දැන් වෙලාව 1.00 ත් පහුවෙලා.. මගේ ජීවිතෙන් ටිකක් ලිව්වවොත් හොදයි කියල හිතුනා....
පළවෙනි ප්‍රේමය නැති වෙලා ආගිය අතක් නැතිව ඉන්න කාලෙ මට මගෙම නංගියෙක් හම්බ උනා... නමින් විශාකා...ඇහැලියගොඩ තමයි එයාගෙ ගම... අපි ගොඩක් ලං උනා.. ගොඩක් මං ගැන තේරුන් ගත්ත මගේම නංගියෙක්...ඉස්සල්ලම ඒ කියන්නෙ පළවෙනි දවසෙ හම්බ වෙලා මං එයාට Mc.Donald එකෙන් අයිස් ක්‍රිම් එකක් අරං දුන්නා..චොකලට් අයිස් ක්‍රිම් ඉල්ලුවෙ.. ඒක කන්න අමාරුයි.. කාපු අය දන්නව ඇතිනෙ...අමාරුවෙන් එයා ඒක කාල මට තාම මතකයි එයා එදා කියපු දේ..
"අයියෙ අද තමයි මං පළවෙනි සැරේට මෙහෙන්අයිස් ක්‍රිම් කෑවෙ.... ඒත් මේක රස නෑ කිව්ව "(හී.. හී... චොකලට් අම්බානක් වැඩිනෙ.............)මං ආයෙත් වැනිලා අයිස් ක්‍රිම් එකක් අරන් දුන්නා....හී ..හී.. ඒ සතුට මං තාමත් විදිනව...
ඒ සුන්දර හිනාවෙ මතකය තාම මං ගාව තියනව.. පස්සෙ අපි ආදරේ කරෙ නැති උනාට එයා මගෙම නංගියෙක් උනා... මට ආදරේ කරෙ නැති උනාට "ඔයා තමයි මගෙ අයිය" කියන තරමටම අපි ලං උනා... 2009 අවුරුද්දෙ ඒ කියන්නෙ මීට මාස 10කට කලින් තාම මතකයි එයා කථා කරල මට කිව්ව මං ආසයි ආයෙත්Mc.Donald එකෙන් අයිස් ක්‍රිම් කන්න මාව එක්කන් යනවද ඇහුවා... මං හා කිව්ව...
ඊට දවසකට කලින් (2009 ඔක්තොම්බර් 10..) එයාගෙ නංගි කථා කරල කිව්ව අයිය අක්ක මැරුණා ඩෙංගු හැදිල මල ගෙදර එන්න කියල.. ඒත් මං විශ්වාස කරේ නැහැ.. ඊට දවස් දෙකකට කලින් එයා මට කථා කරා...මාව බලන්න එනව කිවුව... අයිස් ක්‍රිම් කන්න ආසයි කිව්ව නංගියා............ මං කොහොමද විශ්වාස කරන්නෙ....
මං ආයෙත් ඇහුවා.... ගෙදර ලිපිනය අහගත්ත
මං මල ගෙදර ගියා....දෙවනි පාරට මගෙ පුංචි නංගියව දැක්කෙ මලමිනියක් විදියට..මේක ච්ත්‍රපටියක් නෙමේ.. සැබෑ සිදු වීමක්.. පුංචි ගෙදරක මිනිය තිබ්බෙ.. මං යද්දි සව් කොල වලින් මල් වඩමක් තිබ්බ...ඒක විතරයි තිබ්බෙ.. මගේ නංගියට තිබ්බෙ ඒක විතරයි.. ඒ මළ ගෙදරට යද්දි මං මුකුත් අරන් නොගිය දුක මං අදත් විදවනව.. අවු.21 මගේ නංගිව හිස් විදිහට වලදානව මං දැක්ක.. මං අවුරුද්දෙ දානෙ දෙන්න හිතන් ඉන්නෙ.. ඒකය මගේ යාලුවො ගොඩක් මට උදවු කරනව.. 100 වෙනි පොස්ට් එකෙන් මං එක දෙයක් ඉල්ලනව..
ඒ මගෙ නංගියට නිවන් සැප ලැබෙන්න කියල........
