මිතුරියකගේ ඇදුනුම්කම මත හදුනාගත් ඈ සමග කථා කල දින කිහිපය තුල පෙර කිසිම මිතුරියකුගෙන් නොලද රැකවරනයක් හා ආදරයක් මට දැනෙන්නට විය.මීට මාස කිහිපයකට පෙර සාදයකදි මුණ ගැසුන අප දෙදෙන මෙතරම් ලගින් ඇසුරු කරාවියයි මා කිසිවිටකත් නොසිතුවෙමි.දුරකථනයෙන් දිවා රෑ දොඩමලුව අප පෙම් බස් නොදෙඩවුවද ඒ ගත කළ කාලය මා සිත තුල මතක සටහන් අහුරක් සනිටුහන් කර හමාරය .පෙර දින රාත්රියෙහි මා දුරකථයෙන් කල සංවාදය නැවතත් සවත් පෙති තුල දෝංකාරය දෙන්නට විය.
"හංසි........:
"හ්ම්ම්ම්ම්.........."
"ඇයි කථා කරන්නැත්තෙ?"
"නෑ මං ඔයා කියන දේ අහන් ඉන්නෙ.....ඉතින් කියන්නකො මොනව හරි"
සුසුමක් හෙලූ මා සිතට එවන් වදනක් අවේ කෙලෙසක දැයි මා දැනුදු කල්පනා කරමි..මුවගට නැගුන සිහින් සිනහව සමගින් නැවතත් අතීතයතුල කිමිදෙන්නට විය.
"අපි හෙට හම්බවෙමුද හංසි?........"
"හ්ම්ම්ම්ම්....ඇයි එකපාරටම එහෙම අහන්නෙ"
"මට කියන්නකො.. ඔයාට පුලුවන්ද මාව හම්බවෙන්න එන්න...."
"මං ඔයාව ගොඩක් විශ්වාස කරනවානෙ... ඉතින් මං මොකටද බෑ කියන්නෙ...."
මෙවන් වූ වදනක් කිසි ලෙසකින්වත් අපේක්ෂා නොකල මා සිත තුල උතුරා ගිය සතුට කියා නිම කළ නොහැක.ඒ මොහතේ ඇයගේ මුවගට නැගුන හුරතල් සිනහව තවම සිත තුව දෝංකාරය දෙන්නා වැනිය.ඒ සුන්දර මොහොත තුල ගිලී පිහිනමින් සිටියදී මා අත දැවටුන සුසිනිදු අතක් නිසාවෙන් මා ගැස්සී ගියෙමි.
"මොකෝ රට අල්ලනද කල්පනාව?............."
සිනහවන විට වල ගැසෙන දෙකපොල් ද සුලගට දග කරන කෙහෙරැල් තුලින් මා ඇගේ දුටු සුන්දරත්වය කෙසේ නම් විස්තර කරන්නද?
"මොකද අනේ බය වෙලා වගේ මං දිහා බලංනෙ?..........."
මුවගට නැගුන සිනහව ආයාසෙන් මැඩගත් මා ඇය සමග දොඩමලුවන්නට වීමි.
"හ්ම්ම්මම්ම්.........ඔයා හරි ලස්සනයිනෙ........"
"ඔවු අපි ලස්සනයි තමා...මගෙ නංගිව දැකල නැද්ද..එයා මටත් වඩා ලස්සනයි....."
නිතරම මා සමග රන්ඩු කළ ඈ මා සමග මෙතරම් කෙළිලෙල් ආකාරයෙන් කථා කරාවියැයි මා නොසිතුවෙමි. ඇය සමග දොඩමලු වන්නට වචන නැත.ඇය ගිරවියක් මෙන් කියවාගෙන යයි..විටක මාගේ ගති පැවතුම් ගැන පවසයි..ඒවාගේ වැරදි සොයා දිවයයි..මා පොඩි ලමයෙක් මෙනැයි පවසයි..ඒ සියල්ල අසා සිටිමට මා සිත මහත් සේ ඇලුම් කරයි.ඇය බනින විට මා තවත් ප්රිය කරයි.
සුලගට දග කරල කෙහෙලැලි සමග පොර බදිමින් ඈත අනන්තය දෙස බලාගෙන සිටි ඇගේ අසිරිය මෙතරම් යැයි විස්තර කළ නොහැක..දිගු නාසයත් පැහැපත් සමත් සමගින් අතෝරක් නැති දොඩමලුව ලෙලදෙන තොල් පෙතින් මගේ සිත තුල ඈ පිළීබද වර්ණවත් සිතුවම් නගන්නට විය.
"හංසි.........."
"හ්ම්ම්ම්ම්............"
"මං ඔයාට ආදරෙයි............"
මුලු ලොවම මොහොතකට නැවතුනා වැනිය..ඒ වදන් පෙල ගැලපීමට මා සිතට හැකියාවක් ඇති වූයේකෙලෙසකදැයි මා සිතන්නට විමී..හදවත ගැහෙන රිද්මය වඩාත් පැහැදිලිව සවන් පෙති මත පතිත විය. ඇය තවමත් නිසොල්මන්ව මා දෙස නෙතු යොමා සිටී..ඇයගේ දෙනෙත කදුලින් බර වූයේ සතුට නිසාවෙන්ද නැතිනම් දුකක් නැගුනයෙන්ද යන්න මා හට සිතීමට අවැසි වූයේ නැත..ඇයගේ කරවට අත යැවූ මා ඇයගේ හිස මා පපුතුරහි සගවා ගතිමි.
