Wednesday, January 19, 2011

විවාහ වී සැමියා/බිරිදව ඔබ මරනවාද...??

මගෙ වයිෆ් මට ඉස්සර තරන් ආදරේ නෑ..එයා දැන් වෙනස් වෙලා.. මොන කරුමෙකට බැන්ඳද මන්දා??

මගේ හස්බන්ඩ් මට ආදරේ නෑ.. එයා මාව ගනන් ගන්නෑ.. මෙවන් වූ වදන් දිනකට කොපමණ පිරිසක් කියනු අසා ඇතිද?? එලෙස සිදුවන්නේ ඇයි.. පෙර ආදරයෙන් සිටි අය විවාහයෙන් පසු වෙනස් ‍වන්නේ ඇයි??

විවාහය යනු.. අදරය‍ පමණක්ද.. නැතිනම්. ආදරය ආරක්ෂාව රැකවරණය යන සියල්ලගේම සම්මිශ්‍රනයක්ද... හිතන්න.. විවාහයෙන් පසු අපේක්ෂා කරනුයේ ආදරය පමණක්මද.....තනිකඩ ජීවිතයට වඩා විවාහ ජීවිතයතුල සාපේක්ෂව ගත්කල විවාහක මිනිසුන් වඩාත් තෘප්තිමත් දිවි පෙවතක් පවත්වාගනී...
විවාහක පුද්ගලයින් අවිවාහක පුද්ගලයින්ට වඩා වැඩියෙන්

සෞඛ්‍ය ආරක්ෂිත දිවි පෙවතක්
ප්‍රිතිමත් දිවි පෙවතක්
වැඩි අදායමක් ලබන අතර
වඩාත් තෘප්තිමත් ලිංගික ජීවිතයක්
වැඩි ආයුකාලයක්

යන අංශ භුක්තියට උරුමකම් කිවයුතු අතර නමුත් එවැන්නැක් ඔවුන් සැබවින්ම අත්විදින්නේද.. සුන්දර දිව්‍ය විමානය අපායක් බවට පත්කරගන්නේ තමන් විසින්ම නොවේද...ගැහැනුන් සහ පිරිමින් සැබැවින්ම වෙනස්ය..ගැහැනුන් සංකීර්ණ ‍වන අතර පිරිමින් සරල වේ.. අදහස් නොගලපීම් අතර පැහැදිලි වෙනසක් දැකිය හැකිය.. එසේනම් දෙදෙනෙක් තේරුම් ගත හැක්කේ කෙසේද...එය මෙලෙස කෙටියෙන් පැවසිය හැක..

"කිසිවිටකත් අනිකා තේරුම් ගැනීමට උත්සහ නොගන්න...."

එසේ තේරුම් ගත නොහැකි නම් ප්‍රිතිමත් දිවි පෙවතක් ලබනුයේ කෙලෙසද...

එකිනෙකා තෘප්තිමත් කරගැනීම යුග ජීවිතයක සාර්කත්වයයි.. තෘප්තිමත් කරගැනීමේදි එකිනෙකා තම සහකරුවාට හෝ සහකාරියට ලකුණු ලබා දේ..එනම් වර්නනාවක් සිදුකරයි.. එවන් වූ ඇගයීමක් යුග දිවියක ශක්තිමත් බැදීමක් පවතින බව කවුරුත් දන්නා වුවද පිළිගැනීමට අකමැති කාරනයක් ලෙස සමාජගත වී පවතී..
මං මොකටද එයාට හොද කියන්නේ.. එයා මගේ බිරිදනේ.. ඉතින් එයා එහෙම කරන්න ඕනි...

මෙවන් වූ වදන් සමාජයේ සුලබය.. විවාහයට පත් යුවලක් අනිකා වෙනුවෙන් දෙයක් කළ යුත්තේ ආදරය නිසා වෙන් නොව කළ යුතු වගකීමක් ලෙස යැයි සිතීම කොයි තරම්නන් දුරට සාධාරණදැයි තමන් විසින් සිතා බැලිය යුතුය.සැකවින් එකිනෙකා තෘප්තිමත් කරගැනීමට කරුණු කිහිපයක් පහතින් සදහන් කරමි..

සැමියකු විසින් බිරිඳ තෘප්තිමත් කීරීම වෙනුවෙන් කළ හැකි දේවල්....

