Saturday, August 28, 2010

පෙම් කවක් ලියා තරු අහස පුරාවට


පෙම් කවක් ලියා
තරු අහස පුරාවට
සද කෙමියෙන් සරසවා
සද සාවිටත් රහසේම
මගේ කුමරි ලගට විත්
කියූ කවි තුරුලේම
මා දමා යන්න යයි
කවි කිසිත් නොබලාම

තරු කැටත් හිනෙහේවි
මගේ පෙම් කවිය දැක
ඇය තවත් දුර යාවි
නොදැන ඇය කවිය වග
සද හොරෙන් සැගවේවි
මං විදින කදුල දැක
ඔවුනොවුන් හිනෙහේවි
තනිකඩය තවම මම

උරුම නැති පෙම් හිතට
ඇයිද නුඹ ලං වුනේ
මගේ සිත හඩවන්න
ඇයිද මං පෙම් කරේ
දුර උන්න නුඹට
ඇයිද මං ලං වුනේ
පෙම් කරපු පවට මට
මේ දුකද හිමි වුනේ

18 comments:

  1. මරු කවිය. ලස්සනයි....නමුත් මම නම් කියන්නේ මෙහෙම

    හදා ගන්න හැදුවට අමතක කර දාලා
    හීන වලින් වද දෙනවා මුලාවේ දාලා
    එපා තවත් ලංවෙන්නට කදුළු සලාලා
    සමාවෙන්න රත්තරනේ ආදරෙයි කියාලා

    කදුළු බිංදු එකතු කරන් පුංචි ඇස් ලග
    නෙතු මත මගෙ සරන්නෙපා හීනෙකින් වුව
    සැබෑ ලොවේ නැති සෙනෙහස කුමට නිදි ලොව
    නුඹත් එපා පෙමත් එපා රැදෙනු ගිය තැන

    හිතන්නෙපා ඒවි කියා නුබේ පා ලග
    අයදින්නට නුඹේ සුන්දර චපල සෙනෙහස
    හැකි නම් නුඹ සැනසෙන්නට වෙනකෙකු ලග
    කුමකට මා තනිවෙන්නද කදුළු හල හල

    ReplyDelete
  2. ගීත්ගේ සටහන පිළිබද විචාරයක්...

    පෙම්වතකුගේ සිත තුල පවතින ආදරයත් විරහවත් කෝපයත් මැනවින් විදහා දක්වන පද පෙලක් ලෙස දැක්විය හැක..

    හදා ගන්න හැදුවට අමතක කර දාලා
    හීන වලින් වද දෙනවා මුලාවේ දාලා

    අමතක කිරීමට කොතරම් උත්සහ කලද හිතේ පවතින ආදරය නිසා සිහිනෙන් පවා ඇගේ රුව පෙපෙන බව කවියා ඉතා දුක් මුසු ආකාරයෙන් පෙන්වා දෙයි...

    කදුළු බිංදු එකතු කරන් පුංචි ඇස් ලග
    නෙතු මත මගෙ සරන්නෙපා හීනෙකින් වුව

    විරහ වේදනවාවෙන් තමා හඩනා බව කවියා සිහිපත් කරන්නේ පාඨකයාගේද නෙතට කදුලක් උනවමින

    හිතන්නෙපා ඒවි කියා නුබේ පා ලග
    අයදින්නට නුඹේ සුන්දර චපල සෙනෙහස
    හැකි නම් නුඹ සැනසෙන්නට වෙනකෙකු ලග
    කුමකට මා තනිවෙන්නද කදුළු හල හල

    හදපුරා කෑකැරෙන කෝපය මෙලෙස කවියා පිට කරන්නේ හුදෙක් ඇයට ඇති ආදරය නිසාවෙන් හැර අන් කුමකටද??

    ReplyDelete
  3. ගිය බස් එකට අත දමදම කැගහලා
    පලක් නොමැත කාලය යයි ඉගිල්ලිලා
    නුබගැන නොතකනා හිතලග නැවතිලා
    ගෙවන්න වෙන්නේ උබේ දිවියම පැරදිලා

    කෙලන් කියනේ පාරේ යන බස්වැනිය
    එකක් මිස් උනොත් අනිකෙ අයා හැකිය
    ඒ බව දැන දැනත් උබ කරනා කෙලිය
    දැක දක ඉවසන්න බැහැ අද සිතුවිලි රළුය

    ReplyDelete
  4. පාරේ බස් ගොඩක් එහෙ මෙහෙ යනවා
    මට මගේ පාරෙ යන බස් නැතිවෙනවා
    අන් මග යන බස් වල ම‍ට ඉඩ නැතුවා
    ඒ හින්දාම මං පාරේ තනි වෙනවා

    හික්ස්.....:D

    ReplyDelete
  5. පාරේ බස් නැතත් ත්‍රී විල් නම් යනවා.....
    යායුතු මගේ එවානම් ගෙනියනවා
    වියදම වැඩි උනත් සැපනම් උතුරනවා
    අතරමන් නොවි එකේවත් නැග යනවා..

