වන උයන් මැද
දහසක් තුරු මත මලින් බරවී තිබුනද
නෙතු ගැටුන හැම මලම පරදා
නෙතු යොමන්නට සිතුනෙ ඇයි මට?
පිණි මතින් දෙපයට පාවඩ නැතුවමද
උස් ඔටුනු නැති උමතු හදවතක් තුරුලු කර
නුඹට ලං වෙන්නට නොසිතු මොහොතක
සැනෙසෙන්නට හිඳ ගතිමි නුඹෙ දෙපා අභියස
රැදෙන්නට අවසර නොලැබුනිද මා හට
දෙපා කෙලෙසින් පිය නගන්නද
නුඹට පෙම් කළ අරුම කෙලෙසක
කියන්නට හැකි වේද මතුදින
නළලත රන් තැල්ල නැතිවද
ගෙල වටට බැඳි මුතු මාල කුමටද
ගෙන යන්න නුඹ හිමිකාරි කෙලසද
කියන්නේ ඇති පෙමක් මෙලෙසක
හිස තියන් නුඹ හදවතේ ඉම
අසා ඉමි මම නුඹෙ හදේ හඩ
කියන්නට බැරි කමින් මගෙ පෙම
නුඹ තුරෙල ඉමි නුඹට රහසෙම...
රහසින් නොඉද ලං වුනානම් හිතට..
ReplyDeleteලැබෙනු ඇත අවසර...
පෙම මිහිරි බව දැනම...
හිකිස්... සෝක මුඩ් උනත් ලස්සනට ලියවිලා......
ල්ස්සනයිනම් තමයි හේ ඒත් මම මෙදව්ස්වල උබෙන් මෙවගේ එකක් බලපොරොතු උනේ නෑ හේ....
ReplyDeleteනුබට හොරෙන් නුඹ හින්දා
ReplyDeleteහීන ගෙතුවේ මම හින්දා
මගේ හිනය මියැදුනු දා
තනියම තනිකම වින්දා...
මෙහෙම කවියක් මම ලිව්වා මීට හුග කාලෙකට කලින්..මේ කවියට හොදම පිළිතුර එක කියල මට හිතෙන්නේ.
ලස්සනයි වෙනද වගේම...
අපි හිතන පතන දේවල් හැමදේම අපිට ලැබෙන්නේ නෑ! ඒකයි ඇත්ත... ලස්සනයි!
ReplyDelete