"මං ඔයාට ආදරෙයි මැණික්...ඇත්තමයි..........."
අය තවමත් නිහඩවය..
"මට මැණික කියන්න එපා..."
"ඇයි ඒ?"
"මං ආස නෑ"
"හ්ම්ම්ම්ම්...ඉතින් මං ඔයාට මැණික කිව්වෙ නෑනෙ.........."
"ඇයි දැන් කිව්වෙ........."
"නෑ මං කිව්වෙ මැණික් කියලා.....මැණික කියන්නෙ එකයි..ඔයා මට ගොඩක්....ඒ නිසා මං මැණික් කිව්වා....."
ඇය කොපය සිතේ රදවාගෙන සිහින් හඩින් සිනාසෙනු ඇසින...
"පිස්සා......."
එය ඇගේ නොරිස්සුමයි
සිහින් සිනහවක් සිතතුල රදවාගෙන මා නැවතත් ඇයගේ සවන් මතට බර උනෙමි
"මට ආදරයිද හංසි.........."
හ්ම්ම්ම්ම්මම්..................
"මං ඔයාට ආදරෙයි....ඇත්තමයි"........
සතුට වාවාගත නොහැක.දෙනෙත් කදුලින් පිරී යන්නෙ හුදෙක් සිතට නැගුන සතුට නිසාවෙන් බව මා දනිමි
කා......................ට්
නිහඩ පරිසරය දෙදුරුවා අධ්යක්ශක වරයාගේ විධානය ගිගුම් දෙන්නට විය..මා සමීපයට පැමිණි අධ්යක්ශකවරයා
"වෙල්ඩං බෝයි වෙල්ඩන්..." යැයි පවසමින් ඉදිරියට යන්නට විය..
බොහෝ හවස් වී ඇති නිසාවෙන් අදට රූගත කිරීම් සිදු නොවන බව අප හොදින් දන්නා කාරණයකි..
"පුතා..ආයෙ අගහරුවාදා ෂූටින්...හවස 5ට..වෙලාව වරද්දන්න බෑ....හරිද?....."
ඒ අප ටෙලි නාටකයේ අධ්යක්ශක වරයාගේ අවසන් වදන් පෙලයි..සුන්දර යුවතිය වන නාටකයේ ප්රධාන නිළීය වෙත පිය මං කල මා ඇයට සුභ පතා නැවතත් නිවසට යාමට මෝටර් රථය වෙතට නැගුනෙමි..
දිගටම ලියමු බන් මේ කතාව..ලසනට ලියමු එල එල උබ ලසනට කියල තියවා//
ReplyDeleteඋඹට ටෙලියක හරි ඔහොම වාසනාවක්...
ReplyDeleteඅනේ අපිට.. :(
කවුද බන් අධ්යක්ෂක කියන්නේ .........කොල්ලාගේ නමද :D
ReplyDeleteමචන් දිගටම ලියපන්ස්
හ්ම්ම්ම්ම්.....
ReplyDeleteහැමදාම වගේ අදත් අතර මං කලා.හහ්...හහ්....හැමෝම කියනවා වගේ මේක දිගටම ලියමු එහෙනම් ෙම්ක
ReplyDeleteඅප්පට සිරි මම හිතාන උන්නෙ ඇත්තම සීන් එකක් කියලා...කට් කිවම මාත් උඩ ගියා :D
ReplyDeleteමරුය..සිරාය..එළය :D
ඉතිරි කොටස් බලාපොරොත්තු වෙමි...!!
ReplyDeleteඅන්දොස් උනානේ cut කිව්ව හැටියේ....නියමයි...!!!!
ReplyDeleteඔය අධ්යක්ෂක පොරව කන්න නෑනේ.. මට දැනෙන විදියට උච්චතම තැන පහු කරලා තත්පරයක් යන්න කලින් කට් කියලානේ...
ReplyDeleteකථාවේ මැදහරිය කියවන් යද්දි උඹට සුභපතන්නේ කොහොමද කියල කල්පනා කරකර හිටියේ හි හි.. කමක් නෑ දිගටම ලියපං එහෙනම්, කවද හරි නිලියව ගොඩදාගත්ත දවසට සුභපතන්න බැරියෑ...
ReplyDeleteකෑව කෑව !! අධ්යක්ෂ වැඩේ කැව... සිහිනයක් වගේ ලස්සන කතාව කෑව... කොහෙන්ද මේ අධ්යක්ෂ කඩාපාත් වුනේ....
ReplyDeleteමොනා වුනත් එල ඔයා හොඳට ලියනව... දිගටම ලියන්න සුබපැතුම් !!!
කෑවනේන්නම් වැඩේ කට් කියලා
ReplyDeleteශිහ්...... මොකෙක්වත් නැද්ද ඔය අධ්යක්ෂකව කට් කරන්න...... ආ නිෂ්පාදකට කිව්වා නම් කරයි...... අපි නිෂ්පාදක අංකල්ට කියලා අපිට ගැලපෙන අධ්යක්ෂක කෙනෙක් ගමු........ :D :D :D :D කොහොමද හා මොළේ?????
ReplyDeleteඅනේ වාසනාවන් ..... :D
ReplyDeleteනියමයි මිත්රයා. කතාව කියවන මනුස්සයාව නියමෙට කතාවට ඇඳලා අරන් තියනවා. සුපිරියි :)
ReplyDeleteමම හිතුවෙ ඇත්ත කියල... හිඃ හිඃ... ලස්සනයි... ඇත්තටම වුනා නම් තවත් ශොක්...
ReplyDelete