Friday, May 14, 2010

කවි මඩුව ගැන මට හිතුන දේ

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ සද පැටිය ගොඩාක් සතුටින් හිටියා.ඒ වෙන මගුලක් නිසා නෙමේ. ඒ මේ කවි මඩුවක්ද මොකක්ද නිසා. මගේ හිතට කොච්චර සැහැල්ලුද කියනව නන් WTC උඩම තට්ටුවෙ ඉදල බිමට පැනල අත් දෙක වනපුවම ගලදාරි එකේ වහල උඩට පියඹාගෙන යන්න පුලුවන් තරමෙ සැහැල්ලුවක් දැනෙනව මම ඒක කරන්නෑ මොකද මට වහලෙන් බිමට බැහැ ගන්න බැරිවෙයි කියල හිතට බයයි..

ඉතින් ඔය මඩුව ගැන මට හිතුන දේ කියන්න කලින් මට වෙච්ච දේ කියන්න ඔනිනෙ. පසන් බබාගෙ ඇග හැම තැනම කැපුම් පාරවලුයි පොලු පාරවලුයි පිරිල .කවුද දන්නවද මේ අහින්සකයට එහෙම කරේ පොඩ්ඩක් හිටින්නකො කියනකන්.
මගේ අංක එකේ හතුරා තමයි දිල් ​කියන කෙල්ල අර මොනවද මන්ද අහුලන කලු කෙට්ටු කෙල්ල දැන් මතකද? අන්න එයා තමයි ඔයාල දන්නැ එයා මට තුන් පාරක් පිහියෙන් ඇන්නා.. ​

පළවෙනි පාර පාන් කපන පිහියෙන් ඊට පස්සෙ උල් පිහියකින් අන්තිමට මට රම්බෝ පිහියකින් ඇන්නනෙ බොකු බඩවැල් එලියට එන්න. එකි හරි වසයි අපේ ගමේ ඇසිලින් නැන්ද වගේ. හරි දරුනුයි මාත් නිකන් හිටියෙ නෑ වැටේ තිබ්බ වැටමාර කොට්ටක් කඩාගෙන එයාට හොදට තඩි බෑව. ඊට පස්සෙ එයාට මල පැනල කුස්සියට දිව්වනෙ වංගෙඩිය උස්සන් එන්න මට ගහන්න වෙලාවට. ඒ කෙල්ලට ඇගේ හයිය හත්තිය නෑ. අම්මප නැත්තන් ඔකි මාව එතනම මරනව වංගෙඩියෙන් ගහල. පෙර පිනකට මම බේරුනේ. එයා බැරි වෙලාවත් අපේ හිපෝ අක්කගෙ සයිස් උනා නන් ඔයාලට සදගෙ මල ගමට තමා එන්න වෙන්නෙ.

එයාගෙන් බේරුනා කියමුකො ඊට පස්සෙ ආවනෙ ඉලංදාරියෙක් මට තඩි බාන්න දෙකේ හතරෙ පොල්ලකුත් අරගෙන මම දුන්න දෙකක් උඩින් ගිසින් පස්ස බිම ඇනෙන්නම මටත් ඉතින් පාරවල් දෙක තැනක් වැදුනා ඔව මොකද අපි අපිනෙ.

ඊට පස්සෙ අප්පා මහ දරුණු ළමයෙක් හම්බ උනානෙ. දෙයියනේ උගේ සැර කඩුවෙන්මයි කොටන්නෙ. නමනන් මොකක්ද අනුරාධද කොහෙද.එකා මට ගැහුව ගැහිල්ලක් අම්මප මම හිතුව මැරිල වැටෙයි කියල. පුදුම ලේ රත් වීමක්නෙ තියෙන්නෙ. අප්පා මම බේරුන බේරිල්ල දෙයියො බැලුව වගේ.

ඊට පස්සෙ දෙයියනේ කියල ප්‍රේමයක් කරන්න පටන් ගත්ත මඩුව ඇතුලෙදි කොහෙද අර සොබා දහම ඇවිත් ඒකිව උස්සන් ගියානෙ පස්සෙ කියනව මට ආයෙත් භාර ගන්නලු අපි අහුවෙයි ඔවට හූ..... හූ...... මම ගත්තෙ නෑ ඒ බර බාගෙ අපි තාමත් කුලුදුල් හරිද හූ....හූ.....

