Friday, October 15, 2010

මේ සුභ සිහිනයෙ එළිය දකින්නට


සිහින මලින් නුඹ මුව සරසන්නට
මල හතක් ගෙන ගෙල පලදන්නට
රන් පොරුව මත නුඹ හිදවන්නට
දවස ලගයි දැන් රැය එළිවන්නට

සීතල කදුරට නුඹ ගෙන යන්නට
මිහිදුම් සලුවෙන් නුඹ සරසන්නට
ලස්සන සයනක නුඹ සතපන්නට
දිනයි ලගයි නුඹ මගේම වන්නට

වාලාකුළක නැග පාවී යන්නට
රන් තරු අතරින් පියඹා යන්නට
පුන් සද තනියට අහසේ දිලෙන්නට
නුඹ එනවද මට සිහින දකින්නට

දෑගලි එක්කර අතපැන් ලන්නට
ලස්සන ආසිරි පැතුමි ලබන්නට
මේ සුභ සිහිනයෙ එළිය දකින්නට
දිනයක් එවිද මට හිනෙහෙන්නට

5 comments:

  1. ලස්සනයි
    සිහිනය ඉක්මනට සැබෑ ෙවවා //////

    ReplyDelete
  2. ඒවි ඒවි ලගදිම ඒවි

    ReplyDelete
  3. බයවෙන්න එපා මචෝ ඒදවස වෑඩි ඈතක නෙවෙයි ලගදිම උදාවෙනවා..

    ReplyDelete
  4. ලස්සනයි පසන්...!!! :)

    හිනහෙන්න නෙවෙයි හිනහිලා ආයේ හිනාවෙන්න පුලුවන් දවසක් ඉක්මනටම එන්න කියල ප්‍රාර්ථනා කරනවා.. :) :)

    ReplyDelete
  5. අනිවා... ලඟදිම ඒවි :D

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...