ගැහැණියකගෙන් වර්ණනාවක් ලබා ගැනිමට සාපේක්ෂව ඉතා අපහසු කටයුත්තකි.. බොහෝ පිරිමින් මැසිවිලි නගන්නේ තම බිරිදව සතුටු කීරීමට හෝ ඇයව තෘප්තිමත් කිරීමට වේලාවක් නොමැති බවය...නමුත් අපි නොහිතන සහ අමතර වෙලාවක් වැය නොකර ඇයව තෘප්තිමත් කළ නොහැකිද?? සැබවින් කිසිම දෙයක් කැප කිරීමකින් තොරව බිරිඳ සතුටු කළ හැක....

උදයේ පිබිදුන පසුය ඇය මුහුණ සෝදා ගන්නා තෙක් ඇයවෙනුවෙන් එක් විනාඩියක් කැප කොට අවුල් වූ නිදන යහන පිළිවෙනකට සකස් කළ නොහැකිද....(ඇය නැවතත් පැමිණි විට.. සැමියා කළ ක්‍රියාව වෙනුවෙන් ඇය සතුටු වන ආකාරය අසීමිතය... නමුත් ඔබට වැය වූවේ ඔබගේ කාලයෙන් විනාඩි 2ක් පමණකි.)

අතෝරක් නැති බිරිඳගේ කථාව ඇහුම්කන් දීමට හෝ එසේ කරන මෙන් හැගවිය නොහැකිද.ඇයගේ අසීමිත ආදරය පෙන්වන සෑම අවස්ථාවකම එය ඇගයීමක් කල නොහැකිද ( නිවසේ ඇය සමග ගත කරන සෑම මොහොතකම ගැහැණිය දොඩමළු වෙයි.. එයින් ඔබ ඇයට සැබැවින්ම ඇහුම්කන් දෙනවාද.. නොදෙන්නේ ඇයි.. එක් මොහොතකට සවන් දෙන්න..එය ඇයගේ අභිලාශයයි...)
ගැහැණිය කිසි විටකත් ප්‍රශ්නයකට පිළිතුරක් බලාපොරොත්තු නොවේ.. ඇයි බලාපොරොත්තු වන්නේ අනිකා අසා සිටීම පමනකි.. කිසි විටකත් ගැහැණියකගේ ගැටළුවකට පීළිතුරු සැපයීමට නොයන්න..

සතියකින් එක් දිනයක පමණක් සෝදා ඇද උඩ දමා ඇති රෙදි ටික නමා අඩුක් කළ නොහැකිද.. එය මදි කමක් ලෙස සිතන්නනේ නම් එය සැමදා සිදු කරන තම බිරිඳ වැඩකාරියක් ලෙස සිතීමට ඔබ පෙලබී ඇතිද..ඔබගේ කාලයෙන් සතියකට විනාඩි 5ක් කැපකළ නොහැකිද....

කෑම කා අවසන් වුව පසුව ඇය හා එක්වී කෑම මේසය අස්කළ නොහැකිද.. දිනක කාලයෙන් විනාඩි දෙකක් පමණ...

අමතර රහස් ටිකක්...

නිවසට යන විට බිරිදට එක් රෝස මලක් ගෙන යා නොහැකිද.. සතියකට එක් දිනක් අත්හදා බලන්න.. ඇයගේ මුහුනේ සුන්දරත්වය විදින්නට හැකි එවන් අවස්ථාවන් මග හරින්නේද.. නමුත් ඔබ වැඩි ආදරයක් දිනා ගැනීමට රෝස මල් පොකුරක් ගෙනයාමෙන් ඇයගේ සතුටෙහි වෙනසක් බලාපොරොත්තු විමෙන් ඵලක් නැත.. මක් නිසාද යත් ගැහැණිය සතුටු වන්නේ තෑග්ගක ප්‍රමාණය හෝ වටිනාකම ගැන නොව එය දෙන්නාගේ හදවතේ ඇති ආදරය පමණකි.

නිවසින් පිටත රාත්‍රි ආහාර වේලක් සූදානම් කරන්න.. ඉටිපන්දම් එළියෙන් නැහැවුන සුන්දර සංගීතයකින් පිරීගිය ප්‍රිතිමත් සුන්දර රාත්‍රියක් සුදානම් කරන්න...සූදානම් කර එම දිනය ඇයට පවසන්න.. බොහෝවිට පිරිමින් උත්සහ කරනුයේ ඇය පුදුමයට පත් කිරීම පිණිස ක්‍රියා කරයි.. එදිනට ඇයව සතුටු කරයි.. නමුත් මෙවැනි දිනයක් ඔබ සැලසුම් කළ දිනයේම ඇයට පැවසුවහොත් ඇය එදින සිටම සුදානම් වෙයි.. සතුටින් ඒ පිළිබදව කථා කරයි.. ඇයගේ මිතුරන් සමග ඔබගේ ගුණ පවසයි..එම දිනය උදාවන තෙක් ඔව විසින් කිසිවක් නොකර ඇයගේ ආදරය උපරිම දිනා ගනී.. ඔබට එම ගත කරන සෑම දිනයක්ම ඇයගේ ආදරය ඉහලින්ම අත් විදිය හැකිවනු ඇත...නමුත් ඔබට ඒ සදහා කිසිවක් වැය කළයුතු නොවේ...