ඒක විතරයි මට කියන්න තියෙන්නෙ.. මං තරං කෙනෙක් නැති උනාම විදින දුක කවුරුත් විදල නැතිව ඇති..ඒ දුක කාටවත් ලැබෙන්න එපා...
100 වෙනි පොස්ට් එකෙන් මං ඉල්ලන්නෙ එක දෙයයි...
ඒක මගෙ විශාකා නංගියාට නිවන් සැප ලැබෙන්න...
මං වෙනුවෙන් එක්කෙනෙක් හරි ඒ ප්‍රාර්ථනාව කරනන්න.. මට ඒ ඇති....
මේ 100 වෙනි පෝස්ට් එක මං මගේම නංගියෙක් විදිහට බලා ගත්තු මගේම විශාකා නංගි වෙනුවෙන්..
මගේ විශාකා නංගියාට නිවන් සැප ලැබේවා!!!!
ඒකට පිං මදි නං කවද හරි මගේම දරුවෙක් වෙලා ඉපදෙන්න කියල මං ප්‍රාර්ථනා කරනව......
අනික මාව මේ තරන් දුරත් අරගෙන ආපු මගේ මේ බ්ලොග් එක කියවන හැමෝටම ගොඩක් ස්තූතියි..
නම් විදිහට කියන්න ගියොත් ගොඩක් අය ඉන්නව.. ඒ අතරින් ටිකක් කියන්නන්.. නිපූ.....සුදාරිකා...වැප්.. ගීත්..ඉලන්දාරියා.. රවා..පබලු... සමන්මලී නගා..... ගොඩක් මං ගැන හොයල බැලුව.. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි....
මගේ මේ බොලොග් එක කියවන ඔයාල නිසා තමයි මං සතුටින් ඉන්නෙ.. ඒකට ඔය හැමෝටම ගොඩක් ස්තූතියි.....ඔයාල දෙන කොමෙන්ට් එකක් බලලා මං ගොඩක් සතුටු වෙනවා..ඒ හැම දේටම ගොඩාක් ස්තූතියි....
තවනන් කියන්න මුකුත් මතක් වෙන්නැහැ... මගේ අතින් කාට හරි නොදැනුවත්ව හරි වරදක් වෙලා තියනව නන් සමා වෙන්න....
ඔයාලා හැමෝටම සතුටින් පිරිච්චි ජීවිතයක් ලැබෙන්න කියල මං පතනව...
ස්තූතියි හැමෝටම...
මචො උබත් එක්ක උබෙ දුක බෙදා ගන්න අපිත් එකතු වෙනවා. මමත් හදවතින්ම ඔයාගෙ විශාකා නගාට නිවන් සැප ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. එ වගෙම උබට තවත් උබෙ හදවතටම ලන්වෙන්න පුලුවන් විදිහෙ නන්ගි කෙනෙක් ලැබෙන්න කියලත් උබෙ 100වෙනි පොස්ට් එක දවසෙ මම ප්‍රාර්තනා කරනවා. දුක් වෙන්න එපා. ඔබට සදා ජය.
ReplyDeleteඅපි මේ ලෝකෙට එන්නෙ තනියම.. ඒ වගේම යන්නෙත් තනියම. ඒ අතරෙදි අපිට හමුවෙන අය වෙන්වෙනව ඒක කාටවත් නවත්තන්න බෑ. සියලුදේ අනිත්‍යයි කියලා තමයි බුදුරජානන්වහන්සේ දේශනාකරලා තියෙන්නේ.. හිත හදාගන්න... ඒ වගේම නංගියාට නිවන් සැප ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. 100වෙනි පොස්ට් එක මම අනිවාර්යෙන් කියවනවා...
ReplyDeleteඔයාට මමත් සුභපතනවා. ජීවිතය කියන්නේ භාදක, අභියෝග, දුක/සැප අතරින් යන්න ඕන ගමනක්
ඔයාගෙ දුක මට තේරෙනවා කීවොත් ඒක නිකම් බොරු කතාවක්....මොකද තුවාලෙ තියෙන කෙනාට තමයි එක නියම වේදනාව තේරෙන්නේ....ඒ නංගිට නිවන් සුව පතමි....ඒ වාගෙම චිරාත් කාලයක් අදහස් ගොනු වචන වලට හරවලා අපිත් එක්ක බෙදා ගන්න හැකිවේවා යැයි පතමි....
