Tuesday, May 29, 2012

මගුලක් අඩුවට ගන්නා හැටි

මේ මගුල් කාලෙනෙ.. ඉතින් දන්න කියන ගොඩක් අය පිලිවෙලකට කසාදයක් කරගන්නෙ මේං මේ කාලෙ තමා..ඔය අතරමනේ මං නිතර දකින ඩයල් එකක් වෙච්චි මාර්ක් සකර්බර්ගයත් මගුලක් කර ගහ ගත්තේ.. අන්න මිනිස්සු.. සද්ද වහලා ගෙයි පිලිකන්නට ගිහින් මගුල කෑවා.. සික්... ඌ අරක්කු සුට්ටක්වත් බොන්න දීලා නැතුව ඇති.. දැන් ඕක දැකපු ලංකාවේ අය කියනවා සෝයි වෙඩිමක්ලු ඒක.. ඒක සෝයි වෙන්න පුලුවන් උන්ට.. ඔය ඒ මගුල සෝයි කියන ලංකාවෙ එකෙක්වත් ගෙයි පිලිකන්නෙ ඔහොම මගුල් කන්නෑ කියලා මට සුවර්.. ලංකාව වගේ අපෙරදිග සංස්කෘතියක් තියන රටක ඔය වගේ හොරෙන් මගුල් කන සිරිතක් නෑනේ.. අපෙරදිග මිනිස්සු මගුල් කන්නේ මුලු රටටම කියලා තමා.. ඕං ඒකනේ ඉස්සර කාලෙ කියන්නේ හත් දොහේ මගුල් කනවා කියලා.. මුලු ගමටම කියනවලුනේ..දැන් කාලෙ ගමට තියා නෑයොන්ට කිව්වට පස්සෙ ‍අල්ලපු ගෙදරටත් මගුල කියන්නෙ හෙන ගේමක් දීලා නොවැ..

ඇයි හත්දෙයියනේ දැන් බත් වේලක් දෙන්න රුපියල් 3000.00 ක් වත් නැතුව ‍බෑනේ.. මේ කොහෙ තියන සල්ලියක්ද අප්පා.. 200යකට කිව්වත් ලක්ෂ 6ක් යනවා.. කැමරා අල්ලන එකාටයි අන්දන්න එන එකාටයි රත්තරං බඩු වලටයි.. මොන මල ඉලව්වක්ද.. ලක්ෂ 10ක විතර යනවා ඔය කියන විදිහට බැලුවොත්.. මොන හත්තිලව්වකටද අප්පා ඔච්චර වියදං කරලා මගුල් නටන්නේ..අනිතිමට ණය වෙලා මගුලක් අරං ඒකට ඇවිත් සැපට කාල බීලා යන උන්ම පස්සෙ කියනවා මොන මගුලකට එච්චර වියදං කරාද මන්දා කියලා.. සතපහක් වියදං කරලා ගල් අරක්කු සුට්ටක් නොබොනො උන් මගුලට ඇවිත් රට අරක්කු හොයනවා.. හලේ මෙහෙවු ලංකාවක්.. ඔය අරක්කු කේස් එකෙත් මගුලට අරක්කු නෑ කියලා වැඩියෙන්ම කියවනවා කියන්නේ ජීවිතේට සත පහක් වියදං කරලා අරක්කු ටිකක් බොන්නැති උන්ලුනේ.. උන් මගුලට එන්නෙ පිනට අරක්කු සුට්ටක් බීලා යන්න වෙන්ටැ..

හරි දැන් ඉතින් දැන් නොකෙරන මගුල් කියවලා වැඩක් නෑ නේ.. දැන් අපි බලමු කෙරෙන විදිහට අඩු වියදමට මගුලක් නටන්නෙ කොහොමද කියලා..දැන් ඔය මගුල් නටද්දි මනමාලියයි මනමාලයයි මහ රෑ ජාමේ 12 විතර ඉදං අන්දන්න පටං ගන්නවනේ.. කොහොමත් මගේ සුට්ටං දැනුමෙ හැටියෙට පාන්දර 4 5 වෙද්දි ජෝඩුවම මගුලට ලෑස්ති වෙලා නොවැ ඉන්නෙ..

