Monday, May 31, 2010

මිතුරානෙනි ඔබට නිවන් සුව !!!!!!!!!!



විසි පස් අවුරුද්දක් පුරාවට
ජීවන මහ සයුර මැද
තනිව කරපින්නා ගත් ජීවිතය සමග
මහා රළ සමග උරෙන් උර ගැටී
ගෙවා දැමූ ජීවිතය
මරුවාට බිලි වුයේ කෙසේද
විවාහය නැමැති සුන්දරම සිතුවිල්ලක පැටලි
තම පෙම්වතිය අත හැර
තනිව ගමනක් යන්නට සැරසෙන නුඹ කොතරම් රුදුරුද
එන්න නැවත එක් වරක්
අප නිසා නොව
දිවි මගක අතරමන් උන
පෙම්වතිය නිසාවෙන්
අයදිමි සැමගෙන්ම නුඹට යළි ජීවය දෙන මෙන්
එක වරක් දෑස් ඇර බලනු මැන
සොවින් වැලපෙන නුඹේම සොයුරන් වෙත
යන ගමන නවතාලිය නොහැකි බව දනිමි
පතන්නට එක දෙයක් ඇත
උපදින මතු භවයෙත් අපි අතරම ඉද
ඉක්මන් නිවන් සුව හැර නුඹ වෙනුවෙන්
අසරණ මම කුමක් අයදිම්ද?????

16 comments:

  1. ඔබේ මිතුරාට නිවන් සුව පතන්නට.....මමත් ඔබත් එක්ක එක්වෙනවා...

    ReplyDelete
  2. ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ ......

    සසර වසන තුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා .....!

    ReplyDelete
  3. ඉලංදාරියා / වැප්

    ​ඔය දෙන්නටම ගොඩක් ස්තූතියි මගේ මිතුරා වෙනුවෙන් වචනයක් හරි කියල යන්න ආපු එකට..........

    ReplyDelete
  4. දුක් සීන් එකක් බං. මොනා වෙලාද නැති වුනේ. ජීවිතේ විදින්න පටන් ගත්ත කාලේ මේ වගේ දේවල් වෙන එක නම්...............අනේ මන්ද බං....දැක හදුනා කථා බහ කරලා නැති වුනත් දුක පතුලටම වදිනවා. මතු ආත්මයකවත් අකල් මරනයකට පත් නොවේවා.

    ReplyDelete
  5. මචන් මෙක තමයි අපෙ ජිවිතෙ බන් ...

    මිහිපිට අඟලක් ..
    හිමි නැති මිනිසෙක්

    මවයි මාලිගා අහසේ..............


    අපි හැමොම මාලිගා තැනුවට අපිට අතරමගදි.. මොනවා වෙයිද කියලා කියන්න බැහැ එකයි මම හැමතිස්සෙම අද ජිවත් වෙයල්ලා.. හෙට ජිවත්වෙන්න කියලා අද ජිවිතය අමතක කරන්න එපා.. මිතුරනෙ.. කියලා කියන්නෙ... මිතුරා.. ඔබෙ මිතුරාට නිවන් සුව ලැබෙවා කියා පතනවා.....

    ReplyDelete
  6. "ජීවිතය නම් තණ අග පිනි බිඳු වැන්නේ......."


    ඔබේ මිතුරාට නිවන් සුව පතනව!!!!

    ReplyDelete
  7. ඔබේ මිතුරාට නිවන් සුව පතනවා!

    ReplyDelete
  8. ඔබේ මිතුරාට නිවන් සුව පතමි!!!!

    ReplyDelete
  9. ඔබේ මියගිය මිතුරාට නිවන් සුව පතනවා. මොකක්ද වුණු සිද්ධිය ?

    ReplyDelete
  10. අප්පා, පව්..
    මට එකපාරටම, මතක් උනේ අපේ යාළු කොල්ලෙක් සුනාමියට අහුවෙලා නැති උනාම, කෙල්ල අඩපු ඇඩිල්ල..
    මොකද්ද මේ සීන් එක??

    ReplyDelete
  11. මගේ මිතුරා වෙනුවෙන් ප්‍රාර්ථනාවන් කරපු ඔය හැමෝටම ගොඩාක් ස්තූතියි.............

    ReplyDelete
  12. My Deepest Sympathies... Life keeps on teaching us new lessons :) May he Rest In Peace....

    ReplyDelete
  13. thank you I appreciate it hipo...............akkiyo........ :D

    ReplyDelete
  14. හරිම තාවකාලික බැඳිම් ගොඩක අපි හිරවෙලා ඉන්නේ ....

    ReplyDelete
  15. කාලයත් සමග එකතුවෙන සෑම බලා පොරොත්තුවක් මරනයට යන පාර කෙටි කරනවා,ඒක අපිට පොදු දෙයක් මේ සොයුරා අහිමි වීම දුකක් වුවත් පොදු ධර්ම්තාවන්ට මුහුන් දෙන්නට කාටත් සිදු වෙනවා,ඔහුට නිවන් සුව පතමි.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...