ඔන්න ඊලගට තමයි සීන් එක අර අපේ හැම වෙලේම නිදන් ඉන්න නංගි අර හීන දකින්නිය ස්වප්නා කියල ලදැරිය හොද ළදැරිය හිටපු ගමන් නින්දෙන් නැගිටල එනව කියපන්කො තඩි මෝල් ගහකුත් උස්සගෙන ඔලුවටමයි ගහන්නෙ සද බබාගෙ තෙල් වල බේරුනේ අනූ නමයෙන් හිටපු ගමන් ඇවිත් මෝල් ගහෙන් ගහල අයෙත් නිදා ගන්නව නරක හීනයක් දැක්කම වෙන්නැති ඇහැරෙන්නෙ පවු අහින්සක එකි මොනව උනත් දුකේ බෑ හීන කියල ඔහොමත් හීන දකිනවද මම අහන්නෙ.

හික්.... හික්.... අපේ හිපෝ පැටිය ආවනෙ අර තනි දතත් ඉස්සරහට දාගෙන මට තඩි බා​න්න.මමත් නිකන් හිටියෙ නෑ දුන්න රිටර්න් එක පැලෙන්නම. ඒත් එයාට නන් ඒක දැනෙන්නැතුව ඇති අලි ඇගනෙ තෙල වැඩිද කොහෙද මටත් ඉතින් පාරවල් දෙක තුනක් වැදිල තිබ්බ තැලුම් පාරවල් ටිකක් අපෙ අම්ම දැකල පෙන්නුවෙ මට ලැජ්ජෑවෙ බෑ ඉතින් මක් කොරන්නද නේ.

ඔන්න දැන් තමයි වීරය බැස්සෙ. ඒ කිව්වෙ අර ඔටුව පිටින් එන සහෘදයා එකා ආවනේ රට ඉදි ගහකුත් එක අතකින් අරගෙන අනිත් අතින් යකඩයකුත් අරගෙන මට කෙලින්න අම්මප මාත් දන්න වැඩ දාල බේරුනා නැත්තන් කෙලියම තමා අහින්සක පාටට හිටියට මොකෝ උගෙ සැර. හපන්නමයි පනින්නෙ. හරි දරුනුයි අප්පා මෙයාල
ඒ ඉතින් හතුරුනො ඊලගට මිතුරො අංක එකේ මිතුරිතමා අර පබලු කියන කෙල්ල අප්පා ඒකිගෙ සැර පබලු හතර අතේ විසි වෙනව කවි ලියද්දි සෙල්ලන් නෑ බට්ට ටගේ හිටියට කවියට හරි දස්සී එකි (වෙන නැත්තන් පුහ්) කොච්චර හොදට දීග කෑවත් ඒ කෙල්ලත් එක්ක හිටපු ගමන් ගහනවනෙ බත් මුට්ටියෙන් ඔලුවට මාත් ඉතින් ඒ වෙලාවට පරිප්පු හැලියෙන් එකිගෙ ඔලුවට ගහල නිකන් ඉන්නව මම කියල වෙන මක්ක කරන්නැයි ඉතින් ආ කියන්න අමතක උනානෙ ඒ කෙල්ලට කවුදෝ මන්ද බොරුවක් කියල ඔසරිය ඇන්දම නිළියක් වගේලු නිළියො දැකල නැති ​කෙනෙක් වෙන්නැති කියල තියෙන්නෙ පවු එයා හිතන් ඉන්නෙ ඒ ඇත්ත කියල පවු ඔහොම මිනිස්සුන්ව රවට්ටන්න හොද නෑ නේපවු අසරණ කෙල්ල කලු උනාට සිරියාවන්ත එකි පවු රවට්ටල දුකේ බෑ

