Wednesday, August 25, 2010
මරුවා එන්නෙ නැතුවද මා යන්නට කැදවා......
පාට සිහින ලෝකෙක අපි උන්නා රජ කෙරුවා
ලස්සන රෝස මල් මැද හිද අපි නැටුවා
පෙර කළ පවට සැඩ සුලගක් දසතින් අවා
ලොවටත් හොරා නුඹ මාගෙන් වෙන් වූවා
දිවියම පලක් නැත නුඹ මට පිටු පෑවා
ලස්සන සිහින ලෝකෙන් මං බිම වැටුනා
මේ දුක දරන්නට මගෙ සිත සවි නැතුවා
මරුවා එන්නෙ නැතුවද මා යන්නට කැදවා
පෙර කළ සියලු පව් ගෙවලා දැම්මා
මරණය බයක් නැත මං ලොව තනි වූවා
මං මිය ගියත් හැඩුමට කවුරුත් නැතුවා
මරුවා වරෙන් විගසින් මා යන්නට කැටුවා
මතු උපදින භවේ නුඹ මට හිමි වේවා
මේවන් දුකක් නැවතත් නොලැබේවා
නුඹ නැති ලොවක් මට නම් පල නැතුවා
මරණය වරෙන් මම නම් තව බිය නැතුවා
මාරයාගේ සටහනකට මා විසින් දැමූ comment එකකි.
Subscribe to:
Post Comments (Atom)
මරණයට වඩා වේදනාත්මක ජීවිතය.....
ReplyDeleteඋපදින හැමට මරණයනම් අත් වෙනවා
ReplyDeleteහිරු අද බැස ගියත් ආයෙත් නැග එනවා
දුක් කදුලැලි නිවා හෙට සතුටක් එනවා
මිතුරේ ඉවසපං හෙට උබ රජවෙනවා
දැගිලි බැදී සතුටින් තුටු උනත් එදා
ඈ අද ගියත් නුබ සමගින් දුරස් වෙලා
හෙට දින පුදින සමන් මලක් වෙලා
කෙනෙක් එවි ඔබේ ලොකය සුවද සදා
ලෝකය තුලදි අපිවෙනුවෙන් ලියන පොත
ලියපු කෙනා බොහෝ දෙවල් ලියා ඇත
මොනවා ලිය වුනත් දෛවයේ නැමති පොත
ඉවසමු මිතුර හෙට සිනහව ලැබෙනු ඇත
Shadow/හේමලයා/
ReplyDeleteහ්ම්ම්ම.... ඒක නන් ඇත්ත සහෝ...
ඉලංදාරියා /
ReplyDeleteහෙට ගැන සිතා මං අද හිනෙහෙනවා
හෙට එන දිනත් මේ ලොව මං තනි වෙනවා
හෙට ගැන හිතල මට නම් තද වෙනවා
අද නන් මරුව ආවොත් මමනම් යනවා
හෙට කියා දෙයක් මට නම් තව නැතුවා
බොරුවට බැදීමක් පමණක් එහි ඇතුවා
හෙට ගැන සිතා අද සැනසෙන්නට බැරුවා
ඔය හෙට ලොවට කිසි දින එන්නේ හැතුවා
හෙට ගැන කියා බොරුවට සිත හදනු එපා
හෙට දින හිරු ඇවිත් මගෙ සිත රිදනු එපා
මරුවා එන මගට බාධක දමනු එපා
ඇය නැති ලොවක හෙට ගැන සිහිකරනු එපා
මලා !!
ReplyDeleteහේමලයා හා එකඟයි.
ReplyDeleteමරණය සැපයි තව ජීවත් වෙනවාට වඩා.....!!!
ReplyDeleteමරුවා නැතිව අප හැම ලතවෙන්නේ
ReplyDeleteකවදත් ඔහු නෑ හරි තැනකට එන්නේ
අද නැත්නම් හෙට ඔහු පෑමිනෙන්නේ
ඉඩ ඇත්නම් මාවත් අරගෙන යන්නේ
හසියා අයියා කියපු එක තමා මටත්........ මරණය සැපයි තව ජීවත් වෙනවාට වඩා......!!
ReplyDeleteමරණය සැපයි මරුවා ලගට එනතුරු...
ReplyDeleteසතුට අරගෙන ජීවිතේට කෙනෙක් ඒවි..බලාගෙන ඉන්න..
මරණය පතන්නේ නැතුව.. :(
harima lassana kavi peliyak
ReplyDelete