Sunday, October 17, 2010

මිහිදුම් වළා මැද සිත්තම් කරමි නුඹෙ රුව.....


මිහිදුම් වලා මැද
සිත්තම් කරමි නුඹෙ රුව
රන් තරු වලින් සරසා
දේදුනු පැහැයෙන්
ඔප දමා
සිත් අහස මැද
සදක් සේ රදවා
බලමි නුඹෙ රුව
සිත්තමක තෙලි තුඩක
වියළි බව නොදනිමිද
ඒ තුඩට පැහැය දී
සිත්තමත් හඩවයිද
තරුත් නැති අහස් කුස
සදකෙසේ බබලයිද
නේක තරු දිලෙන විට
සද කෙසේ හිනැහෙයිද
ඇත එන වළාකුලු
නුඹෙ සුවද ගෙන එයිද
ඒ සුවද විදගන්න
මියෙන්නට පෙර හැකිවේද.......

4 comments:

  1. සතුටේ උණුසුමත්
    සෑනසුමේ සිසිලසත්
    විඳිනවා අනේ ඔබ
    ඈගේ දෙනෙත් යුග බලාගෙන
    ඔබේ සිත
    ඔබේ ගත
    ඒකත්මික වෙලා
    ඈහේ ඈස් පියන් යට
    ඔහේ ඈත හෑංගිලා

    ReplyDelete
  2. ඇත්තටම ලස්සනයි......එතකොට බොරුවට...ඒත් ලස්සනයි ඕන්....

    ReplyDelete
  3. ලස්සනයි පසා..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...
There was an error in this gadget