Monday, May 24, 2010

කොල්ලන්ට පමණයි

අද ලියන්න යන දේ කොල්ලන්ට පමණයි. ඒ කිව්වෙ අද මම ලියන්න හදන්නෙ ගැහැණීය ගැන. පෙම්වතිය බිරිද මේ මොන විදිහකට බැලුවත් ගැහැණිය තමයි සතුට. ඒ ගැහැණිය ගැන කෙටියෙන් ටිකක් ලියන්න තමයි හදන්නෙ. දිගට ලිව්වොත් කොටස් කඩන්න වෙන නිසා කෙටියෙන් ලියන්නන්. දිගට ඔනි නන් කියන්න තව පෝස්ට් එකක් දාන්න බැරියැ නෙ.

"ගැහැණියකට තම සැමියාගේ කබාය මත රැදුනු කෙස් ගසක් මීටර් 20 ක දුර සිට පෙනෙන අතර මොටර් රිය නැවැත්වීමට එන විට ගරාජයේ දොර නොපෙනන බව එක්තරා පොතක සදහන් විය"

ගැහැනුන් සහ පිරිමින් වෙනස් ය. සිතුම් පැතුම් අශාවන් සහ හැකියාවන් අතරින්ද ඔවුනොවුන් වෙනස් වෙති. ලිපිය කෙටි කීරිම පිණිස කරුණු වශයෙන් පමණකි දක්වමි.

ගැහැණියට බොරු හදුනා ගැනීම සදහා සහජ ඉවක් පවතී. තම සැමියා/පෙම්වතා බොරුවක් පවසන විට ඇයගේ දෙනෙත් දෙස බලන්න. එය ප්‍රමාණයෙන් විශාල වන අතර බොරුව පවසා යන්නට යන විට ඇය සැක හැර දැන ගැනීමට මෙන් ඔහු පසු පසම පැමිණේ.

අනිකාගේ අදහස් තේරුම් ගැනීමට පිරිමින්ට වඩා වැඩි හැකියාවක් ඇත. උදා* පියකු අත තම දරුවා අඩන විට මේ අම්මා නැති නිසයි හඩන්නේ යනුවෙන් පවසනු විනා පියාට තම දරුවා වටහා ගැනීමේ හැකියාවක් නැත. නමුත් ගැහැණියත් දරුවකු අඩන විට ඒයට හේතුව සහ කල යුතු දේ මැනවින් දනී. එය ඈත යුගයේ සිට පැවත එන්නකි. පිරිමියා දඩයමේ ගොස් කෑම සැපයීම සදහා පරිනාමනය උන අතර ගැහැණිය තම දරුවන් නිවස බලාගැනීම සදහා පරිනාමනය වී ඇත.

ඇස් වලින් යමක් දෙස බැලීමේදී ගැහැණුන්ට පුලුල් ප්‍රදේශයක් පෙනෙන අතර පිරිමින් උමගක් තුලින් මෙන් ඈතට දකිති. ගැහැණුන් පිරිමින් දෙස හොරෙන් බලන අවස්ථාවල පිරිම්නට කලාතුරකින් එය අසු වන්නේ මෙම දර්ශන ප්‍රදේශවල තිබෙන වෙනස් කම නිසාය.

ගැහැණුන්ගේ කන් ඇසීමද පිරිමින්ට වඩා හොදින් සිදුවේ රාත්‍රියේ තම දරුවා හඩන ශබ්ධයට පිරිමියන්ට වඩා ඉක්මනින් ගැහැණිය හදුනා ගනී.

අපි දැන් බලමු ගැහැනියකගේ හිත දිනා ගන්නා ආකාරය.....................

නිතරම ගැහැණියකට සවන් දිය යුතුය. ඇය කථා කරන අවස්ථාවන් වලදී එයට බාදා කිරීමෙන් ඇය පිරිමින් ගැන කලකිරීමට පත්වේ.
ගැහැණියක් පිරිමියකු සමග බොහෝ කථා කරයි නම් එයින් අදහස් වන්නේ ඇය එම පිරිමියා කෙරෙහි ආකර්ශනයක් පවතින බවයි.