ඊලග මිතුර තමයි සොරෝ අසුපිට නැගගත් අසරුව සොරෝ හික්..... හික්...... මම හිතුව ඒකා ලොකු අයියෙක් කියල මොකෝ නම දැක්කම මතක් වෙන්නෙ නාකි ලොන් හැලිච්ච මූණක්නෙ බැලින්නන් මටත් වැඩිව බාලයි කියහන්කො. ලැජ්ජාවෙ බෑ අයියෙ කියලත් කිව්ව ෂික්.... නවනිංගිරාවයි උනේ.
තව හිටිය අනේ කට්ටිය ඔක්කොම ගැන කියන්න ගියොත් මේ ලියන එක දිග වෙනවනෙ ඒ නිසා කෙටි​යෙන් කියන්නන් නිශාචරය වැප් ඒ වගේ ගොඩක් අය හිටිය මාත් එක්ක රන්ඩු කරල නම කියවුනේ නැති කෙනෙක් හිටියොත් මට සමා වෙන්න හොදේ..
දැන් මේක අහවර කරමු. කියන්නට දේ නන් බෝමයි දැනට ඇති කියවන ඔයාලටත් වෙන වැඩ ඇතිනෙ මම විශේෂයෙන් ස්තූති කරන්න ඔනි ගීත් සහෝට.. මේ වටිනා අදහස ගෙනාවට ගීත් උඹට ඒකට ගොඩාක් පිං ඊලග කෙනා තමයි වැප් සහෝ මට කවි මඩුවට ගොඩ වෙන්න බැරුව ඉන්න (System අවුල් වෙලා)හැම වෙලාවදිම පිහිටට අවෙ එයා තමයි.. ඒකටත් ගොඩක් ස්තූතියි ලාංකීය සිතුවිලි එකටත් ඔන්න ස්තූති කරා මේ වගෙ දෙයක් කර එකට..

මේ ලිපිය ගොඩක් ලොකු උනා හිතේ තියන සතුට කියන්නත් ඔනිනෙ සමා වෙන්න දිග වැඩි උනාට මාව සතුටෙන් තියපු ඔය හැමෝටම පිං මගේ අතින් හිත් රිදීමක් එහෙම උනා නන් සමා වෙන්න හොදේ මම පවුනෙ
මම ගියාවෙ මේ ලිපිය මඩුව ඉවර වෙන්න කලින් ලිව්වෙ නිවාඩු දවස් වලට මට ඇත්තටම නිවාඩුවක් නැතී නිසා පංති යන්න තව වැඩ ගොඩක් තියන නිසා ඒ ගැන අහිතක් හිතන්න එපා හොදේ

මම ගියා එහෙනන් අන්තිමටත් කියන්න තියෙන්නෙ මම නගරේ කොල්ලෙක්....... දෑවැද්ද බලාපොරොත්තුවන.......මහා කලු සිංහලයෙක්.... හූ ....හූ...... මගේ පැත්ත දින්නා හූ ....හූ...... අනිත් අය පරාදයි හොදේ...



15 comments:

  1. අනේ පව්.....ලැජ්ජාවක් නැතුව ගුටි කාපුවා රහ කර කර ලියන එක කොල්ල හික්ස්.....මොනා කරන්නද පසනෝ......ගමකට ගුටි කාලනෙ දුක තමා ඉතින්...

    ReplyDelete
  2. මාද ඔබගේ බ්ලොග් ග්ල දිටිමි....

    ReplyDelete
  3. දිල්/

    අපි ඇත්ත කියන හොද ලමයිනෙ. ඔයා තමයි අම්බානක මඩනාලා වීරය වගේ ඉන්නෙ.හූ.....හූ ......අපිනන් මඩ නෑවෙ නෑ. ගුටි කෑව විතරයි හික්... හික්.... හික්....

    ReplyDelete
  4. ස්තුතිය සහ හූ පාර එකමට හු.....................................................

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම්...

    ඇත කොනේ සදරැස් පහසට
    සුදු මල් පිපිලා වාගේ ....
    සෙනෙහස රැගෙන සද එතැනම
    නතර වෙලා වගේ ...

    ලස්සනට හිනහුන ඒ තරැ පොකුරැ
    අද නිවි ගිහින් වගේ...
    රටා මැවු ඒ කවි සිතිවිලි
    අද මිය ගිහින් වගේ...

    සද උනුහුමට තුරැලු වන්න හිතුවත්
    දැන් එය හිනයක් වගේ...
    සද එලියට ආදරේ කලත් සද
    අහස අමතක කර ගිහින් වගේ...