ගැහැණියක් සමග සාකච්චාවක් යනු.. ඇය කථා කරයි.. ඔබ සවන් යොමුකර සිටිය යුතුය.. ඔබ කතා කිරිමට හෝ ඇයගේ ගැටලු නිරාකරණය කිරීමට නොයා යුතුය...නමුත් ඇයට සාවධානව අසා සිටින බව ඇගවිය යුතුය.

ගැහැනියක් සැමියකුගේ ආදරය දිනා ගැනීමට..

ලිංගික ක්‍රියාකාරකම් සිදුකීරීම පිරිමියකුගේ සිත දිනා ගැනීමේ සහ ආදරය විදීමේදි ප්‍රදාන කාර්යභාරයක් ඉටු කරයි..එයට අමතරව

සැමවිටම තමන්ගේ සැමියා විශ්වාස කරව බව අගවන්න.. තීරණ ගැනීමේදි ඔහුට ඉඩ දෙන්න..තීරණ පිළිබද ගැටලුවක් ඇතිනම් කිසිවටකත් එකහෙලා ප්‍රතික්ෂේප නොකරන්න..
අපෝ ඔයා කරොත් මෝඩ වැඩක් තමා..
ඔයා කවද්ද හරිය‍ට දෙයක් කරේ..

එවැනි වදන් ප්‍රකාශ කිරීමෙන් වලකින්න..එවන් වදන් දෙදෙනා අතර ඇති අවබෝධය එක් මොහොතකින් විනාශ කරනු ඇත. ඔහුව ඔබ තදින් විශ්වාස කරන බව හගවන්න..පිටතින් පිරිමියා දරුණු මෙන් වූවත් හදවතින් ඔහු ‍ළදරු බව නිතර සිතන්න..

නිවසට පැමිණි විගස ගැටළු කථා කිරිමට නොයන්න.. ගැටළු ගැන සාකඡ්චා කිරීමට සුදුසුම තැන තමන් නිදිසයන බව සිහිතබා ගන්න.. මිනිසෙකු මනසින් වඩාත් තෘප්තිමත්ව ඇති අවස්ථාව එය බැවිනි..

නිරතුරුව ඔහු නිවසට පැමිණි විගස ඔහු ලගම ගැවසෙන්න.. ඔබ ඔවුට පෙම් කරන බව පවසන්න.. ඇගයිය හැකි සෑම ක්‍රියාවක්ව ඒ මොහොතේම අගයන්න..

සමාව දීමට හෝ ඉල්ලීමට මැළි නොවන්න..පිරිමින් නිතරම සංවේදී බව සිහිතබා ගන්න...

වසරකට එක් දිනක් දෙදෙනා වෙනුවෙන් වෙන් කරන්න.. දෙනෙත් දෙස බලා අතීතය මෙහෙනි කරන්න.. ගෙවීගිය වසරතුල සිදුවූ සියළු අඩුපාඩු වෙනුවෙන් දෙදෙනාම මැලී නොවී සමාව ඉල්ලාගන්න.. අනිකා වෙනුවෙන් සමාව දීමට මැළි නොවන්න.. ගැටලුවක් විසදීමෙන් පසු කිසිවිටකත් එකමෙ දේ නැවතත් කීමෙන් හෝ අතීතය මතක් කරදීමට නොයන්න..

යුග දිවියක වදයක් ලෙස නොව මිහිරි ලෙස නිරතුරුව සිතන්න..ජීවිතය විදින්න.. එක්ව ගත කරන සෑම මොහොතක්ම විදගන්න.. හෙට දිනය වෙනුවෙන් අද දිනය කැප නොකරන්න.. මන්ද යත් පැහැපත් හෙට දිනය උදාවන විට අද දිනය අපට හමාර වී ඇති බැවිනි..




ප.ලි.

