හංස ගීතය
එකින් එක පද ගලපා
තාලයක් නැති ගීයකින් ගයලා
කැඩපතක රූව මකා දමලා
හංස ගීතය ලියමි ඉදුරා
කිඳුර නුඹ තනිවෙනා අඳුරේ
බොල් සුලග ඉකි බිඳිනු ඇසුනේ
පෙණ බිදිති රළ හඩන මොහොතේ
හංස ගීතය ඇසෙයි රහසේ
වියළි පොළවේ රළ හඩා වැටුනේ
දෙපා සටහන් මකා දැමුනේ
දෙඅත මෙලෙසක බිදුන මොහොතේ
හංස ගීතය කිමද වැයුනේ
පියවෙනා නෙතු ඉමක සසරේ
නුඹ එතැයි සිතමිනා වැයුවේ
දෙනෙත කදුලින් හඩා වැටුනේ
හංස ගීතය කිමද ඇසුනේ
වෙනස්ම ආකාරයක ලස්සනක් ඉස්මතු වුන පැදි පෙළක්
ReplyDeleteගයන්නට හංස ගීතය
ReplyDeleteනුඹ ළපට් වැඩියි සොයුර..
මහ මේඝ ඝර්ජනා
මොසම් වැසි ඇද හැලී...
ලොවම වැනසීයන ලෙස
හඩනු නොහැකිය නුඹට
අහිංසක නිසා ඔය හිත.....
අනේ මන්දා සුදු හංසිත් මොනවා හිතේ තියාගෙන මේවා කියනවද කියලා....
ReplyDeleteඅභීත
ReplyDeleteආහ් :O
ලස්සනයි පසන් සහෝ....වෙනස් ආකාරයක වෙනස් පද මිමිණුමක්....
ReplyDeleteපියවෙනා නෙතු ඉමක සසරේ
ReplyDeleteනුඹ එතැයි සිතමිනා වැයුවේ
දෙනෙත කදුලින් හඩා වැටුනේ
හංස ගීතය කිමද ඇසුනේ
හංස ගීතය වෙනස්ම පද පෙළක්.. :)
හරිම අපූරුයි යාළු
ReplyDelete