ReplyDeleteඅනේ මල්ලියො මේක හරි දුක කථාවක්. මම මගෙ මුළු සිතින්ම ඔයාගෙ නංගියාට නිවන් සුව පතනවා..අපි අතරම ඉපදිලා බුදුන් දැක් නිවන් දකින්න හැකි වෙයි.
ReplyDeleteහ්ම්....ගොඩාක් සංවේදී ඇත්ත කතාවක්.මමට නංගියෙක්ගේ අගේ ගොඩක් දැනිලා තියෙනවා.ඒ මට ඇත්තටම නංගියෙක් නැතිනිසා.ඒ හන්ද අහම්බෙන් දිවිමගේදී උඹට හමුවුන උඹේ නංගියාගේ අගේ මම දන්නවා.ඒ වේදනාව මට දැනෙනවා.ජීවිතේ කියන්නේ මේකටද කියලා හිතෙන්නේ මේවෙලාවට තමයි.
ReplyDeleteඔයාගෙම ආදරණීය විශාකා නංගියාට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරනවා....!!!
මමත් විශාකා නංගියාට නිවන්සුව පතනවා!
ReplyDeleteමම මගේ හදවතින්ම....පතනවා...උබේ ආදරනීය නංගි ට විශාකා නංගි ට නිවන්සුව පතනවා....
ReplyDeleteඒවගේ ම බොහොම ඉක්මනට උබේ හිත එලිය කරන්න පහනක් පතු වෙන්න කියලත් පතනවා .....
බ්ලොග් අවකාශය තුල තවත් බොහෝ දුර ගමනක් යන්න ....උබට දෛර්ය ලැබෙන්න කියලත් පතනවා....
මොන දේ උනත් අපි උබත් එක්ක් ඉන්නවා....
මේක තමයි මචං ජිවිතේ .... මම දන්නවා උබ හුගක් දුකින් කියලා.......
ඔබේ පැතුම් ඉටු වේවා !!!!!!!!
ReplyDeleteමං හිතනවා ඔයාගේ දෙවැනි පැතුම ඉටු වෙයි කියලා. ඒකට ඔයා ඉක්මනට හොඳ කෙනෙක් සොයාගෙන කසාඳ බඳින්න. එතකොට විශාකා නංගී ඔයාගේ දරුවෙක් වෙලා ඔයා ලඟට ඉක්මනට එයි.
100 පොස්ට් එකට මගේ සුභ පැතුම් මිතුර
හපොයි රත්තරන් මල්ලියේ...! මොනවා කියන්නද කියලා මටනං තේරෙන්නේ නෑ බං... උඹ ප්‍රාර්ථනා කරන දේවල් ඒ හැටියටම වෙන්න කියල කියනවා ප්‍රාර්ථනා කරනවා ඇරෙන්න... කර ඇති පිනක් ඇත්නම් සියල්ලම, ඒ නංගියාට, බව සසරේ අකල් මරණයකට ගොදුරු නොවෙන්න අනුමෝදන් කරවනවා..
ReplyDeleteකියන්නට දෙයක් හිතාගන්නට බෑ.
ReplyDeleteවිශාකා නංගිට නිවන් සුවම පතනවා...
ඇත්තටම වෙන මොනවා කියන්නද?
විශාකා නංගිට නිවන් සුව පතනවා.
ReplyDeleteවෙන කියන්න කිසිම දෙයක් හිතට එන්නේ නැහැ.
මමත් එකතු වෙනවා නුඹේ දුක බෙදා ගන්න... ඇයට නිවන් සුව පතමු...
ReplyDeleteඅඩෝ ජෝන් සීනා උබ මට මේ සීන් එක කියලා නැහැනේ. උබ වසලයෙක් නේ. දුක හිතෙන කථාවක් නේ. උබ ඒ නංගිට ඒ තරම් ආදරේ නම් නිවන් දකින්න ඉස්සෙල්ලා ඔයාගෙම කෙනෙක් වෙන්න කියලා ප්‍රා.ර්ථනා කරනවා.
ReplyDeleteඒක නන් ඇත්තටම චිත්ත්රපටියක වගේ...ඇත්තටම වුනා කියල හිතන්නත් අමාරුයි...ඔයා කොහොම ඒ දුක දරා ගත්තද මන්දා...