මේ ලිපිය දැන් දවස් ගානක් ඉදන් දාන්න හිටියට කොහෙද පුංචි අපේ අවුරුදු උත්සවය නිසා කල් ගියානේ.. මේ ඔයාල ඔක්කොම එනවා නේද.. අපි එදාට මුණ ගැහිලා වැඩි විස්තර කථා කරමුකෝ..එහෙනන් කස්ටිය එදාට වැඩ දාගන්න එපා හො‍දේ....ඕං කලින් කියල තියෙන්නේ..... :-D

28 comments:

  1. හ්ම් හ්ම්....... පෝස්ට් එකට හ්ම් කිව්වේ....... අවුරුදු ප්‍රස්නෙට නෙමේ......

    ReplyDelete
  2. adata wada heta dinata watina post 1k............
    :)................

    ReplyDelete
  3. මැනිකක් මතු වෙයි මොහොතක් ගානෙ
    ඇයි ඔබ එය අතහැර යන්නෙ
    මෙ අද නැහැ යලි හමු වන්නෙ...

    රවා

    ReplyDelete
  4. ගැහැණු හා පිරිමි ආදරයේ අපූරු නිර්වචන... ඇත්තමයි මම හිතේ තියාගෙන හිටපු දේවල් මේකෙ වචන කරලා. ඇත්තටම පුදුමයි. මේ වගේ හැම කෙනෙක් ම හොද කෙනෙක් වෙනවනම්...

    ReplyDelete
  5. වීඩියෝ එක අම්බානක රස වින්දා මල්ලියෝ....
    එලස්... ලිපියයි වීඩියෝ එකයි තකට තක පෑහෙනවා...
    ජය...!!!

    ReplyDelete
  6. හම්මපා කොල්ලෝ...බොලා දැන් සෑහෙන දේවල් දන්නවා නෙව...
    ඔන්න ඉතිං කාට කාටත් පසන් කොළුවාගෙන් මල් මසුරං දැනමුතුකං ටිකක්...

    ReplyDelete
  7. මට නම් මෙව්වා දැන්ම තේරෙන්නේ නෑ නොවෑ........ :D

    ReplyDelete
  8. මාත් පාඩමක් ඉගෙන ගත්ත.... :D

    ReplyDelete
  9. කොලු තාත්තෙක් වෙලා නේ... :P
    නියම පොස්ට් එක... දෑනෙන්න ම ලියලා තියෙනවා... :D

    ReplyDelete
  10. පසන් ආහ් :O උබ තනිකඩයෙක් වගේ ඇක්ටින් පාරක් දාන්නේ නේද ආහ්....මම හිතන්නේ උබ උපන්දා ඉදලා කසාද බැදපු එකෙක්ද කොහෙද? නැතිනම් මේ වගේ බර ටෝක්ස් ඇඩ්වයිස් දෙන්නේ කෝමද? පවුල් ජීවිතයේ එක්ස්පීරියන්ස් එකක් නැතිව මේ වගේ දෙයක් ලියන්න බැහැ.....කියපං කියපං.. උබ ළමයි කී දෙනෙක්ගේ පියෙක්ද? මේ බ්ලොග් අවකාශයට උබේ කසාද දිවියේ පැටිකිරිය හෙලි කරපං.....

    ReplyDelete
  11. අඩේ පසෝ උඹ මොනා නැතත් ඇත්තම කතා ටිකක් කියලා තියෙනවා‍‍‍‍‍...නියමයි සහෝ....

    ඇත්තටම මචන් සාර්ථක විවාහ ජීවිතයකට අවශ්‍ය වෙන්නේ දෙන්නා අතර අවබෝධයයි ආදරයයි විශ්වාසයයි.ඔය තුන තියෙනවනම් වෙන දෙයක් නෑ.ඔය වචන තුන අතර පුදුම බැදීමක් තියෙන්නේ.
    ආදරය ඇති වුනහම විශ්වාසය ඇතිවෙනවා.විශ්වාසය ඇතිවුනහම අවබෝධය ඇතිවෙනවා.අවබෝධය ඇතිවුනහම ආදරේ ඇතිවෙනවා.ඔය වගේමයි වචන අතර අනිත් පැත්තටත්‍‍.එහෙම නේද?

    පොඩ්ඩක් හිතලා බලන්නකෝ...

    ඔය වගේ ආදරේ ලබන්න පුළුහන්නම් දෙන්නගෙන් දෙන්නටම මොනවද කරන්න බැරි....ලෝකේ වුනත් පෙරලන්න බැරි කමක් නෑ...(බර පතල වැඩිද මන්ද....)

    විඩියෝ එක අර තිත්ත මාම කීවා වගේ තකට තක උඹේ පෝස්ට් එකට....

