Sunday, October 10, 2010

ඇයි මනමාලි නිදාගෙන ඉන්නෙ??



මනමාලියක් මා ඉදිරිපිට නිදන අපූරුව
දෙනෙත් අලු පැයෙන්ද තෝඩු එල්ලෙන්න නැතුවම
රෝසම මල් පෙකුරක් අතේ තියාගෙන
ඇයි නිදාගෙන ඉන්නෙ?
රතුම රතු මල් පොකුරක් මැද සුදු පාට මල් තියලා
ලස්සනම ලස්සන සුදු ගවුමක් ඇදල
මට කිව්වෙ මාල හත දානවා කියල නේද?
ඇයි ගවුමක් ඇදන් ඉන්නෙ...
කථා කරන්නකො..මං ආවා බලන්න..
රත්තරං මාල හතක් දාලා කාර් එකෙන් යද්දි
මට හිනා වෙනවා කිව්ව නේද..අන්න කාර් එක ඇවිල්ලලු.
කෝ ඉතින් හිනා වෙන්නකො.....
අත් දෙකටම මේස් දාලා..අද නන් හරි ලස්සනයි
ඒත් ඇයි මේ මූණ මැලවිලා...
මං එද්දි මල් පොකුරක් ගෙනාපු නැති එකට තරහද?
කවුද ඔය එයාගෙ ඇගට වතුර ඉහින්නෙ..
මං බලාගෙන ඉන්නෙ නංගියො..
කථා කරන්නකො...
මොකක්ද ඔය කරන්න හදන්නෙ
ඇයි එයා නිදා ඉන්න ඇද වහන්න හදන්නෙ
ආහ්..මේ පෙට්ටියක්..
‍මගේ චූටි නංගි නිදි නෙමේද??


2009-10-10 වන දින මිය ගිය ආදරනීය විශාකා නංගී වෙනුවෙනි...එයා ගැන චූටි විස්තරයක් මෙතනතියනවා...

නිවන් සැප ලබෙන්න ඕනි චූටි නංගියෝ...........!!!!






7 comments:

  1. අපි එක සිතින්ම උබත් එක්ක එකතු වෙලා නන්ගියාට නිවන් සුව් පතනවා....මේ සන්සාරේ කවදාක හරි අපෙ පසන් ලගින්ම ඉපදිලා ..ඔයා හුගක් කල් ජිවත් වෙන්න..නන්ගියො....


    පසන් ඔයා නෑතුව ඉන්නේ දුකින්...

    ඔයට අජරාමර නිවන් සුව,,,

    ReplyDelete
  2. මයි ඩීපස්ට් සිම්පති අයියා.......... :'(
    ජේ.ඩී කොලුත් එහෙනම් නිවන් සුව පාර්තනා කොරනවා :'(

    ReplyDelete
  3. මාද ඔබට නිවන් සුවය පතනමි...... :'(

    ReplyDelete
  4. පරක්කු වැඩිද මන්දා.. ඒත් ඔන්න මම විශාඛා නංගිට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  5. දැන් මම මෙතනට ආවේ. ශබ වැනි සොහොයුරන් ලොව දුලබයි පසන්. ඔබේ නංගියාට නිවන් සුව ලැබෙන්න කියා මමත් හදවතින්ම පතනවා.
    විශාකා නංගියේ ඔබට නිවන් සුව ලැබේවා!!!

    ReplyDelete
  6. ඔයා ගැන ගොඩාක් දුකයි. ඒත් ජීවිතය ගෙවනවා කියන්නෙ මෙ හැම දේම විද දරා ගැනීමක්...

    ReplyDelete
  7. ම්ම්ම්.... මේක හරි දුක කථාවක්.. ඒත් මොනා කරන්නද.... ඔන්න තවත් වතාවක් මම විශාකා නංගට නිවන් සුව පතනවා.....

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...