ගැහැනුන් නිතරම තම අදහස් ප්‍රකාශ කරන්නේ වක්‍රා කාරයෙනි එය තේරුම් ගැනීමට පිරිමියාට හැකි විය යුතුය එසේ නොවුනහොත් ගැහැණිය දුක් වේ.

මිතුරන් අතර සිටිනවිට තම පෙම්වතියගේ හෝ බිරිදගේ අත අල්ලාගෙන සිටින්න. එය මගින් ඇයතුල පිරිමියා කෙරෙහි වැඩි විශ්වසයක් ඇති වේ.

පෙම්කරන සමයෙහි ලිංගික ඇසුරු කීරීම් සදහා කිසිවිටකත් බලපෑම් නොකල යුතුය. එය මග හැර දෙදෙනාම එකතු වී බොහො වේලා පිළිසරක යෙදී සිටීමෙන් වැඩි ආදරයක් ලබාගත හැක.

ගැහැණුන් ආදරය කිරීමටත් පෙමින් වෙලී සිටිමටත් අධික ලෙස අශාවක් දක්වති.

කිසි විටකත් ගැහැණියක් කථාකරන අවස්ථාවල​දී වෙනත් ක්‍රියාකාරකම් සිදු කිරීමනේ වලකින්න. එවිට ඔබ ඇයට ආදරේ නැතැයි යන සිතුවිල්ල ඇයතුල හට ගනී.

ඇයගේ විසින් කරන හොද ක්‍රියාවන් සහ ඇගේ ලස්සන නිතරම අගයන්න. උදා* අද උයපු කෑම රසයි... ලස්සන ඇදුමක් මේක ඔයාට ලස්සනයි... එවැනි දෑ..

විවාහ උන පසු මසකට දිනක් හෝ රාත්‍රි කෑම සදහා එළි මහන් ප්‍රදේශයකට ගොස් දෙදෙනා කථා කරමින් ගෙවන දිනක්තුල ඇගේ සතුට වැඩි කල හැකි අතර වැඩි ආදරයක්ද පිරිමින්ට ලැබිය හැක.

ලිංගික ආස්වාදය (මේව කියවන පොඩි ළමයි නෑ කියල හිතනව) ගැහැනියට බොහෝ ලිංගිකආස්වාදය ඕනෑය නමුත් ඒ තමා ආදරය කරන තමාගේ සැමියාගෙන් පමණි පෙම්වතාගෙන් එවැන්නක් අපේක්ෂා නොකරයි. පෙම්වතා ලග සීටීමෙන් පමණක් ඇය සෑහීමකට පත්වේ.

අවසාන වශයෙන් නිතරම ගැහැණියකු සතුටු කිරීමට නම්...........

වැළද ගන්න, වර්ණනා කරන්න, සුව පහසු ලෙස හැසිරීමට ඉඩ දෙන්න, ආදරයෙන් අත ගාන්න, ඇල්ම මහත්සේ දක්වන්න, ඇය තම ජීවිතය බව හගවන්න, ඇගේ හැගීම් දැනීම් වටහා ගන්න, ආදර ගී ගයන්න, ඇය අගය කර කථා කරන්න, ඇයගේ කටයුතු සදහා උදවු කරන්න, ඇයගේ වේදනාවන් වලදී සුව පහසුව දෙන්න, ඇය අස්වස්සන්න, තුරුලුකර ගනිමින් තදින් සිප ගන්න, ඇය අනුමත කරන්න, ඇයට ඉතා උතුම් ලෙස ආදරය කරන්න..............

මේ හැම දේමත් කරල තම පෙම්වතිය දාල ගියොත් ඒක ඒ කෙල්ලගෙ පවුකාර කම නිසා වෙන පිං කරපු කෙල්ලෙක්ව හොයගන්න

තව විස්තර තියනව කෙටියෙන් දැම්මෙ කියවන අයටත් වැඩ ඇතිනෙ මේ පීළිබද වැඩිපුර කරුණු ආරියරත්න චන්ද්‍රවංශ මහතා විසින් පරිවර්තනය කරපු
"පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි" කියන පොත කියවල ලබා ගන්න පුලුවන් විවාහ උන අය ඒ පොත බැලුවනන් හොදයි කියල මම හිතනව මේ සමහර කරුණුත් එ පොතේ ඒව තමයි

