ඇවිදන් යන්න මා හා තුරු මල් මතින
දේදුණු වියන් බැඳි ආදර බස් දොඩන
කුමරිය නුඹද පෙම්බරි මා පෙම් කරන
සිහිනෙක පාට විසිතුරු වීලද ඉතින
සිත්තම් කෙරුනු සිත්තම නුඹමද ලඳුන
ගෙත්තම් කරපු මල් විසිතුරු මන බදින
කොහිසිට පැමිණි අගනක් දැයි කියනු මැන
පුන් සඳ ඈත අහසේ පායා ඉන්න
කලුවර හදට එළියක් වී පායන්න
තරු මල් රටා විසිතුරු වී හිනහෙන්න
තනිවුන හඳට මල් කැකුලියේ පුබුදින්න...
තනිවුන හිතේ ආදර මල් පිබිදෙන්නේ
රන් සමනළුන් නැතිවද තව එය දන්නේ
සියතුන් කොහිද නැතිවද ගී නද දෙන්නේ
පෙම්බරි කිමද මා හඳ නුඹ මන බැන්දේ
(සුභ පැතිමෙන් හෝ විකාර සිතීමෙන් වලකින්න..සිතට නැගුන කවි පද වැලක් පමණි...) ..:-D
ඇත්තටම කිව්වත් වගේ නියමයි..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteලස්සනයි!!
ReplyDeleteඑළ එළ නියමයි පදපෙල ...
ReplyDeleteමල්සරා විදවත්ද..?
හ්ම්ම්ම්ම්මම්ම්....විදින්න පුළුහන් පද පෙළක්....නියමයි අයියේ....
ReplyDeleteඇත්තටම ලස්සන ආදරණිය ආරාධනාවක් වගේ...
ReplyDeletelassanai...............
ReplyDeleteසුබ පත්නනෙත් නැහැ.... විකාර හිතන්නෙත් නැහැ... හැබැයි ඉතින් හිතුන දේ කියන්නට වෙනවා.............
ReplyDelete********
**********
*******************
****************************
මට ඉරිසියා හිතුනා....මේහෙම ලස්සනට මට ලියන්න බැනේ.........
කියවන හිතක ආදරේ ගැන සිතුවිලි ඇති කරන්න මේ ලස්සන කවි පෙළ සමත් වුනා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි.
ReplyDeleteලස්සනට ආරධනා කරලා
ReplyDeleteහරිම ලස්සනයි පතයෝ :)
හිතට දැනෙන්නම ලියලා
රැ අහසේ පැයු සඳ
ReplyDeleteතරු දිලුනා තනියට ඒ පුන් සඳ
සිත් අහසේ දිලි සද නුඹ
මන බැදුනලු රහසින් ඇගේ
මගේ සකිසඳ....
ගන අඳුරට එළිය වෙන්න
පිනි සීතට ලඟට එන්න
පැතු සිහිනෙක සතපවන්න
ඈ ආසලු නුඹේ වෙන්න....
ලත්තනයි අලේ....( අලේ කිව්වේ අර්තාපල් හොදේ) :P
පබලු