ReplyDeleteකොහොමවෙතත් ඔයාගේ ප්‍රාර්ථනාව ඉටුවෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනව
කියන්නේ මොනවද කියල හිතාගන්න බැහැ පසන්.
ReplyDeleteවිශාක නංගියට නිවන් සැප පතන්න කලින් මේවගේ අකල් මරණයක් ජාති ජාතිත් නොලැබේවා කියල ප්‍රාර්තනා කරනවා.
100 පෝස්ට් එකෙන් අපිව අඩවාවි කියල මම හිතුවේ නැහැ.
අනේ කොල්ලො... ඇස් දෙකට කඳුලු ආවා.... උබේ හිතේ තියෙන ගින්න තේරෙන්නෙ නැහ බන්... ඒත් ඒක තේරුම් ගන්නත් බැරි තරම් ලොකුයි කියල දැනෙනෙවා.
ReplyDeleteමේ වගේ ඉරණමක් ජාති ජාතිත් කිසිවෙකුට නොවේවා කියල පතනවා.
ඒ නංගිට නිවන් සුව ප්‍රාර්තනා කරනවා....
ජීවිතේ මහ පුදුම දෙයක්.
Anonymous /
ReplyDeleteකවුද කියල නමත් දාල ගියා නන් නේ හොද.. මොනව උනත් ගොඩක් ස්තූතියි මේ පැත්තට ඇවිත් නංගිය වෙනුවෙන් සටහනක් දාල ගියාට...
ගීත් | Geeth/
ගොඩක් ස්තූතියි සහෝ...
100 වෙනි පෝස්ට් එකට මම සුභ පතනවා..ඒත් මම ඔයාව අදුරන්නෑනේ අයියේ...ඔයා කවුද?ඇයි ඔයා මගේ නම දැම්මේ?
ReplyDeleteShadow/හේමලයා /
ReplyDeleteගොඩක් ස්තූතියි.. හැමදාමත් ඔයාලගෙ දිරිගැන්වීම් තිබුන නිසා තමයි මේ තරන් දුර ආවෙ..
Hipo/
ගොඩක් ස්තූතියි අක්කියො ප්‍රාර්ථනාවට.. මං දැක්ක කලින් පොස්ට් එකටත් කොමෙන්ට් කරල තිබ්බ..පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් අප්සට් එකේ උන්නනෙ...දැන් හරි...
ස්තූතියි හොයල බැලුවට... :D
෴ හසියා ෴
ReplyDeleteඒක ඇත්ත සහෝ.. නංගිල නැති අයට තමා අගේ වැඩි..ගොඩක් ස්තූතියි නංගියා වෙනුවෙන් ප්‍රර්ථනාවක් කරන්න ආවට...
හසී /
හසීල දෙන්නම එකපාර ඇවිත්.. :D.. ගොඩක් ස්තූතියි හසී...
ඉලංදාරියා/
ReplyDeleteස්තූතියි සහෝ... උඹල ලගින් ඉන්න නිසා තමයි මේ බ්ලොග් එක ඉස්සරහට යන්නෙ.. ගොඩක් ස්තූතියි මං වෙනුවෙන් කරපු හැම දේටම..
RanDil /
හ්ම්ම්ම්.. එහෙනන් ඉක්මනටම කෙනෙක් හම්බවෙයි.. ඔයා ඇවිත් දාපු පළවෙනි කොමෙන්ට් එකම හරි යන්න ඔනිනෙ..ගොඩක් ස්තූතියි මේ පැත්තට ඇවිත් සටහනක් දාල ගියාට...
තිස්ස දොඩන්ගොඩ/
ReplyDeleteගොඩක් ස්තූතියි අයියෙ.. අයියගෙත් පළවෙනි කොමෙන්ට් එක මගේ බ්ලොග් එකේ.. ගොඩක් සතුටුයි..
කුෂාන් ඇස්. වන්නිආරච්චි /
ගොඩක් ස්තූතියි සහෝ.....
Ansh Lucky Sri Jay /
ReplyDeleteස්තූතියි සිස්...
අභීත උදය බණ්ඩාර එදිරිසිංහ/
ගොඩක් ස්තූතියි...
