
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
සියලු බාධක බිද මීට දින කිහිපයකට පෙර අප විවාහ විය.පෙම්වතිය මාගේ බිරිදයි.. මා ඇගේ සැමියායි..නැවුම් වගකීම් රැසක ආරම්භයයි.සතුටක් හා බියක් මුසු ආගන්තුක නව දිවියක ඇරඹුමක අද මුල් දිනයයි..
මා සිතන්නට වීමි.. අපව වෙන් කිරීමට පැමිණි සියලු බාධක මග හැර අප ලැබූ ජයග්‍රහනය පිළිබදව මා සිත තුල ඇත්තේ අහිංසක වූ ආඩම්බරයකි..පෙම්වතිය දැන් මාගේ බිරිදයි..සියලු දුක සැප බෙදා ගනීමට ඇය මා අසල සිටී. තවද මා දුක් විදීමෙන් පලක් නැත. ඇය දැන් සියලු දේ අත්හැර මා සමග පැමිණි ඇත..
සුලුවෙන් උවද කිසිවෙකුටක් ණය නොවී අප විසින් ගත් උත්සවය පිළිබද වාර්ණනා බෙහෙවින් විය.. එහි සියලු පැසසුම යා යුත්තේ මා වෙනුවෙන් මෙවන් කැපවීමක් කළ මාගේ බිරිදටය.සිත තුල පැවති දහසකුත් අශාවන් සිතතුලම සගවා සියලු වියදම් අඩු කිරීමට ඇය ගත් උත්සහය කිසි විටකත් මා හට අමතක කළ නොහැක..මගුල් දිනය සදහා ආරධනා කළයුතු බොහෝ පිරිසක් සිටියද ලගම හිතවතුන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් උවද ඉතා මැනවින් විවාහ කටයුතු ඉටු කළ ගත හැකි වීම සතුටට කාරණයක් විය.. මුලදී දෙමාපියන් විරුද්ධ වුවද අවසානයේදී ඔවුන්ගේ පිහිටක් නොවෙන්නට අප වඩාත් අසරණ බව අප හොදින් දන්නා කාරණයකි..
අද අප විවාහ දිනයෙන් පසු නිවසෙහි ගෙවූ පළවනි දිනය විය..මීට පෙර සැමදාම මා තුරුලු කරගත් කොට්ටය සොයන්නට වීමි.. එය කොහේවත් නැත.. ආහ්... එය පෙරදින ඉවත් කළ බව සිහි වීමෙන් මා සිතට දුකක් ඇති වූවත් මගේ බිරිද මතින් නැගී ආ සුවදින් මා සිත නැහැවී යන්නට විය..
"මචං බැන්දව වෙනසක් නෑ බං.. කලින් කොට්ටයක් බදා ගෙන නිදා ගන්නව.. දැන් wife බදා ගෙන නිදා ගන්නව"
මීට දින කිහිපයකට පෙර මගේ මිතුරෙක් විසින් කිවූ වදනක් සිහි වීමෙන් සිහින් සිනාවක් දෙතොලේ සටහන් විය.. ඒකෙත් ඇත්තක් නැත්තෙම නෑ...
මා බිරිදව තදින් තුරුලු කර ගතිමි...
"හ්ම්ම්ම්ම්....."
"වෙනද කම්මැලිය අද උදෙන්ම නැගිටල නේ.."
නිදි මතින්ම උවද මා තුරුලට වන් ඇගේ සුරතල් වදන් මා සිත කුල්මත් කරන්නට වූ අතර ඈ වඩාත් ප්‍රිය කරන ඇගේ නළල සිප ගැනීමෙන් මගේ ආදරය ඇයට පෙන්වා සිටියමි..
ඇය මා තුරුලේය.. කෙසේ නම් අදහන්නද.. සතුට වවා ගත නොහැකි තරමටම උතුරා යයි..
"මං ගිහින් තේ හදන් එන්නං......"
වෙනදා නම් අම්මා ලගට ගොස් ඉල්ලා සිටීමට සිදු වූ දෙය ඉටු කිරීමට ඇය මා අසල සිටී.. වාවාගත නොහැකි සතුටකින් සිටියද ඇයට මා හැර යන්නට දීමට තරන් සිතක් නොවුනි..
"කො අතාරින්න කො.. මං ගිහින් ඉක්මනට තේ අරගෙන එන්නං.." මගේ නලලත සිප ගත් ඇගේ දගකාරකම එළෙසමය.. මා වඩාත් ප්‍රියකල ඒ සුන්දර සිනහව දැන් සදහටම මාගේ වී හමාරය..
මගේ අත ඉවත් කල ඈ මා හැර යන්නට සැරසුනි..
"අනේ.. එපා මැණික... ඉන්නකො තව ටිකක්....."
"මැණික.. කාටද යකෝ මැණික කිව්වෙ..."
සුපුරුදු කට හඩකින් තිගැස්සී ගියෙමි..
මගේ මිතුරෙකු මා අසලය..
"උඹ කොහෙද මෙහෙ??.." මා වික්ෂිප්තව ගියෙමි......