ඉතින් දැන් පාන්දර 4 ඉදං දෙන්නා එක්ක ලෑස්ති වෙලා ඉන්න එකේ පෝරුවෙ මගුල ගන්නවා පාන්දර 7ට විතර.. එතකොට පොටෝ ගන්න උන්දැටත් උදේ පැය තුනක්ම තියනවනේ..ඉතින් උන්දැගෙ පුරස්නත් එතනින්ම විසද ගන්න පුලුවන්.. ඊට පස්සේ පෝරුවෙ මගුල් 7.20ට ඉවරයි.. ඔන්න දැන් පොල් බිදලා පහන් පත්තු කරලා කිරිබත් කපලා ඔය නැටුම් සේරමත් නැටුවට පස්සෙ වෙලාව 7.45 වෙයි.. ඊට පස්සෙ යනවා නෑයොන්ට කතා කරන්න.. මුපු හෝල් එකේම නෑයොන්ට කතා කරලා ඉවර වෙද්දි 8.45 වෙයි...

8.45 ට යනවා කෑම මේසෙට..මොනවද එතකොට කෑම මේසෙ තියෙන්නේ..
කිරිබත්
නූඩ්ලස්
රතුකැකුළු බත්
ඉදි ආප්ප..
පාන්
ආප්ප
පිට්ටු
චීස්
බටර්
අල හොදි/පරිප්පු/ මාලු/ මස්/පොල් සම්බෝල /ඕනිම නන් කම ඔය මොනවා හරි දාගන්න බැරියැ....(ආහ් කොහොමද මෙනූ එක ඇ.. )
තව.. කැවුම් කොකිස් අරවා මෙව්වා ඩෙසට් එකට.. ඕනිම නන් පලතුරු තියන්න පුලුවන්..

ඔන්න ඔය කෑමෙ මෙසෙට ගියා.. ජෝඩුව කෑවා බඩ පැලෙන්න.. ඊට පස්සෙ සුට්ටක් නටන්න පුලුවන් කස්ටියටම.. උදේ දහය වෙද්දි මගුල ඉවරයි...ඊට පස්සෙ ජෝඩුව යනවා පොටෝ ගන්න.. පොටෝ අල්ලන එකාට පුලුවන් ඇති වෙනකං පොටෝ ගන්න දවල් වෙනකංම..එතකොට ඒකත් හරි...

දැන් බලන්න මේක කොයි තරං වාසි ක්‍රමයක්ද..
මගුලෙ වියදමෙන් තුනෙන් එකක් ඉවරයි.. ඒ කිව්වේ ඔය කෑම මේසෙට වියදම එක්කෙනෙක්ට 1000ක් ගියත් අවුලක් නෑ.. 200ක් ආවොත් ලක්ෂ දෙකෙන් ගොඩ...

මගුලට එන අයට රස්සාවල් වල නිවාඩු දාන්න ඕනි නෑ.. ෂෝට් ලීවු දාල ආව නන් දවල්ට වැඩට යන්න පුලුවන්..

ජෝඩුවට හනිමූන් ගිහින් මහන්සියට නිදා ගන්න ඕනි නෑ.. එදාම වැඩ අල්ලන්න පුලුවන්..

බොන්න නෑ කියලා කවුරුත් කියවන්නෑ.. මොකද උදේ පාන්දර බොන්නෑනේ.. අනික දවල්ට වැඩට යන්නත් තියනවනේ.. ඒ නිසා ඒ අවුලත් ඉවරයි..

ලාබයි ලේසියි පහසුයි.. එන්න. ඔබත් අදම මගුලක් ගන්න...


29 comments:

  1. උඹ හිතවද උදේ කියලා නොබී ඉඳී කියලා

    අනේමන්දා මටනම් දැන් වෙඩින් කියන එක හෙන විකාරයක් අනික මේ ලක්ෂ ගනන් දීලා ගහන ෆෝටො? නිකන් හිංදි ෆිල්ම් එකක ෆොටෝ වගේ

    ReplyDelete
    Replies
    1. මූ මොකාටද මේ එන්න හදන්නේ! :D

      Delete
    2. නරිය මිදි තිත්තයි කිව්වය කියන්නෙ:D:D:D:D:D

      Delete
  2. අහ්... පූර්ව ප්‍රචාරක දැන්වීමකුත් දැම්මා නේද?

