Thursday, August 26, 2010

උඹ කොහොමද එහෙම කරන්නෙ....

රාක්කෙට වෙලා බුම්මගෙන ඉද්දි
මමයි උඹව තෝර ගත්තෙ
මේස උඩ තියල
වටේට පිගානුත් තියල
මට ඕනි තරමට දාල
මමයි උඹව ගිල ගත්තෙ
ටික වෙලාවකට පස්සෙ
.................................
උඹ කොහොමද ??
මං කකුල තියන තැන
තීරණය කරන්නෙ...
ඒක මගේ කකුලනෙ...?

10 comments:

  1. බීමේ ආදීනව.....

    මා ඇසුරු කරන්නට
    කවුරුත් එපා කිව්වා‍‍
    ඒත් උඹ මාවම තොරාගත්තා
    උඹ මට ආදරේ නිසා
    උඹට මමත් ආදරේ නිසා
    උඹ යන තැන
    මම තීරණය කලා....

    අද මෙහෙම ගියාට
    හෙට යං බඩ ගාගෙන
    අනිද්දා යං වලපල්ලට....

    ReplyDelete
  2. නුඹ මට ආදරේ කලාට
    මාගේ ආදරය විසකුරුය......
    නුබ එය වටහා ගත්තේ දැන්ය
    නුබට ඕනෑ හැටියට සිටීමටනම්
    මට ආදරය නොකර ඉන්නට තිබුනි..........

    ReplyDelete
  3. හේ එල එල ......


    ලසනයි මවෝ ......

    ගොලයාගේ වැඩ ගුරුතුමා දකිවිනේ ...හේ ජ්ය

    ReplyDelete
  4. එල එල නියමයි..... මොහොතකට ඌට චාන්ස් එකක් දෙමු කකුල තියන තැන තීරනය කරන්ඩ...... ;)

    ReplyDelete
  5. ගත්තේ නම් පමන දැනගෙන විඳ නොවන
    ඇත්තේ මගේ බලයයි ඔබ තුළ දුවන
    විත් නොකියන්න ආයෙත් මම ගැන අගුන
    අත් දෙකෙනුත් යන්න සලසමි එන ගමන

    ReplyDelete
  6. එහෙම තමයි උගේ වැඩ. ඒත් තනි උනාම තනි නිව්ව ඌට එහෙමවත් ඉඩක් දෙනව මම නම්.

    මම අමු බේබද්දා නේ හි හි.

    හසියා : උබත් මරු ඒවනේ කියන්නේ හි හි එළ.

    ReplyDelete
  7. හ්ම්...සමහර වෙලාවට ජීවිතෙ තමන්ගේ මාවතත් ඕකට තීරණය කරන්න දුන්නොත්( සමහර වෙලාවට අපි දන්නෙ ත් නැතුව එහෙම වෙනව )තමා ලොකු අවුලක්වෙන්නෙ...
    ජයවේවා!!!

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...