Sunday, June 24, 2012

මං මැරුන දවසකට

මං මැරුනාම
මගේ මිනිය උස්සන් යන්න
හය දෙනෙක් මදි වේවී..
නමුත්
හය දෙනෙකුට බැරි නන්
එදාට වත් මගේ මිනියට උර දෙන්න
මං දනිමි
පෝලිමක් මග බලං ඇති බව
උන් මට ආදරේ ඇති නිසාවෙන් නොව
මගේ මිනියට උර දීමන්
උන් සතුටු නිසාවෙන්
උන් ‍උර දෙනු ඇත
මගේ මිනිය පස් වලක් තුල සැගවී යන තෙක්ම
මා මිය ගිය පසු
ඒ මිනී වලටම
රතු රෝස මල් පෙති
ඉසිනු ඇත දෙනෙතින් තෙමා යන කඳුළු බිදු සමගින
නමුත් මා දනිමි
ඒ කඳුලු බිදු මා නිසාවෙන් නොවන වග
තවත් එක සමුගැනීමක
එකම එක පිටුවක් සදාතනිකව ලියවෙනා වග...
මා ඉදින් මා මිය ගිය පසු
තවත් කුමකටද මා නමින්
හෙලනු කඳුළු බිදුවක්
එනු මැන
හෙලන්නට නොව කඳුළු බිඳුවක්
කන්න වට්ටක්කා සමග
තවත් එක බත් පොඩ්ඩක්...........

36 comments:

  1. වට්ටක්කා යි කරෝල කටු හොදියි රසයි..මම එහෙම කියද්දි අපේ අම්මා කට කට ගානවා...

    ReplyDelete
    Replies
    1. හික් හික්.. ඇයි දෙයියනේ කොච්චර රස කෑමක්ද ඒක...:-D

      Delete
  2. ඒකනෙමයි රෑට හීනෙන් මාරි බිස්කට් පෙනවද ?

    ReplyDelete
    Replies
    1. තාම දැක්කේ නෑ මචං.. ඉදලා හිටලා ගොක්කොලයක් දැක්කොත් තමයි.. :-D

      Delete
  3. "පෝලිමක් මග බලං ඇති බව
    උන් මට ආදරේ ඇති නිසාවෙන් නොව
    මගේ මිනියට උර දීමන්
    උන් සතුටු නිසාවෙන්...."

    මේ කතාව නම් සහතික ඇත්ත.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. අත්දුටු දෙයක් නොවැ....

      Delete
  4. මා මළ පසු නම්...

    ....පාංශුකූල තහනම්...!
    ......හත් දවසෙ පාටිය තහනම්...!!
    .........තුන්මාසෙ හා අවුරුද්දෙ පාටි තහනම්.....
    ...ආගමික කටයුතු කිසිත් අවශ්‍ය නැත...
    ..මගේ ජීවත් වීමෙන් මිනිස් සමාජයට දීල තියෙන හරිය ප්‍රමාණවත්...
    මට කිසිත් අවශ්‍ය නැත.

    ReplyDelete
    Replies
    1. ඒ උනත් අයියා දානයක් දෙකක් දෙනවා කියන එකේ මං නන් වැරැද්දක් දකින්නෑ.. අපි මැරුනට පස්සේ අපි නිසා හරි දනක් පිනක් කරලා ජීවත් වෙන අය ඉන්නවා නන් හොදයි නේ...

      Delete
    2. තහනම් දාන්න උබ ඉන්නවයැ

      Delete
    3. මම ඒක වගකිවයුතු හැමෝටම කියලා තියෙන්නෙ."තහනම" දැන්න ඉදලම ක්‍රියාත්මකයි.

      මම කියන්නෙ ආගමික කටයුතු එපා කියලයි.

      Delete
    4. ජීවිතේ තමන්ට වත් අයිති නැති කොට . . තමන්ගේ මරණය තමන්ට අයිති දෙයක් කියලා හිතාගෙන නීති පනවලා තියෙන එක හරිද මන්දා . . .

