Friday, May 28, 2010

වෙසගේ සිරි අසිරි

පුන් සද නැතත් වෙසගේ මහ රෑ අහසේ
බැලුමට ගියයි වෙසගේ සිරි සිත්සේ
මහ මග ඇවිද බැලුවයි අසිරිය වෙසගේ
දුටුවේ වෙසක් නොව අමුතුම සිරි වෙ​සගේ

සිල්ගත් ගැහුණු සුදු ඇදුමින් සැරසීලා
රසනැති දානෙ ගැන පවසයි වට වීලා
උන්ගේ මොල වලට මැටි ඇත පිරවීලා
ඒ ගැන කියන්නට මගෙ පද මදි වීලා

සුපිරිම වාහනය වහලය ඇරගෙන ආවා
එහි පිටි පස්සෙ කෙල්ලන් දෙදෙනෙක් දුටුවා
එකෙකුගෙ උඩු ඇදුම ගලවා විසි කෙරුවා
අපි නන් හොදට ඇගෙ අම්මව සිහි කෙරුවා

​ඇදලා ඩෙනිම එය ඉහලට නමලා
සුදු දිග සාය එය ඇත ඉන තෙක් පලලා
උඩු කය නිරුවතින් පන්සලෙ දන වැටිලා
කාටද වදින්නේ මේ හැටි පේ වීලා

කොල්ලන් උවත් මහ මග හැසිරෙන්නේ
උමතුව අයාලේ ගිය උන් වැන්නේ
යම ලොම යම පල්ලො මේ විදිහට එන්නේ
කොල්ලන් උවත් කොල්ලන් දැයි සැක හිතුනේ

ගෙදරට තියන හොදම ඇදුම තෝරාලා
අම්මත් එක්ක ඇය එයි හුරතල් වීලා
කොල්ලෙකු සොයා ගැනුමට අරමුණ වීලා
වෙසගේ සිරි බලන්නට ඇය ඇත පැමිණිලා

වෙසක් පුන් පොහෝ දින ගෙදරට බොරු කියලා
ඔහු එන්නේයෙ මිතුරන් හා එක් වීලා
කෙල්ලන් එක්ක බොරුවට හුරතල් වීලා
ඔහුගේ අරමුණත් කෙල්ලකු ගැනුමට හොයලා

කැරකෙන කූඩු මග දෙපසේ තිබුනාට
කෙල්ලන් කැරකීලා ගස්සල යන කලට
බාගෙට ඇදල තොල් රතු කර එන කලට
මරගන රැගුම් පරදී ​මුන්ගේ වැඩ වලට

අප මහ සමිදු මේ බව දැන සිටියා නන්
පස් මහ බැලුම් නොව මේ ගැන සිතුවා නන්
මතු බව දකින නුවනක් ඇති වී තිබුනා නන්
ඉපදී බුදු නොවී සැනසෙනු ඇත නිවනින්

කීමට ඇතත් වෙසගේ සිරි රස කරලා
දෙනතම නිදි බරයි ඒ අසිරිය බලලා
අයිදිමි එක දෙයක් ඔබ සැමටම වැදලා
සංවර ලෙසට හැසිරෙන් තෙමගුල සිහි කරලා


2 comments:

  1. වෙසක් සිරි බැලුමට
    නොයන්නෙමි බෝ විටකට
    හේතුව යන්න බැරි කම
    පාරේ නිදහස්ව කිසි විටකට

    කනට කර "හායි"
    කියන කොල්ලෝ බෝයි
    අපිට මොකටද හායි
    නොයා ඉන්නෙමි බායි

    රටේ තත්වේ ඔහොමයි
    දන් පින් උනත් තරගෙයි
    වෙසක් නම විකුණයි
    බුදු වදන් අසිහියි

    ReplyDelete
  2. ස්වප්නා /
    හික්... හික්.... හික්ස්... අනෙ මන්ද නෙ. බලන් ගියාම කෙල්ලො කොල්ලො ඔක්කොම එකයි ....

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...