මේ ලිපිය බැරි වෙලාවත් කෙල්ලෙක් බලලා එයාට හිතුනොත් පිරිමින් ගේ ආදරය දිනා ගන්නෙ කොහොමද කියල දැන ගන්න මට කියන්කො ඒකටත් මොනව හරි කරන්න බැරියැ

48 comments:

  1. බලමුකෝ එහෙනම් ඊළගට සෙට් වෙන කෙල්ලටවත් මේ උපදෙස් වලින් ප්‍රෙයා්ජනයක් ගන්න පුළුවන් වෙයිද කියලා

    ReplyDelete
  2. "අවසාන වශයෙන් නිතරම ගැහැණියකු සතුටු කිරීමට නම්..........."
    විවාහ වූ පසු, බීරි අලියෙකු සේ සිටින්න...!

    ReplyDelete
  3. බලමු කරලා.........ඉලග එකවත් හරි යයිද කියලා....හිකිz...එල එල.....

    ReplyDelete
  4. පසා බොහොම භාර දූර කටයුත්තකට අතගහලා වගෙ. ලොකයෙ අමාරුම ප්‍රහෙළිකාව තමයි ගැහැනිය , මෙක ඔයිට කලින් විසදන්න ගිය උන් නතර් වුනෙ පිස්සන් කොටුවෙ මගෙ යාලුවා, උඹ අභිධර්මය ඉගෙනගනින්, සාපෙක්ෂතාවාදය ඉගෙන ගනින්,ලොකයෙ තියන ඔනෑම අමාරු විෂයකට අත තියපන් ගැහැනිය හා ඇයගෙ විස්තර විශ්ලේෂනයට ඇරෙන්න. උඹට ජය....

    ReplyDelete
  5. ඔළුව බිම තියාගෙන කියවන්න පසනනඩු තරමින් මොලේ හෙල්ලීලාවත් දෙයක් තේරුම් ගන්න පුළුවන් වේවි :p

    මම දෙයක් කියන්නද පසන්, ඔයා අඩුම තරමින් පොතක් කියවලාවත් ගැහැණියක් තේරුම් ගන්න උත්සාහ කරනවා. මම නම් කවදාවත් පිරිමියෙක්ව තේරුම් ගන්න උත්සාහ කරන්නේ නෑ. මොකද ඒක අනවශ්‍යය දෙයක් කියලා මට හිතෙනවා. අපි දකින, අපිට දැනෙන කෙනෙක් මිසක් අපි හිතන කෙනෙක් අපිට කවදාවත් තේරුම් ගන්න බැරි නිසා

    ReplyDelete
  6. අපොයි දෙයියනේ ඔය ඔක්කොම කරන්න ඕනැද ? :D

    ReplyDelete
  7. ගීත් /
    අනිවා අනිවා ​ඊලග එකටවත් වැඩක් කර ගන්න මේ ටික මතක තියා ගන්නකො.......

    වැප්/
    මොකෝ හිනා වෙන්නෙ..........

    පාඨකයා /
    සම්පූර්ණ ඇත්ත කට පියාගෙන ඉන්න තරමට අපිට හොදයි හික්... හික්... හික්...

    ReplyDelete
  8. ඉලංදාරියා /
    ගීත්ට කිව්ව වගේම තමා ඉතින් එතකන් මේ ටික මතක තියාගෙන ඉන්නකො හික්... හික්... හික්...

    රවා/
    අපෝ මචන් මම ගැහැණු තේරුන්ගන්න යන්නැහැ.. එයාල කැමති දෙවල් කරල ඉන්න ටිකේ සතුටින් ඉන්න හදනව විතරයි...

    ReplyDelete
  9. ගැහැනුන් නිතරම තම අදහස් ප්‍රකාශ කරන්නේ වක්‍රා කාරයෙනි එය තේරුම් ගැනීමට පිරිමියාට හැකි විය යුතුය එසේ නොවුනහොත් ගැහැණිය දුක් වේ.

    කථාව නම් සත්‍යය වේ.