    ReplyDelete
    Replies
    1. තනෝජා අක්කේ +++++

      Delete
  3. මේ විදියට මගුලක් කෑවා මම් දන්න එකෙක්... කලින් වැඩ කලේ සුහද හදක් තියෙන බ්ංකුවෙ... දැන්නම් මාරුවෙලා වෙන එකකට...

    සිරාවටම මේ විදියට මගුල ගත්තේ..... පස්සෙන් පහු මිනිහගෙම යාලුවොකියපුව මිනිහට ඇහුනනම් .. ඌ මොනව කර ගනීද දන්නෙ නෑ..

    මං නම් හිතන්නේ මෙච්චර වියදම් කරන එකත් තේරුමක් නෑ

    ReplyDelete
  4. මේ විදියට ගත්තොත් නාන්න බොන්න දෙන්න වෙනවනේ බන්,ඇයි උදේ ඉදන් හවස් වෙනකන්ම ටයිම් නේ....:)

    ReplyDelete
  5. සිරා කතාව.ඒත් නැකත උදේටම දාගන්න පුලුවන් වුනොත් තමා.

    ReplyDelete
  6. අම්මෝ කාලයට ඔබින ලිපියක් ,ඇත්තටම දැන් බදින උන්ට ඇත්තටම පිස්සුද කොහෙද නැත්නම් ලක්ශ ගනන් වියදම් කරලා මගුල් කාවිද ? ඉස්සර අපේ මිනිස්සු හොදට මගුල් කැවා නමුත් අනවශය බොරු වියදම් කරේ නැහැ මම දන්න කියන තැනක වෙඩිමක් ගත්තා ලගදි වියදම හිතා ගන්නත් බැහැ ලක්ශ 28ක් ?
    හොදම දේ කියනනේ ඒ 28න් භාගයකට වැඩිය තියෙන්නේ බැන්ක් ලෝන් , ඉතින් බැදපු දවසේ ඉදන් ගැනිටයි මිනිහටයි වෙන්නේ ලෝන් ගෙව ගෙව ඉන්න .

    හොදම බොරු වැඩේ තමා අර 60000ක් 70000ක් දීලා හදන ස්ටෝරි බුක් එක බැදලා මාස 5හ 6කින් පස්සේ ඔය පොත තියෙන්නේ කොහේ හරි අස්සක දාලා,

    ReplyDelete
  7. ඔහොම වෙඩින් එකක් ගට්ට කෙනෙක් කියන්ඩ බලන්ඩ.....

    ReplyDelete
  8. වෙඩිම ගන්න උන්ට විතරක් නෙමෙයි ඒකට යන උන්ටත් කොච්චර වියදම් වෙනවද? අන්තිමට බලද්දි කොහෙවත් ඉන්න වෙළෙඳන්ට තමයි රජ මඟුල්..

    මම ලියපු මඟුල් කථාවක්..

    http://dreamsofharee.blogspot.com/2012/01/blog-post_29.html

    ReplyDelete
  9. හෆ්ෆා.. සුට්ටන් මොලේට මේ වගේ අදහස් පහලවීම ශ ශා ශා... කියන්න වදන් නැ.

    ReplyDelete
  10. අඩේ සිලාවට මගේ යාලුවෙකුත් ඔහොම මගුලක් ගත්තා. මන් ගිය සිරාම මගුල් ගෙයක් ඒක.

    ReplyDelete
  11. මේ විදියත් වියදම් වැඩියි පසන්. තව ගාන අඩුකරන්න ක්‍රමයක් හොයන්න :-D

    ReplyDelete
    Replies
    1. මේ තමයි අඩුම ගාන තවත් සත පහක්වත් අඩු නෑ නෝ රා...යිට්..

      Delete
    2. හහ්! මීට වැඩිය අඩුවට ඕන හැටියෙ පුළුවන්. උපැපැන්න විවාහ මරණ රෙජිස්ට්‍රාර්ට දෙන ගාන දීල සාක්ෂියට අත්සන් කරන දෙන්නට දවල් කෑම දෙකක් අරන් දීල වැඩේ ඉවරයක් කරතෑකිනෙ :-D

