ ඇත ඔහු සමගින් අද


රෑ අහසේ තරු කැට නැත
පෝය උනත් පුර හද නැත
වළාකුලින් හැංගූ සද
ගෙනත් දෙන්න මට මගෙ සද

8 comments:

  1. ලස්සන සිංදුවක් හදන්න පුළුවන් මෙෙකන්

    ReplyDelete
  2. හරිම ලස්සන ආදරණීය පද ටිකක් පසන්

    ReplyDelete
  3. ගීත්/
    ගොඩක් ස්තූතියි මචන් අදහසට අපි ට්‍රයි කරමුකො ඒකට

    ReplyDelete
  4. දිල් /
    ගොඩක් ස්තූතියි දිල් අගය කිරීමට කාලෙකින් නේ කෙමෙන්ටුවක් දැම්මෙ

    ReplyDelete
  5. හරිම ලස්සනයි.. හරිම හරිම හරිම ලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්සනයි

    ඉර දාගිය රළු පොලොවක
    සද නොමැතිව නුඹ තනිවම
    වේදනාව පද වැල් කර
    මිහිරිම ගීයක් කර ඇත

    ReplyDelete
  6. මගේය, මා පැතූ මගේම සඳ
    මැකී ගිහින්, සඳ අහස් ඉම කොන
    නිල් අහස, රැඳි ඇත පායන්න අලුත් සඳ
    රැඳිසිටින්න නිමේෂයක්, හෙට දින පායන පුර සඳට ඉඩදී

    ReplyDelete
  7. ස්වප්නා /

    ගොඩක් ස්තූතියි අගය කරාට මට ඊයෙ මේ පොස්ට් එක හරියට පෙනුනෙ නෑ ඒකයි මයා කිපු දේවල් දැක්කෙ නැත්තෙ ලස්සන පද ටිකකුත් දාල තියෙන්නේ ස්තුතියි ගොඩක්

    ReplyDelete
  8. වැප් /

    පළවෙනි කොමෙන්ටුවම ලස්සනට දාල තියෙන්නෙ ගොඩක් ස්තූතියි මචන්

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...