    ඒකාලේ මගේ පෙම්වතියගේ නම දිල්. එක දවසක් අපි ආදරයෙන් වෙලිලා ඉන්න‍කොට කෙල්ල මාර කථාවක් කියුවා ගොඩක් පිරිමි බදින්න කලින් ඒවා මේවා කරන්න කැමතියි ලුනේ ඇත්තද?. අනේ මගේ ප්‍රේමය නම් එහෙම නෑ බදින්න කලින් මොකුත් කරන්නේ නෑ. මගේ ප්‍රේමය නිකලැල් පිවිතුරු එකක් කියලා බුදු ටෝකක් දුන්නා. හත් වලා‍මයි සතිගානකටක පස්සේ ‍මට බූට් එක හම්බ උනා. කෙල්ලගේ යාළුවෙකුගෙන් ඇහුවා හේතුව. පොන්නයෙකුට ලවු කරලා වැඩක් නෑ කියලා ඇය කියුවාලු.

    ReplyDelete
  10. දිල් /
    රවාට කිව්ව වගේ මම ගැහැණු තේරුන්ගන්න යන්නැහැ එයාලව සතුටින් තියල ඉන්න ටිකේ සතුටින් ඉන්න තමයි ඔනි.. ඔයාල කැමති නැද්ද තමන්ගෙ සහකරුගේ හෝ සහකාරි​යගේ සතුට වැඩි වෙන විදිහට ජීවත් වෙන්න...


    Confiuzd ප්‍රෝග්‍රැමර් /

    ඔවු ඔවු කොල්ලො එහෙමතමයි වැඩේ පොඩ්ඩක් අමාරුයි ලේසි නෑ ඉතින්

    ReplyDelete
  11. Anonymous /
    හත්වලාමයි කවුද මේ... කවුරු උනත් කමක් නෑ ඔයතරන් කේන්ති ගන්න හොද නෑ නෙ. හික්.. හික්... හික්... වැඩේ ඇත්ත තමා අමාරුම දේත් ඒක තේරුන් ගන්න එක තමයි ඉතින්..

    ReplyDelete
  12. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  13. ගෑනු පිරිමි කියලමත් නෑ බං. මනුස්සයෝ කවුරුත් තේරුම් ගන්න අමාරුයි. එක අතකින් අනුන්ව තේරුම් ගන්න මොකටද? තමන්ව තේරුම් අරන් ඉන්න බලමු.

    ReplyDelete
  14. දැන් කාලෙ කෙල්ලොන්ට ඕව හරියන්නෙ නෑ .. මයෙ හිතේ....
    කොල්ලා ඇක්ටිව් නැතිනම් හම්බවෙනවා බූට් එක ....

    ReplyDelete
  15. කාරුණික නිවේදනයයි කුණුහරුප භාවිතා කරල Anonymous ලාට comment කරන්න තියන නිදහස නැති කර ගන්නවට මම නන් කැමති නෑ ඒ නිසා ප්‍රවේශමෙන් වචන භාවිතා කරනමෙන් ඉල්ලා සිටිමි

    ReplyDelete
  16. ``` Outsider``` /
    අයියෝ....සහෝ.... මේ පෝස්ට් එක තේරුන් ගන්නකො. මෙතන කාවවත් තෙරුන් ගන්න ගිහින් නෑනෙ මේ තියෙන්නෙ තම සහකාරියව සතුටින් තියන විදිහක් ගැන විතරන එයාල කැමති දෙවල් තමයි කියල තියෙන්නෙ මේකෙ ගැහැණු තේරුන් ගන්න ගිහින් නෑනෙ මචන්.උඹ කියන දේ එක්ක මම සමුපූර්ණ එකගයි. මට මාවවත් තේරුන් ගන්න බැරිව කොහොමද ඉතින් වෙන කෙනෙක්ව තේරුන් ගන්නෙ. ඒක සම්පූර්ණ ඇත්ත මේ ලියල තියෙන්නෙ සතුටින් ජීවත් වෙන්න උපකාරීවෙන අදහස් කීපයක් විතරනෙ :(..........

    ReplyDelete
  17. මේකටම සම්බන්ධ හොඳ රසවත් කතාවක් මට මතක් වුණා. ඒක කමෙන්ට් හැටියට නොදා වෙනම ලිපියක් හැටියට දාන්නම්. ඒක ටිකක් අනුවේදනීයයි... මට නොවේ... එයට මුහුණ දුන් මගේ හිතවතාට.

