Monday, January 14, 2013

අතරමග......


පායන රන් තරු සඳු අතරත්
පාවෙන විසිරෙන වළාකුලෙත්
නුඹ සුසුමින් සැදි මදු බඳුනෙත්
සොයනෙමි ආලය මම තවමත්

දෑගිලි පටලා පිය මං කරලා
නෙතු මත නෙක පැතුමන් පුරලා
ආලය සොයමින් වෙහෙසිලා
ගත සිත තවමත් මුලාවෙලා

නුඹ රුව සිත මත සිතුවමක් වෙලා
ඒ රුව හදවත උමතු කලා
සද තරු රහසෙම මිලින වෙලා
හදවත පමණක් තරුණ වෙලා

10 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  2. හදවත පමණක් අවදි වෙලා...

    ReplyDelete
  3. ආලය සොයමින් වෙහෙසිලා
    ගත සිත තවමත් මුලාවෙලා

    ReplyDelete
  4. සද තරු රහසෙම මිලින වෙලා
    හදවත පමණක් තරුණ වෙලා

    හ්ම්ම්ම්ම්ම්...ඒ ටික නම් පට්ට......

    ReplyDelete
  5. //ඒ රුව හදවත උමතු කලා // හී හී.. ++++++++

    ReplyDelete
  6. හදවත පමණක් තරුණ වෙලා

    හ්ම්ම්ම්......

    ReplyDelete
  7. සෑම තැනකම හිදී නම් ඇය
    ඇගෙ දෙනෙත-වත-සොදුරු හදවත
    තනිකමක් නැත සෙනෙහසට යළි
    කදුළු වියලා සිනාසෙනු මැන..

    දෑත් පටලා ඇවිද යන තැන
    කොතැනදී හෝ වැරදුණිද මග
    සදත් මිලිනව තරුත් විසුණුව
    අහස වියරුව හඩා වැටුණිද

    රුවක් වේ නම් සිතුවමක් ලෙස
    මැකී ඇදෙමින් නැවත සිත මත
    කොතෙක් කල් ගත වුවත් දින දින
    කෙසේ මහලුව යාද ඒ හද..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...