"ඇයි වස්සෝ.... තෝ මට එන්න කිව්ව නේ සෙල්ලන් කරන්න යමු කියල.. ඉතින් තෝ මහ දවල් බුදිය ගත්තම හරියනවද??.............."
"ලැජ්ජ නැද්ද හරකො මේ මහ දවල් නිදා ගන්න.."
තවත් මට මුගේ ගෝරනාඩුව ඉවසාගෙන සිටිය නොහැක....
"නෑ.. මට ලැජ්ජ නෑ.........................."
විවාහයේ පලවෙනි දවසට කෙලවූ මගේ මිතුරාට බනිමින් මුව සෝදා ගැනීමට ගියෙමි....
වෙලාවට පළවෙනි දවසේ වෙන්න ඕනි දේවල් වෙලා නෑ....එහෙම උනානම් ගුටිත් කලා නමකුතු හදාගන්නවා...පට්ට පට්ට....
ReplyDeleteහිනා කාලා මැරෙනවා.....
හික් හික්. පට්ට කථාව.
ReplyDeleteපට්ට....:)
ReplyDeleteනියම හීනේ :D
ReplyDeleteමල්ලි සරම චෙක් කරලා බැලුවද දන්නෙ නෑ යාළුවා..... :D
ReplyDeleteනියමයි....
ReplyDeleteටෙන්ට් එක බෑවද?
ReplyDeleteඔයින් ගියා මදෑ...
ReplyDeleteෂික් විතරක්! ඇත්තම කියලා හිතාගෙන කට කනේ තියාගෙන කියවගෙන ගියා.. කෑවා කෑවා. වැඩේ කෑවා.හිහි..
ReplyDeleteඑනි වේ.. නියම කතාව
කොට්ටේ ඉතිං සමා වෙයන්
ReplyDeleteඅපි වෙන් වෙමු අද හවසට
මොනවාද පසන් හීන බල බලා ඉන්නේ. සිහින සැබෑ කරගෙන අර එන්න ඉන්න දුවව ඉක්මනට ගෙන්න ගන්න.
පසා මෙක තමයි ජිවිතෙ ... හීන.. තමයි වෙන මුකුත් ඉතුරු වෙන්නෙ නැහැ... මම ටයිටල් එක දකිද්දිම දැන ගත්තා මුනම් හිනයක් ගැන වෙන්න ඔනා මෙ කියන්න යන්නෙ කියලා....මචන් මම නම් යහලුවන්ගෙ වෙඩින් වලට යද්දි ෆුල් සුට් එක ගහගෙන ගිහින් යහලු මනමාලිට පොඩ්ඩක් ටොක් කරලා, කාට හරි කියලා පොඩි පින්තුරයක් අල්ල ගන්නවා.... එක දිහැ බැලන කල්පනා කරනවා ... " කවද ද මෙ දුක විදින්නෙ..." කියලා. කරුමෙක මහත කියන්නෙ කෙල්ලෙක් මෙ ටිකෙ හිනයක් වත් නැහැ... කෙල්ලෙක් හිනෙන්.. පෙනතෙක් මානෙක නැහැ.. උබ වාසනාවන්තයෙක්.. කොයි පැත්ත බලන් ද නිදා ගන්නෙ.. මටත් කියපන් කො...
ReplyDeleteහක්ක...හක්ක..
:D :d සිරා කතාව :D
ReplyDeleteඅයියෝ :( :D
ReplyDeleteහී හී ....පිස්සුද හැටිද? කතාව නම් නියමයි පසෝ... :)
ReplyDeleteහපොයි !! මේක හීනයක් නේ... හෙහ් හේ .. කාටද දන්නේ නෑ kiss කලේ ???? ලොල්
ReplyDelete෴ හසියා ෴ /
ReplyDeleteනෑ නෑ. ඒවා හොටෙල් එකේ කරල ආවෙ.. හික්ස්.. ඒ නිසා බේරුනා..ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට
ගීත් | Geeth /
ReplyDeleteස්තූතියි....
Shadow/හේමලයා /
ස්තූතියි සහෝ....
හසී /
ReplyDeleteඅපි එහෙමයි..හීනයක් උනත් එළටම බලනව..හික්ස්...
අභීත උදය බණ්ඩාර එදිරිසිංහ/
මං සරං අදින්නැති නිසා හොදයි.... හික්ස්.....
Sri Kolla /
ReplyDeleteස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට
ම /
නෑ නෑ...කලිසමනෙ... හික්ස්... ස්තූතියි මේ පැත්තට ආවට
sameerausa/
ReplyDeleteඔයින් ගියා මදි තමා... හික්ස්...අපරාදෙ තේ එක....ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට
ෆා/
ReplyDeleteඅයියෝ...ෆා.. කවුද අනේ මේ චූටි වයසට බදින්නෙ.. හික්ස්...
ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට
RanDil /
ReplyDeleteකෝ..කෝ..කොහෙද ඒනන බලාගෙන එක්කෙනෙක් ඉන්නෙ.. ඉක්මනට කියන්න..අදම ගේනව මං එයාව..කොහෙද ඉන්නෙ කියන්නකො..