    ReplyDelete
  18. kumaraya /

    ඒක එක එක කෙල්ල මත පදනම් වෙනව එක තමයි මෙතන කියල තියෙන්නෙ වක්‍රව කියන දේ තේරුන් ගන්න කොල්ලට හැකියාවක් තියන්න ඔනි කියල. හැම කෙල්ලම එක වගේ නෙමේනෙ ඉතින් නෙ... ස්තූතියි අදහස් දැක්වුවට...

    ReplyDelete
  19. kumaraya /

    කුමාරයට වෙනම බොලොග් එකක් තියනවද Profile Not Available කියනවනෙ අනේ මන්ද ඇයි එහෙම වෙන්නෙ

    ReplyDelete
  20. මේකටම සම්බන්ධ හොඳ රසවත් කතාවක් මට මතක් වුණා. ඒක කමෙන්ට් හැටියට නොදා වෙනම ලිපියක් හැටියට දාන්නම්. ඒක ටිකක් අනුවේදනීයයි... මට නොවේ... එයට මුහුණ දුන් මගේ හිතවතාට.

    ඔව්.. මල්ලි.... මගෙ කුමර දිවිය කියන්නෙ මගෙ බ්ලොග් එකට තමයි.

    ReplyDelete
  21. කථාව නමි ඇත්ත තමා නමුත් මෙ ගැන නිසි අවබෝධයක් නැති එක පවුල් අවුල් වෙන්න ප්‍රධානම හේතුවක්...

    ReplyDelete
  22. kumaraya/

    නම click කරාට ඔයාගෙ බ්ලොග් එක එන්නැහැනෙ. ඒකයි ඇහැව්වෙ. පුලුවන් නන් අපිටත් ඔයාගෙ බ්ලොග් එක කියවන්න පුලුවන් විදිහක් හදන්නකො.

    ReplyDelete
  23. Tera@® /

    හ්ම්ම්.... ඒක තමයි කසාද බැදපු අය ඔය පොත බලනව නන් හොදයි කියල මම කිව්වෙ. තව ගොඩක් කරුණූ තියනව ඒකෙ. ස්තූතියි ගොඩක් මේ පැත්තට ඇවිත් අදහස් දක්වපු එකට.

    ReplyDelete
  24. issella ekak hoyaa ganda ooni mea tika karanda....

    ReplyDelete
  25. //පියකු අත තම දරුවා අඩන විට මේ අම්මා නැති නිසයි හඩන්නේ යනුවෙන් පවසනු විනා පියාට තම දරුවා වටහා ගැනීමේ හැකියාවක් නැත. නමුත් ගැහැණියත් දරුවකු අඩන විට ඒයට හේතුව සහ කල යුතු දේ මැනවින් දනී.//

    මේක හැමවිටම සත්‍ය නෑ. (සාමාන්‍යයෙන්) දරුවා සමඟ වැඩිපුර ඉන්නේ අම්මා නිසයි දරුවාව තේරුම් ගන්න ඇයට වැඩි හැකියාවක් ඇත්තේ. අපේ පුතාව තේරුම් ගන්න පුළුවන් එයාගෙ අම්මට වැඩිය තාත්තටයි!

    ReplyDelete
  26. @ ප්‍රසාන්ට
    ඔයා මල්ලි මේකට යන්න.
    http://hsamarakoon.myblog.lk/

    ReplyDelete
  27. රාවණා රජ්ජුරුවොMay 24, 2010 at 7:39 PM

    "අවසාන වශයෙන් නිතරම ගැහැණියකු සතුටු කිරීමට නම්...........

    වැළද ගන්න, වර්ණනා කරන්න, සුව පහසු ලෙස හැසිරීමට ඉඩ දෙන්න, ආදරයෙන් අත ගාන්න, ඇල්ම මහත්සේ දක්වන්න, ඇය තම ජීවිතය බව හගවන්න, ඇගේ හැගීම් දැනීම් වටහා ගන්න, ආදර ගී ගයන්න, ඇය අගය කර කථා කරන්න, ඇයගේ කටයුතු සදහා උදවු කරන්න, ඇයගේ වේදනාවන් වලදී සුව පහසුව දෙන්න, ඇය අස්වස්සන්න, තුරුලුකර ගනිමින් තදින් සිප ගන්න, ඇය අනුමත කරන්න, ඇයට ඉතා උතුම් ලෙස ආදරය කරන්න..............

