Monday, August 16, 2010

ආසයි මට........


ආසයි මට
සොයා පියඹා එන්න
රෑ තරුත්පුර හදත්
මගේ තනියට පාර කියන කොට
නුඹත් නිහඩව
හිදින හින්දාම
ආසයි මට සොයා
පියඹා එන්න
වළාකුල් යහනාවක
සතපවා සිනා මල් පොකුරු
වස්සන්න නුඹ මතට
ආසයි මට
හිනහැන්නෙ නුඹ තුරුලේම
ගලා යන ගං දියක සිලි සිලියේම
තියන්නට හිස නුඹ උකුල මත
ආසයි මට
ගැවසෙන්න නුඹ ලගම
ඒත්
ඔහු නුඹ ලගින් නම්

බයයි මට අහිංසක සිත රිදවන්න
තවත් බැහැ දුක් ගෙනත්
නුඹව ඉන් නහවන්න
සද තරුත් මිලිනවම හිටියාවෙ
මගෙ දුකත් මං ලගින් තනි වේවි
නුඹ නොදැක තව දිනක්
මෙලෙස සැගවී යාවි
නුඹ නොලැබ මං තවත්
අසරණව හිනැහේවි

8 comments:

  1. ආසයි....බයයි.....:D...nice one.....

    ReplyDelete
  2. හුම්ම්ම්ම්ම්ම්

    හිත විදපු දුක් ...
    කන්ද...
    කදුලු වැස්සෙන් සෙදිලා...

    අදුරු වලා මැද ...
    රිදි ඉරක් නොපෙනුනොත්....
    අපිම ඇදගමු ..
    මචං.....

    ජිවිතෙ විදින්නට ආසා අපි..
    තැවි තැවි ...සෝදුක් මාවතේ..
    මේ ඉතින් කාලයයි....
    වෙනස්විමට ජිවිතේ...

    ReplyDelete
  3. ආසයි .. බයයි...
    ඕක තමා ඉතින් ප්‍රශ්නෙ ;) හික්
    අල්ලලා දාන්න
    මූදෙ එක මාළු කෑල්ලද ඉන්නෙ? :D

    ReplyDelete
  4. සතුටත් එතැන
    දුකත් එතැන
    ඇයත් එතැන
    සිතත් එතැන

    මක්කොරන්නද ඉතින්.. හුල්ලනව ඇරෙන්න...

    ReplyDelete
  5. ඔහු ලග නැවතුන
    ඈ ගැන නොහිතා
    නුබ ලග නවතින
    වෙනකෙකු හොයපන්....
    ලස්සනයි පද පේලි!!!!!!!!!!

    ReplyDelete
  6. කොතෙක් රළ බිදුනත්...
    උදම් වූ රළ නැගුනත්..
    මහ සාගරය පතුලේ....
    මින්දදයො ඇතිය කෙතෙකුත්..

    ReplyDelete
  7. hugak hithata danena widihata liyala thiyenawaa///niyamayi

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...