Monday, March 15, 2010

තනියට ලියන කවි (Part 1)

මල්සර හීය පෙම් සිතකට වැදුනාම
පින් මද ළදුන් වුව බැබලෙයි මුතුසේම
යන්නට ගිය කලක හැරදා නොකියාම
නොමරා මරති උන්ගේ හැම ගතියක්ම

මගෙ හදවත නැත තාමත් පුදලා
ඇත යෙහෙලියන් මල්ලක් ගත හැක පුරවා
දුටුවෝ කියත් ඒ මගෙ පෙම්වතියන් කියලා
දන්නෝ දනිති මම විදිනා දුක් මේවා

සුන්දර හදට කවි පද වැල් අමුනාලා
ලෝකෙට පෙනෙන්නට බොරුවට හිනැහීලා
මතෙකෙට ආපු හැම මොහෙතම දුක්වීලා
කාවද රවටන්නෙ බොරුවට පෙන්නාලා

යන්නට එපා නුඔ මා හැර කිසිකලක
ලංකර ගනු එපා අන් කෙල්ලෙකු කිසිවිටක
පහදා කියූ නුඔ හැරදා ගිය විටක
හිටි කෙල්ලනුත් අද නැත මගෙ තනිකමට

4 comments:

  1. හරි හරි ඉතින් කෙලින්ම කිව්වනම් ඉවරයිනෙ මල්ලක් පිරෙන්න කෙල්ලො ඉන්නවා කියලා ;)

    කොහොම නමුත් හොඳ නිර්මාණයක් පසන්. පොඩ්ඩක් විතර හාස්‍යායත් මුසුවෙලා වගෙ

    ReplyDelete
  2. ඒකනෙ දිල් වැ‍ඩේ. හිනා වෙලා කථා කරාම හිතන්නෙ ලව් කියලා.කොච්චර හිටියත් මාව තේරුන් ගත්ත කෙනෙක් නැහැනෙ. එයාලට මාව ඔනි එවෙලෙට හිනා වෙන්න විතරනෙ දුක තමයි රංජනී කිව්වලු...........

    ReplyDelete
  3. ///මල්සර හීය පෙම් සිතකට වැදුනාම
    පින් මද ළදුන් වුව බැබලෙයි මුතුසේම
    යන්නට ගිය කලක හැරදා නොකියාම
    නොමරා මරති උන්ගේ හැම ගතියක්ම///

    මල් පිපෙනා ලන්දේ තුත්තිරි මල් ද?
    දෙල් හැදෙනා හැළියේ වැ‍ටකොළු දෙල් ද?
    අලියා දුවන තැන මීයා රජ වෙති ද?
    කන්නට බැරි වුණොත් මිදි ඈඹුලයි කී ද?


    ///මගෙ හදවත නැත තාමත් පුදලා
    ඇත යෙහෙලියන් මල්ලක් ගත හැක පුරවා
    දුටුවෝ කියත් ඒ මගෙ පෙම්වතියන් කියලා
    දන්නෝ දනිති මම විදිනා දුක් මේවා///

    නීළියක් වුණොත් යන යන තැන පිරිමි ඇදේ
    බලියක් වුණොත් බැලු සඳ හිසරදය සැදේ
    ඇලියොන් එකක් ගන්නට ගැහැණුන් නොබැඳේ
    දැන ගන් මිතුර ආලය එන්ට කල් පෑදේ


    ///සුන්දර හදට කවි පද වැල් අමුනාලා
    ලෝකෙට පෙනෙන්නට බොරුවට හිනැහීලා
    මතෙකෙට ආපු හැම මොහෙතම දුක්වීලා
    කාවද රවටන්නෙ බොරුවට පෙන්නාලා///

    කන්නට ඕනමුත් කබරයා කෑ හැකි ද
    යන්‍නට යන්නෙ දඹුලුත් තලගොයි කත් ද
    බොන්නට ඕන විට ගල්‍ පොල් විස්කි වෙ ද
    මල්ලියෙ බොරුව හැමදා පල නොම දෙයි ද?


    ///යන්නට එපා නුඔ මා හැර කිසිකලක
    ලංකර ගනු එපා අන් කෙල්ලෙකු කිසිවිටක
    පහදා කියූ නුඔ හැරදා ගිය විටක
    හිටි කෙල්ලනුත් අද නැත මගෙ තනිකමට///

    ගන්නට ගියත් මේ ලොව පළ රුසිරු ළඳ
    දංකුඩ ටිකක ගණනක් උන්ට නොම සඳ
    එන්නට වන් විටක ඕනෑ නැති වුව ද
    එනු ඇත යුවතියන් හඳටත් උඩින් පැන

    Thejan Rathnayake
    http://lankanthoughts.blogspot.com

    ReplyDelete
  4. thejan...
    මල් නැති කැලේ තුත්ඉරි වුව මල්සේය
    දෙල් නැති කලට වැටකොලු අම රස බදුය
    අලි දිව්ව පසුව මීයා එහි රජ වේය
    කන්නට හැකි වුවත් අමු මිදි තිත්තයිය

    පෙර මං බලන් හිටියෙමි මම කල් එනකම්
    බලියක් වුවත් කම් නැත එනවානම්
    ඇලියොන් එකේ නැග යන විට දෙන්නා නම්
    නිළියොත් බලති දෙවරක් ඉඩ දෙනවා නම්

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...
There was an error in this gadget