    ReplyDelete
  6. ඔන්න මමනම් පොඩි එකා එක්ක වළියට ආවෙ නෑ... මට හොඳ bite case ටිකක් set උනානේ මදි නොකියන්න.. එක්කෙනෙක් තව පොඩ්ඩෙන් කවි මඩුව මැද්දෙ තොවිලෙකුත් නටනවා බය වුන බයවිල්ලට... හූ හූ.... :D ඒ නම් ටිකත් උඩ තියෙනවා, ඉතින් දන්නෝ දනිති.... හික් හික්... :D :D

    ReplyDelete
  7. indi /

    බොහොම් ස්තූතියි හැමදාමත් වගේ මම ලියන කියන ඒවා බලන එකට

    ගීත්/
    හූ......... හූ.........අපි දින්නෝ

    ReplyDelete
  8. නිපූ/
    මේ මොකද මේ අලියයි පාන් පෙත්තයි කිව්වලු මක්කැයි උනේ

    ReplyDelete
  9. නිශාචරයා/
    මම දන්නව ඒ කෙනාව අර මහත බබා නෙ එයාට අම්මා දෙහි කැපුවලු පවු අසරණ කෙල්ල හික්.... හික්..... හික් ....

    ReplyDelete
  10. මිතුරි මිතුරි කිය කිය ඉදලා
    මෙකා ගහල මට මඩ තලි ගුලි කරලා

    පසන් ඔය නිකන් මඩ නාගෙන දගලද්දි මම නේ ඇවිත් බේරගත්තේ.ඔවු ඉතින් හිටි හිටි ගමන ගැහුවා තමයි බත් මුට්ටියෙන් ඒවා ඉතින් ජොලියටනේ,ඒ වුනාට ඔයා පරිප්පු හැලියෙන් ගහනකොට අනිත් අය එක්ක පරිප්පු එක්ක පාන් කැවා රස කර කර.

    ඔය අන්තිමට කිව්ව ටික ආයිම එඩිට් කරන්න වෙනවා පසන් මෙන්න මෙහෙම
    (නගරේ කොල්ලෙක්/කෙල්ලෙක්....... දෑවැද්ද බලාපොරොත්තුවන.......මහා කලු සිංහලයෙක් නෙවෙයි ලස්සන සුර අගනක් වගේ කෙල්ලෙක්.... හූ ....හූ...... මගේ පැත්ත දින්නා හූ ....හූ...... අනිත් අය පරාදයි හොදේ..)

    ReplyDelete
  11. අඩේ පබලු

    පබලු නෙමේ බුබුලු වෙන්න දෙන්නෙ මට ඉතින් හොද දේවල් මතක් වෙනව ප්‍රසිදධියෙ කිනන්න බෑනෙ මම කිව්ව කියල හිතා ගන්න.

    තාම කවියෙන් වගේ වැඩ නේ හ්ම්ම් හොදා හොදා දැන් වත් ඔක නවත්තන්න කවි මඩුව ඉවරයිනෙ

    අපාරාදෙ ගහන්න තිබ්බෙ පරිප්පු හැලියෙන් නෙමේ මොල් ගහෙන් සිහි නැති වෙලා එතනම වැටෙන්න

    හික්... හික් ....හික් ....

    ReplyDelete
  12. හාපෝ හරිම නරියෙක් තමා... දෑවැද්ද කටට වැටෙන කං බලා ඉන්න, නගරේ කොල්ලා :P

    ReplyDelete
  13. ස්වප්නා/
    ආ මෙයත් කාලෙකින් නැගිටල තියෙන්නෙ සුභ උදෑසනක්......:D :P

    ReplyDelete
  14. අපිට මේ දවස් වල නහුතෙට ට්‍රේනින් හලෝ.. නැත්තං දනී ඇහැරිලා ඉන්න විදිහ

    ReplyDelete
  15. ස්වප්නා /
    ඒවා කලට වෙලාවට කරගන්න කවි ලිව්ව වගේ නෙමේනෙ ඒවා ​හරි හරි වෙන වෙලාවක හරි වලියක් දාගමුකො එහෙනන්.. hik hik hikz... :D

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...