    මේ හැම දේමත් කරල තම පෙම්වතිය දාල ගියොත් ඒක ඒ කෙල්ලගෙ පවුකාර කම නිසා වෙන පිං කරපු කෙල්ලෙක්ව හොයගන්න"


    සහතික ඇත්ත....
    කොල්ලට තේරිල තියනව....

    ReplyDelete
  28. රාජිත අනුරාධ /
    ඒක ඇත්ත මෙන මගුල කරන්නත් එකක් හොයා ගන්න ඔනිනෙ හික්... හික්.... හික්ස්.....

    ReplyDelete
  29. kumaraya /

    එළ එළ මම බලන්නන්කො තැන්කූ

    ReplyDelete
  30. "ගැහැනුන් නිතරම තම අදහස් ප්‍රකාශ කරන්නේ වක්‍රා කාරයෙනි එය තේරුම් ගැනීමට පිරිමියාට හැකි විය යුතුය"

    ඕනම කෙනෙකුට කෙලින් කතා කලේ නැත්නම් කරන්න එපා කියන්නේ කුමක්ද? කරන්න කියන්නේ කුමක්ද? කියන එක තෝරා බේරා ගැනීමට අපහසු වෙනවා. එම නිසා කාන්තාවන් එය තේරුම්ගෙන කෙලින් කතා කල යුතුයි.

    "පිරිමියා දඩයමේ ගොස් කෑම සැපයීම සදහා පරිනාමනය උන අතර ගැහැණිය තම දරුවන් නිවස බලාගැනීම සදහා පරිනාමනය වී ඇත."

    මා දන්නා විදියට සත්වලෝකයේ (කොටි, සිංහයෝ) පිරිමි සතා දඩයමේ ගොස් ගැහැණු සතුන්ට කෑම සපයන්නේ නෑ නේද? තම තමන්ගේ කෑම තමන්ම සපයා ගන්නවා. කවුරු දඩයම අල්ලා ගත්තත් ගැහැණු සතුන් හා පැටවුන් ආහාර ගන්නේ පිරිමි සතා අනුභව කලාට පසුව නේද?

    ඔබ දක්වා ඇති අනෙකුත් කරුනු විදිමත් පරීෂණයක් කරන්නේ නැතුව හරිද වැරදිද කියල කියන්න බෑ. සමහර දේවල් ජානමය වශයෙන් ඇත්වූ
    ඒවාද, නැත්තම් සමාජීය වශයෙන් ඇතිවූ දේවල්ද කියන්න දන්නේ නෑ.

    ReplyDelete
  31. බුදු අම්බෝ.. අපි නම් ඔවුවට නෑ.. :D

    ReplyDelete
  32. "මේ හැම දේමත් කරල තම පෙම්වතිය දාල ගියොත් ඒක ඒ කෙල්ලගෙ පවුකාර කම නිසා වෙන පිං කරපු කෙල්ලෙක්ව හොයගන්න"

    පට්ට.............


    මරු කමෙන්ට් ටික :D :D

    "ඒකාලේ මගේ පෙම්වතියගේ නම දිල්. එක දවසක් අපි ආදරයෙන් වෙලිලා ඉන්න‍කොට කෙල්ල මාර කථාවක් කියුවා ගොඩක් පිරිමි බදින්න කලින් ඒවා මේවා කරන්න කැමතියි ලුනේ ඇත්තද?. අනේ මගේ ප්‍රේමය නම් එහෙම නෑ බදින්න කලින් මොකුත් කරන්නේ නෑ. මගේ ප්‍රේමය නිකලැල් පිවිතුරු එකක් කියලා බුදු ටෝකක් දුන්නා. හත් වලා‍මයි සතිගානකටක පස්සේ ‍මට බූට් එක හම්බ උනා. කෙල්ලගේ යාළුවෙකුගෙන් ඇහුවා හේතුව. පොන්නයෙකුට ලවු කරලා වැඩක් නෑ කියලා ඇය කියුවාලු. "
    :D :D :D :D :D :D :D

    ReplyDelete
  33. ඇයි කෙල්ලො දෙන්නෙක් හො ඊට වැඩියෙන් එක වරකට තියා නොගැනිම අමතක වුනාද???