ගීත් (සහෘදයා)/
ReplyDeleteනෑ බං මේක කලින් කිවුවෙ නෑ බං.. ඊයෙ ඒ මල ගෙදර ගිය යාලුවො ටික සෙට් උනා.. එයා මැරුණ කියල පණිවිඩය එද්දි හිටපු තැනම තමා අපි හිටියෙ.. ඉතින් ඊයෙ ඔක ගැන ගොඩක් කථා උනා..මං හිතුව 100 වෙනි පොස්ට් එක ඒ නංගිව වෙනුවෙන් දාන්න..
මාත් ප්‍රාර්තනා කරන්නෙ ඒකම තමා බං.. ගොඩක් ස්තූතියි උඹල මං වෙනුවෙන් කරන හැම දේකටම...
මද්දු /
ගොඩක් ස්තූතියි සහො.. ඔයාගෙත් පළවෙනි සටහන නෙ.. ගොඩක් සතුටුයි මේ පැත්තට ඇවිත් යන එක ගැන
පබලු/
ReplyDeleteසමාවෙන්න ඔනි.. හිතන් ඉදල දාපු පොස්ට් එකක් නෙමේ.. මට එයා වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් කියල හිතපු නිසයි 100 වෙනි එක එයා ගැන ලිව්වෙ.. කලින් හිතන් ඉදල දාපු දෙයක් නෙමේ... ගොඩක් ස්තූතියි මේ බ්ලොග් ඒකේ ඉස්සර ඉදලම මාව දිරිමත් කරන්න සහය උනාට.. ඔයාල තමයි මාව මේ තරන් දුරක් ගෙනාවෙ...ස්තූතියි ඒ හැමදේටම..
පිස්සා පලාමල්ල /
ඒක නන් ඇත්ත සහෝ.. ජීවිතය මහ පුදුම දෙයක්.. ගොඩක් ස්තූතියි නංගිය වෙනුවෙන් කරපු ප්රාර්ථනයට...
සුදාරිකා /
ReplyDeleteගොඩක් ස්තූතියි සුභ පැතුමට.. මේ ඔයාගෙ නම තිබ්බට මං ලිව්වෙ මං ලගින්ම ඉන්න වෙන නංගියෙක් ගැන.. සමාවෙන්න ඕනි වැරදි වැටහීමක් ඇති උනා නන්.. එකම නම තියන දෙන්නෙක් අදුන ගන්න ලැබීම සතුටක්.. හික්ස්.........:P..:P
මා මෙතෙක් කළ ඇති පින් සියල්ල ඔබේ නැගෙණියට අනුමෝදන් වේවා !!!
ReplyDeleteහ්ම්ම් ඔව් තමන් ළගින් හිටපු අය දාල යනකොට ගොඩක් දුක ඇති. :(
ReplyDeleteපව්. පිං කමක් ඔයා එයා වෙනුවෙන් කරනව නං, අපිටත් දායක වෙන්න පුළුවන් විදිහක් දන්වන්න.
හිත කීරි ගැස්සෙන කතාවක් මල්ලි . . . ඔයාගේ විශාකා නංගිට ජාති ජාතිවත් මේවගේ අකල් මරණයකට පත් නොවේවා කියලත් ඔයාගේ සියුලුම ප්‍රාර්ථනාවන් ඒ විදිහටම සපිරෙන්න කියලත් මමත් අනිත් අය වගේම පතන්නම් !!!
ReplyDeleteහරී/
ReplyDeleteගොඩක් ස්තූතියි සටහනට..
ස්වප්නා/
ඒ ලං වෙද්දි කියන්නං පුලුවන්නං මට මේල් එකක් දාන්න
pasan.maduranga85@gmail.com
දුමී /
ගොඩක් ස්තූතියි අයියා..
ඈයට නිවන් සුව අත් වේවා..........!
ReplyDeleteඅද තමයි පලවෙනි වතාවට මේ බ්ලොග් එක කියෙව්වෙ,
ReplyDeleteවිශාකා නංගිට නිවන් සුව පතනවා..!
ඒ වගේම, ඔයාට දිගටම ලියන්න දෛර්යය ලැබේවා....!!
පිස්සු විකාර කියවන පසන් අයියමද මේ..........
ReplyDelete