Thursday, August 12, 2010

නුඹ මගෙ වෙනවද කියන්න


සමනළතටු පිහාටුවෙන්
දේදුනුවල පැහැය අරන්
සුදු සිහිනෙක පාට ඔතන්
නැවත එන්න නුඹ රහසින්

පියඹ යන්න අහස පුරා
රන්තරු මල් පිපෙන තුරා
ආදරයෙන් ලගට වෙලා
ඉන්නවාද මගෙම වෙලා

සයුරු වෙරළ රළ මනින්න
නුඹග උකුලෙ හිස තියන්න
අහසේ තරු කැට ගනින්න
නුඹ මාගෙම වෙලා ඉන්න

හිස පිරිමැද අතගාන්න
නුඹෙ නළලට හාදු දෙන්න
මගෙ තුරුලේ හිස තියන්න
නුඹ මගෙ වෙනවද කියන්න


හ්ම්ම්ම්ම්ම්ම්........99වෙනි පොස්ට් එක.ඊලගට 100.. ආයෙත් හිතන්න ඕනි දෙයක්..හ්ම්ම්ම්ම්ම....

17 comments:

  1. සහෝ අද නම් දුකින් තොර ලස්සන පද පෙලක් ....

    [100 ත් ඉක්මනටම ලියමු මලේ .... ]

    [හේමළයාට කලින් අවා යන්තම් :D ]

    ReplyDelete
  2. මල්සර රථයක ඈ හිදුවා
    මල්මල් යහනක ඈ සතපන්නට
    සමනල ත‍ටුවෙන් පාට සොරගෙන
    හදවත ඇතුලේ සිතම් කරන්න

    දිවා රෑ නොබලා දකින හිනයට
    හෙට දිනයේ එය ඔපවත් කරන්න
    ඇය එවී බැස වලාකුලුවලින්
    ඔබේ ලොකයට එලියත් අරගෙන..

    ReplyDelete
  3. ලස්සනම ලස්සනයි පද ටික.....

    ReplyDelete
  4. හීන සයුරෙන්
    හීන අරගෙන
    මගේ වත දෝවන්න හිතුවද

    මගේ උකුලේ
    හිස තියා නුබ
    පැතුම් හද පුරවන්න හිතුවද

    නැවුම් නුබේ පෙම්
    ලොකේ පතුලේ
    සැගවෙන්න මගේ හිත කියාවිද.......

    මනරම් පද පෙළ පසන්....100 පෝස්ට් එකත් දාන්න...සුභ පැතුම්..

    ReplyDelete
  5. වැප්/

    හැමදාමත් දුකම හරියන්නැ නෙ මචෝ.. හ් නිසා ඔන්න සතුටු එකක් දැම්මා.. ස්තූතියි මං වෙනුවෙන් කරපු හැම දේටම (දන්නවනෙ ඉතින් නෙ....:P )

    ReplyDelete
  6. ඉලංදාරියා/
    මල්සර රථයක ඇය හිදුවාලා
    මංගල මාලය ගෙල වට ඔතලා
    කැන්දන් යන්නට ඇය මගෙ කරලා
    ම​ග බලමින් ඉමි මං පෙම් කුමරා

    හී හී හී.. හරිම ලස්සනයි සහෝ පද ටික.. ස්තූතියි ගොඩක්...

    ReplyDelete
  7. Shadow/හේමලයා /

    ගොඩක් ස්තූතියි සහෝ.. හැමදාම වගේ ඇවිත් යනවට...

    ReplyDelete
  8. පබලු /

    හීන සයුරෙන්
    හීන අරගෙන
    නුඹේ වත දෝවන්න දෙනවද

    නුඹගෙ උකුලේ
    සැතපි ඉන්නට
    නුඹගෙ ආදරෙ මටම දෙනවද

    මගේ ආදරෙ
    විදින්නට නුඹ
    මගේ ලගටම විත් හිදිනු මැන

    ගොඩක් ලස්සනයි පබලු... ස්තූතියි ගොඩාක්..............:D

    ReplyDelete
  9. හරිම ආදරණීය පද වැල් ටිකක්..! ලස්සනයි..

    ReplyDelete
  10. 100 ගහපන් කොල්ලා එලම එල..!
    ජයෙන් ජය පතනවා...!!!!!

    ReplyDelete
  11. අම්මට සිරි.... පට්ටයි.... මාර ලස්සනයි පද පෙල....

    ReplyDelete
  12. ලස්සනයි... මල්ලි ටික දවසක් පේන්න හිටියෙ නෑනේ. ඇති යන්තම් ඇවිල්ලා. 100 ත් ලියන්න ඉක්මනට

    ReplyDelete
  13. ෆා /

    දාපු පළවෙනි කොමෙන්ටුම ‍මයෙ හිතේ.. ගොඩක් සතුටුයි.. ස්තූතියි අගය කළාට...

    LishWish /

    ගොඩක් ස්තූතියි සහෝ.. ඔයාලගෙ දිරි ගැන්වීම් නිසා තමයි ඉස්සරහටම යන්නෙ..

    ReplyDelete
  14. අනුරාධ /

    ගොඩක් ස්තූතියි අගය කරාට..

    ස්වප්නා /

    ඔන්න අද දුක හිතෙන් නැති එකක් දැම්ම..:D.. ස්තූතියි සුභ පැතුමට..

    ReplyDelete
  15. Ansh Lucky Sri Jay /

    ගොඩක් ස්තූතියි....

    Hipo/

    මල්ලි පොඩ්ඩක් අවුලෙන් හිටියනෙ.. දැන් හරි...:D .. ස්තූතියි ගොඩක්..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...