      Delete
  12. මට තියන ගැටලුව ඕක නෙමෙ බං..ඔය කියන ජාතියෙ මගුලට හරියන ගෑනියෙක් හොයා ගන්න එක...
    ගොඩක් ගෑනු කතාවට අහමයි මෙහෙමයි කිව්වට මහ ලොකු පඩ සෝ උත්සව වලට මනාපයි..එහෙමත් අවුල් එකියක් උනත් යාලුවො නෑයො නිසා නරක් වෙනවා...
    ඒ වෙලාවට තමයි හිතෙන්නෙ ඉංදියාවෙං හරි ගෑනියෙක් සල්ලි දීල ගෙනාවනං හරි කියලා...
    සෝ එක නිසා නිකං නැති වෙනවා..සමහර අය ඔක්කොම දේවල් තියෙද්දි බඩු පරණ වෙවී ඔහෙ ඉන්නව වෙඩිං ගන්න සල්ලිනැතුව...
    තියෙන තරමකිං බැදල ආතල් එකේ ඉන්න එපාය..
    මේ ගෑනු අයට තමයි මනමාල ගමං ගෙඩාක් ඕනි...

    ReplyDelete
    Replies
    1. සිරාවට ඒක නම් ඇත්ත... මම කවදාවත් අහල නෑ කොල්ලො කියනව මගුලෙ අරව කරන්න මේව කරන්න ඕන කියල... කෙල්ලො තමයි කියන්නෙ කතන්දර ගොඩක්... පටන්ගන්නව ඔසරිය ඇඳල පෝරුවෙ නගින්න ඕන කියන එකෙන්... ඊ‍ට පස්සෙ ඔසරිය අන්දන්න හොඳ ගානක් ගන්න කෙනෙක් ඕන වෙනව... පස්සෙ ඒක ඇඳන් ඉන්න එක පොටෝ අල්ලන්න කෙනෙක්... ;)

      Delete
  13. දැන් කාලෙ බදින උන් වෙඩිමට වියදම් කරන ගානයි, ඒවට යන උන්ට වියදම් කරන්න වෙන ගානයි එකතු කලොත් ජෝඩුවට මාස ගානක් පිටරටක හනිමුන් යන්න පුළුවන්...

    ReplyDelete
  14. බොන්න දෙන්නැත්තං අපිට කියන්නේ අහවල්ල එකකට ද.... :D

    ReplyDelete
  15. සා නියම අදහසක්... එල එල මගේ වෙඩිම මෙහෙම ගත්තානම් හරි වගේ... ලේසි පහසුයි ඉතිරියි... ;)

    ReplyDelete
  16. ඔය විදියට වෙඩිමක් ගත්තොත් වියදම් අඩු වෙන බවනම් ඇත්ත.....

    ඒත් කවුරුහරි ඇහුවොත් "මොකද්ද බං ඒ....වෙඩිමක්ද.....?" කියලා

    ReplyDelete
  17. අනික්වා කොහොම කලත් බොන්න නෑ කියලා දැන ගත්ත ගමන් ඉදලා හමාරයි..

    ReplyDelete
  18. //උන් මගුලට එන්නෙ පිනට අරක්කු සුට්ටක් බීලා යන්න වෙන්ටැ..// මේ කතාව වැරදියි මොකද උන් එන්නෙ අඩුගානෙ දෙන ගානටවත් හරියන්න බොන්න. හැබැයි බිව්වට පස්සෙ බීලා වැඩිවෙලා දෙනගාන දෙන්න අමතකවෙන එකනම් වෙනම කතාවක්.

    …ඇයි බන් එතකොට නැකත් වෙලාව ගැන හිතන්නෙ නැද්ද ?


    …හැබැයි මීට වඩා ලාබෙට මගුලක් කන්න ක්‍රමයක් මම මගෙ බ්ලොග් එකේ draft කරලා සෑහෙන්න දවස් ඉවර කරගන්න බැරුව ඉන්නෙ ඉවර කරපු දවසක ඒකත් බලන්නකො.

    ReplyDelete
  19. මේක තමයි මගුලක් ගන්න තියෙන ලේසිම ක්‍රමේ. හැබැයි නොබැඳපු අයට අපිට නෙවේ.

    ReplyDelete
  20. පට්ට අයිඩියා එක ඈ.උදෙ 6ට විතර වැඩේ පටන් ගත්තනම් බෙඩ් ටී එක විතරක් දීල එන එවුනුත් වැඩට යවලා තමනුත් වැඩට ගිහින් හවසට ෂෝට් ලීව් එකක් දාල ආවැකි පැණි හඳ බලන්න.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...