    ReplyDelete
  34. nadeesthoughts /
    සමාවෙන්න ඔනි ඊයෙ comment එක දැක්කෙ නෑ මගේ බ්ලොග් එකේ අවුලක්...
    ප්‍රායොගිකව එහෙම වෙන්න පුලුවන්. මටනන් අත්දැකීම් නෑ...:D :D.. ඉතින් සංසාර බැදීම් කියල දේකුත් තියනවනෙ. මම මේ කියල තියෙන්නෙ ඉතින් පොත්වල තියන ඒවනෙ..

    රාවණා රජ්ජුරුවො/

    ස්තූතියි රජතුමෝ මේ පැත්තට ඇවිත් අදහස් දක්වපු එකට ....:D

    ReplyDelete
  35. xBoylk/
    කවදාවත් ගැහැණියෙක් කිසිම දෙයක් කෙළින්ම ඉල්ලන් නෑ ඒකට දෙන්නා අතර පොඩි හරි අවබෝධයක් තියන්න ඔනි මොනව කරන්නම අපි ඒකට පුරුදු වෙන්න ඔනි

    සත්ව මොලයේ පරිනාමනය සහ මිනිස් මොලයේ පරිනාමනය කවදාවත් සංසන්දනය කරන්න යන්න එපා පුලුවන් නන් මම සදහන් කරපු පොත බලන්න වැඩි අවබෝධයක් ගන්න පුලුවන් වෙයි

    ස්තූතියි අදහස් දැක්වූවාට

    ReplyDelete
  36. ගයන්ත/
    කවද හරි ඔවට එන්න වෙයි මල්ලියෝ එතකන් මතක තියාගෙන ඉන්න

    ReplyDelete
  37. අරුණ වීරසිංහ /

    ස්තූතියි මේ පැත්තට ආපු එකට

    Meeya/

    මාට්ටු වෙනකන් ඒක අවුලක් නැතුව කරගෙන යන්න පුලුවන්නෙ ඒ නිසා ඒක දැම්මෙ නෑ හික්.... හික්.... හික්ස්..... ස්තූතියි මේ පැත්තට ආවට

    ReplyDelete
  38. ගැහනියක් කියන්නේ කියවල ඉවර කරන්න බැරි පොතක් කියන්වනේ

    ReplyDelete
  39. මැක්සා කතාව...තව ටික කාලෙකින් මේව මටත් වැදගත් වෙයි:D

    >මේව කියවන පොඩි ළමයි නෑ කියල හිතනව
    ඉන්නවද කොහෙද :D:D:D

    ReplyDelete
  40. ඈත්තටම ඔය විදිහට තමන්ගේ කෙල්ලව තේරැමි ගන්න කොල්ලෙක් හමිබ වෙනවා නම් ඒ කෙල්ල ගොඩාක් වාසනාවන්තයි... හරියට මං වගේ...

    ReplyDelete
  41. max/
    ස්තූතියි අගය කිරීමට

    පිස්සා පලාමල්ල/

    හ්ම්ම් ඒක නන් ඇත්ත තමා ඒත් ඒ පොතෙන් ටිකක් හරි කියවන්න වෙනව නෙ

    ස්තූතියි අදහස් දැක්වූවාට

    ReplyDelete
  42. හසිත ජයසූරිය /

    ඔව් ඔව් මේව මතක තියාගෙන ඉන්නකො කවද හරි ඔනි වෙයි තමා හික්..... හික්.... හික්ස්...

    Nipu/

    Pooh........අනේ අපි නොදන්නවයැ මම ඉතින් මොනව කියන්නද.. කිව්ව කියල හිතාගන්නකො

    ReplyDelete
  43. ඔය පොතේ පීඩී එෆ් එකක් තියෙයිනම් හොයල දෙන්නකෝ සහෝදරයා

    ReplyDelete
  44. මේ වගේ story ගොඩක් වටිනවා මචන්..thankxx

    ReplyDelete
  45. මේ වගේ story ගොඩක් වටිනවා මචන්..thankxx

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...