Monday, August 23, 2010

සද වැටිලා....


අර බලන්නකො හද වැටිල
කෝ... කොහිද.. මට පේන් නැහැනෙ...
අර බලන්න .. අර පොකුණ මැද තියෙන්නනෙ
ඔව්මයි.. බලන්නකො ලස්සන
ලස්සන නෙමේ අනේ...
එයා ගිලිල මැරෙයි... මං බේර ගන්නද...
එපා. ඔයාට පිස්සු??
බලන්න ඒක එහෙම තියෙද්දි කොයිතරන් ලස්සනද
ඒ උනාට සද අමාරුවෙන් ඉන්නෙ
අසරණ වෙලා.. ඔයාට දුක නැද්ද මං බේරගන්නද??
එපා......
මං ආසයි එයා එහෙම ඉන්නව බලන්න
කොයි තරන් ලස්සනද..
වතුරෙන් යට වෙලා අසරණ වෙලා ඉන්න ලස්සන...
බලන්න ඒත් සද ලස්සනට බබළනව
මං ආසයි එයා එහෙම ඉන්නව බලන්න
ඒත් සද දුකින්නෙ
කමක් නෑ.. මං සතුටෙන්නෙ.....
ආහ්....
මොකද දුනේ
ඇයි ඔයා ගලකින් ගැහැව්වෙ
බලන්න දිය රැළි ගිහින් හිනාවෙ
න සදට වද දෙනව
කොයි තරන් ලස්සනද?
ඔයා ආස නැද්ද
මං නන් හරිම ආසයි එයා එහෙම ඉන්නවට...

10 comments:

  1. හොරර් ෆිල්ම්ස්ද මේ දවස් වල බලන්නේ. තව කෙනෙකුට වද දෙනවා වද විදිනවා වේදනා විදිනවා බලලා සතුටු වෙන්න පුළුවන් හොරර් ෆිල්ම්ස් බලන අයට නේ. ඇයි බං උබත් මේ ලියලා තියෙන්නේ ඒ වගේ එකක් නේ. හද වතුරේ ගිලිලා පන බේරගන්න දුක් විදිනවා. අතපය ගහනවා ගොඩ එන්න දගලනවා. උබ මෙතන ඒකේ සෟන්දර්ය දකිනවා. ඒ සද විදින වේදනාව දැකලා සතුටට කවි ලියනවා.

    පාපී දුෂඨයෙක් උබ

    ReplyDelete
  2. අනේ උඹ මේක හරියට තේරුම් ගත්තා නම්....

    නොවේ මෙවන් විපතක් ලොවේ...

    සද... දුකින්... ඒ කියන්නෙ සද කවුද???

    තේරුන් ගනින්කො.. මේ ගොඩ ඉන්න දෙනනෙක් කියන දෙයක් බං...

    හික්ස්...

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ගිත් අය්ය අද උබට වැරදිලා..හේ..

    මේ සද අපේ සද....... තෙරුනාද....

    අපි උබව කොහොමහරි ගොඩ ගන්න වා මචෝ ..මොකාට ඔනේ උනත් උබව ගිලිලා ඉද්දි ලසන බලන්න අපි උබව හොඩගන්න වාමයි..... සදේ අගය තේරෙන්නේ අමාවක දාට බං එක ඔය ජිවන විල ලග ඉදලා බලාගෙන ඉන්න අයට තෙරෙයි....

    උබ සැලෙන්න එපා බං...

    ReplyDelete
  5. නෑ මේකේ ඉන්නේ ආදරනීය කපල් එකකුයි වතුර පෙවිලා ගොඩඑන්න දගලන සදයි. වතුරේ ගිලිලා ගොඩඑන්න දගලන සදට ගල් ගහන පාපියා තමයි මේ ප්රේයම වන්තයා.

    ReplyDelete
  6. හ්ම්....අමුතු විදිහේ පද පෙළක්....ලස්සනයි....

    ReplyDelete
  7. සද වතුරට වැටුන නිසා තමයි ලස්සන වැඩියෙන් පේන්නේ..මේකත් හරියට හොද බූට් එකක් කන්න ඕන ආදරේ ලස්සන දකින්න...අන්න ඒ වගේ...

    @ගීත් (සහෘදයා)-මේ ප්‍රේමවන්තයා නම් ආත්මාර්තකාමියෙක්???? :P

    ReplyDelete
  8. ලස්සන පද ටිකක්.....වෙනස් සිතිවිල්ලක්....මරු...

    ReplyDelete
  9. අනේ මන්දා. මටත් මුලින් හිතුනෙ ගීත් ට හිතිච්ච විදිහටමයි..
    Shadow, සිතිවිල්ල වෙනස් නෑ අනේ. මෙයා හැමදාම ඉන්නෙ ඔය සිතිවිල්ලෙ තමයි. :) වෙනස තියෙන්නෙ අද ඒක ලියල තියන විදිහෙ විතරයි හී හී
    ඔයාව නං ගොඩ දාන්න බෑ පසන් :D

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...