      Delete
  5. Replies
    1. හපෝ... මං ඌව දැකලා නෑ හීනෙන්.. :-D:-D

      Delete
  6. මම මේවා දන්නේ නෑ.. දන්න එකම දේ උඹ මැරුනොත් අපිට ආතල් කියලා විතරයි මම දන්නේ....

    ReplyDelete
    Replies
    1. අනිවා.. ඒක නන් මාත් දන්නවා නොවැ... අපි නොගත්ත ආතල් එකක් යැ ඔය.. :-D

      Delete
  7. තලාහේනේ කනත්තටනේ කොහොමත් ගෙනියන්නේ ඒක නිසා අවුලක් නැහැ ,අබියයි මමයි මරණේ වැඩඉවර වෙලා එහෙම්ම "හාවී" එකට සෙට් වෙනවා

    ReplyDelete
    Replies
    1. අඩේ. මං හොරෙන් බලං ඉන්නවා.. උඹලා මං ගැන මතක් කරලා බීපං ඇ.. :-D

      Delete
  8. අපිත් පුලුවන් විදිහට දවස් 7 එන්න බලන්නම්

    ReplyDelete
    Replies
    1. හපෝ.. උඹලා දවස් 7ක්ම එනවද ආතල් ගන්න.. :-D

      Delete
  9. සෑහෙන්න දරුණුවට මගේ මතකය ඇවිස්සුනා.....

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්... කලින් එක පාරක් මැරිලා හිටිය වග දැනන් හිටියෙ නෑනේ.. :-D

      Delete
  10. දැන් කවදද උඹ මැරෙන්නේ.... අඳෝනා කිය කිය ඉන්නේ නැතිව විගහට මැරිය... නැන්නම් කට පියන් හිටු....

    ReplyDelete
    Replies
    1. හිටින් සුට්ටක් ඉවසලා හදිස්සි වෙන්නැතුව.. එව්වා කලට වෙලාවට සිද්ද වෙයි...

      Delete
  11. සික් කාලෙකින් මල ගෙදරක නිදි මැරුවෙත් නෑ..අපි නම් එනවා..නිදි මරන්න..කෝකටත් බෝතල් ටිකක් වැඩිපුර අරන් තියහන් මල්ලියෙ මැරෙන්න කලින්.. මේ දවස් වල කෝඩෙ..

    ReplyDelete
    Replies
    1. අයියා ගල් තමා හොද නේ.. අයියට නන් ඉතින් ගල් කාලක් තිබ්බා නන් දවස් හතම අතේ තියාගෙන ඉන්න එකනේ.. :-D:-D

      Delete
  12. මා මල පසු මගේ සොහොන් කොතේ අදෝනාවක් කොටනු මැනේ -පසන්-

    ReplyDelete
    Replies
    1. හසී.. උඹ ඒ වැඩේ ගැන සුට්ටක් කල්පනාවෙන් ඉදලා වැඩේ කරපං.. ඔන්න උඹටත් මං වගකීමක් දුන්නා ඇ.. :-D

      Delete
  13. හීනෙන් ගොක් කොළ, සොහොන් කොත් පේනවා නම් වැඩේ හරි :D

    ReplyDelete
    Replies
    1. තාම සීන් එක එච්චර දුර ගිහින් නැතුවා වගේ.. :-D

      Delete
  14. බ්ලොග් සහෝදර වරුනි බැනර් එකක් ලෑස්ති කලානම්

    ReplyDelete
  15. අනේ බන් මට එන්න වෙන්නේ නෑ . . මම වට්ටක්කා කන්නේ නෑ

    ReplyDelete
  16. සුචිරානනී අහන්න එකපාර මා මරන්න....................නිර්මාණයනම් එච්චර සාර්ථක නෑ.....මචං

    ReplyDelete
  17. දැන් නම් හත් දවසේ වැඩත් ඉවර ඇතිනේ.....

    ReplyDelete
  18. ඉක්මනට මැරෙනවද?

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...