    ReplyDelete
  6. ඉලංදාරියා /

    ගමනේ ටික දුරක් යනවිට ඉඩ මදි වෙනවා
    පවුලට තවත් අය ටික ටික වැඩි වෙනවා
    ත්‍රී විල් ගමන ඒ හින්දා පල නැති වෙනවා
    තව බසයක් එනකම්ම මං මෙහෙ පල් වෙනවා

    ........:D

    ReplyDelete
  7. පුංචි පවුල රත්තරන්ය උබ දන්නවද
    වියදම අහසට නගිනවා එය පේනවද
    ඒ ගැන දැක දැක මෙහෙම වෙනවද
    පවුලේ බර වැඩිවෙනකොට තරු පෙනේවිද

    ReplyDelete
  8. වියදම දරන්නට බැරි උන කලක
    දරුවන් සහ බිරිද වෙයි මට නම් සැපත
    දැන්මම හිතල වියදම ගැන එලෙස
    කුමටද නැති කර ගන්නෙ මිහිරම මගෙ පවුල

    ReplyDelete
  9. එහෙනම් මචං හැක 1,2,3,4, ක් යන්ට
    හැකිනම් ඉතින් ඔය බර ඉවසාගන්ට
    උබහිතනා ලෙසට හැමදේ ඉ‍ටු වෙන්ට
    නැතිනම් උපත් පාලන ක්‍රම සිහියට ගන්ට

    ReplyDelete
  10. ඇත්තට ම ආදරේ කලා ම මේ වගේ දුකක් දැනෙන එක පුදුමයක් නෙමේ ...

    ReplyDelete
  11. යන්නට හැකි වුවත් 2 3 4 ක්ම
    ගැස්සෙන විටදි කරදර වෙයි කන්දක්ම
    සුපුරුදු ලෙසම බස් වල ඇති සැපම
    ත්‍රි වීලයකට නම් නොවේ අසම සම

    නැතිනම් උපත් පාලන ක්‍රම සිහියට ගන්ට
    බිරිදක් උවමනා වෙයි මට එය කරන්නට
    බිරිදක් වෙලා ඉක්මනටම ගෙට ගන්ට
    කෙ‍ල්ලෙක් නොව හොයන්නේ තේරෙන්නැද්ද තොට

    ReplyDelete
  12. Kanishka Hennayake/

    ඒක් ඇත්ත සහෝ... ස්තූතියි සටහනට....

    ReplyDelete
  13. හ්ම්.....අදනම් මා ගොළු වුනා.....
    :'(

    ReplyDelete
  14. ෴ හසියා ෴ /

    ඒ මොකද ඒ....:O

    :D .... ස්තූතියි ඇවිත් ගියාට

    ReplyDelete
  15. මට තේරෙනවා උබ ඔය කරනාකෙලිය
    හැර ගිය උන් ගැන මොටද ඔය හැටියට සුදිය
    ඕනැනම් කෙනෙක් කරකාරෙට ගන්ට
    අහු මුලු වල තියන කුනු ටික පිහගන්ට

    ඉරනම් කාරියක් ඇත් උබේ නල්ලේ කොටා
    වෙලාව ආතැනදී එවි උබව සොයා
    එතකන් ඉවසපන් දිලා දුකට නිමා
    හෙට මංගල සීනු හැඩවෙන්නේ උබට තමා

    ජය මචෝ......

    ReplyDelete
  16. උඹත් මාත් අප දෙදෙනාම
    ඉන්නේ එක බෝට්ටුවක් තුල නොවෙද
    ඒකයි ගොළුවුනේ කියවා අද ලිපිය
    මෙනාකරන්නද බං දුක හිමි අපිටමය

    ReplyDelete
  17. මම නම් ආදරේ කලෙමි...දැනුත් කරමි...ඒත් ඔය තරම් වේදනාඅක් අත් නොදැක්කෙමි.....සමහර විට මම හැඟුම්බර අඩු ඇති....:((

    ReplyDelete
  18. කවිත් කියාගෙන සද තරු පිරිවරණ
    ඇවිත් ගියා එහෙමයි කවදත් අඟන
    තවත් කෙනක් ඇවිඳින් යන තුරු තැවෙන
    එකත් ඒ තරම් හොද වැඩකට නොවන

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...