    අර අනිත් උන් ‍කොච්චර කිව්වත් උඹට ‍‍අ‍ඳෝනා කවි විතරක් ලියනවා කීයලා...බලපුවහම උන් කියන්නේ පට්ට පල්ල අමුලික ඇත්තනේ බං...අහ් නෑ නෑ බොරුනේ.....

    ReplyDelete
  12. හා පැටික්කි (MS)/

    හා පැටික්ට මං මොනව හරි කිව්වොත් නිරුත්තර වෙනවා නොවැ..:-D

    ReplyDelete
  13. Anonymous/

    ආහ්.. මං දන්නවා මේ ඇනීව නන්.. නම කියන්නෑ ඔං හරිද.. තන්කූ ඇවිත් ගියාට..:-D

    ReplyDelete
  14. රවා/

    මොකෝ මචං ඇනි කෙනෙක් වෙලා.. මොනව උනත් කියපු දේ ඇත්ත.. මේ අද යළි නැහැ හමුවන්නේ..

    ReplyDelete
  15. සංජු/

    ඉතින් නරක කෙනෙක්ට මේක පෙන්නලා හොද කරගන්නකෝ.. සිම්පල් ප්ලෑන් එකක් නේ.... හික් හික්...

    ගොඩක් ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට..

    ReplyDelete
  16. තිස්ස දොඩන්ගොඩ/

    ස්තූතියි තිස්ස අයියේ මේ පැත්තට ඇවිත් ගියාට....:-D

    ReplyDelete
  17. Kanishka | කණියා/
    ගොඩක් ස්තූතියි ඇවිත් ගියාට....:-D

    ReplyDelete
  18. මාරයාගේ හෝරාව/

    හික් හික්.. මාරෙ අයිය ඉතින් අපිත් එව්වා සුට්ටක් දැන ගන්න එපැයි...

    ස්තූතියි ඇවිත් ගියාට...:-D.

    ReplyDelete
  19. සෝරෝ/

    ඔවු උඹ බබානේ.. මෙව්වා තේරෙන්නෙම නෑ ඉතින්...:-D.

    ReplyDelete
  20. ශාමින්ද/

    එළ එළ.. ඒක පාඩමක් ඉගන ගත්ත නන් හොදයි.. හික් හික්..

    ස්තූතියි ඇවිත් ගියාට....:-D

    ReplyDelete
  21. Kanishka Hennayake/

    හික් හික්.. ස්තූතියි මචං...:-D

    ReplyDelete
  22. අද තමයි ලිපිය කියෙව්වෙ... දැන් මේක මේ කියවන්න හිතන් ඉදල ඉදල දවස් 3 කට විතර පස්සෙද කොහෙද බැලුවෙ... තනිකඩය නොවැ මම.. මෙව්ව ගැන ඉතින් කුමක් කියන්නද.

    හික් හික් මූ දන්න දේවල් කියල තමා කියන්න වෙන්නේ

    ReplyDelete
  23. badala iwara wella oyawidiyata pul kala blaban
    yoko kawdaban badupu ekke sathuting hitiye thota pisuda

    ReplyDelete
  24. ගීත් (සහෘදයා)/

    කෑගහන්න එපා බං ඔහොම.. දැන් බලපං හැමෝම දැන ගත්තනේ මං ගැන.. හික් හික්...උඹටත් කටපියන් ඉන්න බැරි හැටි...:-D :-D

    ReplyDelete
  25. ෴ හසියා ෴

    ගොඩක් ස්තූතියි ලස්සන කමෙන්ටුවක් දාල ගියාට.... දෙන්නා ඒ තරන් හොදට ජීවත් වෙනව නන් තව මොනවද හලේ ඕනි.. හික් හික්..:-D :-D.

    ReplyDelete
  26. පිස්සා පලාමල්ල/

    අපිත් තනිකඩයෝ තමා බං ඉතින්.. ඔය පොත් පත්වල තියන එව්වා බැදපූ ඈයොන්ට ටෙස්ට් කොරල බලන්ට කියල නොවැ කියල තියෙන්නේ..හික් හික්.. ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට...:-D

    ReplyDelete
  27. suhandaya/

    හික් හික්.. ඒක ඇත්ත මචං.. ඔය උඹ හිතන විදිහට හිතන අයට නන් කවදාවත් බැඳලා සතුටින් පවුල් කන්න නන් වෙන්නෑ.. සතුටින් පවුල් කන්න බං පවුල ගැන සතුටක් තියන්න ඕනිනේ...හික් හික්.. ගොඩක් ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට.. :-D

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...