අපිට කොහෙද අනේ ඒ තරන් වාසනාවක්.. හීන තමා එකම පිහිට... හී...හී...හී...
ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට
රවා /
ReplyDeleteඋතුර බලා දකුණට හිස දාල නිදාගනින්..හොදට හීන පේනව.. හික්ස්..
අපෝ ඔය දවස ඈතින් තියන එක හොදයි බං..දැනට අම්මගෙන් විතරයි බේරෙන්න ඕනි.. ඔහොම උනොත් ගෑනිගෙනුත් බේරෙන්න ඕනිනෙ...හික්ස්..
ඒ නිසා මේ ඉන්න විදිහ හොදයි බං
Kanishka | කණියා /
ReplyDeleteස්තූතියි සහෝ...
ස්වප්නා /
දුක තමා ඉතින්.. මක්කක් කොරන්නද?? හික්ස්....
පබලු /
ReplyDeleteපිස්සු නෙමේ හැටි.. හී..හී..හී.......
ස්තූතියි....
උපරිමයි!!!! ලොවෙත් නැ!!!
ReplyDeleteපසන් තරිඳු/
ReplyDeleteආහ්...තවත් එක පසන් කෙනෙක්.. සතුටුයි මේ පැත්තට ඇවිත් ගියාට... කිස් කරේ කාවද හැබෑට.. දැන් ඒක ගැනහිතන්න වෙනව වගේ...හික්ස්...
ජංජාල චාමර /
ReplyDeleteලොවි ගහෙත් නැහැ..හික්ස්... ස්තූතියි සහෝ..
සිරා කතාව. අපරාදෙ :D
ReplyDeleteමොකද්ද බං උබ හැමදාම ලියන්නේ හීන න නේ? ෆෝම් කරලා ෆෝම් කරලා එක පාරටම බස්සනවා. ෂික්. එක්කෝ ලියපං ආපහු සැරයක් උදේ පාන්දරින් තේ බෝන්ට ඉස්සෙල්ලා වැඩකට බැස්සා කියලවත් හිත හදා ගන්නට. කෝම උනත් පාඨකයව මුලා කරන විදිහේ ලිපි ලියන්න උබ දක්ෂයා. එල.
ReplyDeleteහොඳ වෙලාවට මංගල රාත්‍රිය හීනෙන් දැක්කෙ නැත්තෙ හික්ස්
ReplyDeleteමැක්සා කතාව..
ReplyDeleteයුග දිවියට සුබ පතා කමෙන්ට් එකක් දාන්නං කියාගෙන කියවගෙන ගියේ...
මැදෑ කොලා...
LOL මචං...
අයියෝ ෆෝම් වුන ගමන් හුලං ටික බැස්සානේ .....
ReplyDeleteඋබ අපිව නන්නත්තාර කර නේ හි හි. පට්ට ආහ්....
ReplyDeleteවෙලාවට හොටෙල් එකේ කරන්න ඕනි හරිය කරේ. නැත්තම් උබ කනව යාලුවගෙන් හොඳ හැටි හික් හික්
හයියෝ......
ReplyDeleteමාර කතාව.......... උපරිමයි......
kiyala wadak na.elakiri madusamaya..hina kala marenawaa//
ReplyDeleteමරුනේ.
ReplyDelete:)
අම්බෝ බයානක හීනයක් නේ
ReplyDeleteමාර හීනයක් තමා. හිනේ හැබෑ වෙවා කියලා ප්‍රර්ථනා කරනවා
ReplyDeleteඔය හීනේ ඉක්මනටම එලිවෙන්න කියලා පතනවා මචෝ ..එලටම ලියල තියනවා ...
ReplyDeleteලෙසටම..හේ...
මෙක ලියන්වා කියල දැනගෙන අන්ටිමෙටම ..කියවපු එකා මං හේ..වෙලාවට මගදි විදුලිය විසන්දි උනේ නැහැ...
එහෙම උනානම්........
මගෙන් වදුරු කුනුහරප තමා අහගන්න වෙන්නේ..හේ..
ඇයි යකෝ එහෙනම්..මට නොකියාම .බැදලනේ...
පසන් .... පසන්.. හොද සිහියෙන් නේද මගේ මලේ....
ReplyDeleteපලවෙනි දවස නිසා හොදයි....
ඊට කලින් දවසනේ දකින්න තිබුනේ :D
ReplyDeleteහීනෙන් පෙනෙන දේවල් ගොඩක් වෙලාවට මට නම් වෙලා තියනවා ඇත්තටම. ඒක නිසා මිත්‍රයා, මං හිතනවා ඔයාටත් එහෙම වෙයි කියලා.
මමත් සුබ පතන්න කියල හිතාගෙන කියවගෙන ගියෙ....
ReplyDeleteහිහ් හී....
යාලුවගේ Timing නම් නියමයි...
මොනව වුණත් ඔය හීනෙ ඉක්මනටම එළිවෙන්න කියල පතල යන්නම්..
හෆොයි....
ReplyDeleteහත්වලාමේ වෙච්ච දෙයක්
ReplyDelete