Tuesday, August 17, 2010

මට ඔච්චම් කරනවද නුඹ.......


කියන්න
මා හැර යන බව
නෙත් කොනින් මා දෙස බලා
තවත් කුමකට
සි‍නාසේවිද නුඹ
ඔහුගෙ සුව යහනේ
සැතපෙන නුඹ
තනිව වැලපෙන මගෙ යහනට එන්නෙ ඇයි
තවත් රිද්දන්නද ඕනි
මං අඩන බව පේන්නැතිවද.....
මං අසරණයි
නුඹත් එක දන්නව නම්.......
ඉදින්
තවත් කුමට මා දෙස නෙතු යොමයිද
යන්න නුඹ
අවසර දුනිමි මම
ඒත්
ඇයි මාව රිද්දන්නෙ
නෙත් අගින් දිලිසෙන සුන්දරම සිනහව
මං ගැන දුක හිතිලද
නැත්තනම්
මට ඔච්චම් කරනවද නුඹ.......

6 comments:

  1. යන්න හදන හැමෝටමයි ගියපු හැමොටමයි ..යන්න කියපන්...
    උබේ ජිවිතේ අයිති උබට ..එක වෙන කාගේවත් නෙවෙයි..
    එක උබේ ....උබටයි අයිති....
    උබෙන් ඇත් වෙලා ගියපු දොර වහලා දාලා...
    අපි අලුත් දොරක් ඇරලා තියමු....
    ඇස් කෙවෙනි පුරාවට ‍රැදෙන....
    පුන්චි කදුලු කැටවලට ....නිවදුවක් දෙමු..
    මුලු ලෝකෙටම පෙන්න ....
    උබ හිනහාවෙයන් මචං....
    මම දන්නවා ..
    හැම අවසානයක්ම ....
    තවත් ආරම්බයක් අරගෙන එනවා කියලා....
    උබේ ජිවන පොතේ ...
    අලුත් පි‍ටුවක් ..පෙරලලා...
    අපි අලුත් දෙයක් ලියමු....
    කදුලට යන්න් අකියමු...
    හිනාවට එන්න කියමු....

    උබට කවදාකවත් වරදින්නේ නැහැ...

    ReplyDelete
  2. යන්න අරන් ඔබෙ මතක අහුරු...
    දෙන්න හදට දුන් අගුලු යතුරු....
    එන්න එපා යලි ඇවිදින් යන්නට.....
    ඉන්න ඇහැකි ඇති මයෙ තනිකම මට.....

    ReplyDelete
  3. ඉලංදාරියයයි, shadow එක්කයි සම්පූර්ණයෙන්ම එකඟයි.
    ඔබේ ජීවිතය ඔබේ
    සිනහවක් හෝ කඳුලක්
    ඔබේ ජීවිතයට ගෙන ඒමේ වගකීම ඔබේ
    සතුටින් ඉන්න හිතා ගන්න
    අලුත් දෙයක් ගැන හිතන්න
    පරණ දේවල් මත ඔච්චර නැහෙන්න එපා

    ReplyDelete
  4. ඔහුගේ යහනේ තනිවෙලා
    ඔහුගේ හද තුල සැතපිලා
    මම හිටියා......

    නුබේ යහනේ ඇහැරිලා
    නුබේ සිතුවිලි මම පතා
    උන්නු නුබ වෙත මම බලා
    හින උනේ මට
    දුක වෙලා.........

    ReplyDelete
  5. කඳුළු දෙන්න මට හඩන්න සත්සමුදුර ගොඩ ගලන්න..
    සුසුම් දෙන්න මට හෙලන්න සක්වලගල සසල වන්න...

    ReplyDelete
  6. පසන් .. මට තියෙන ප්‍රශ්ණේ මේකයි.. ඔයා මමද? මම ඔයාද? .. ඔයා බ්ලොග් එකේ ලියන දේවල් මට ඇත්තටම වෙනවා ඒ පිළිවෙලටම.. අනේ මන්දා.. මට එහෙම හිතෙනවා

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...