
සිහින මලින් නුඹ මුව සරසන්නට
මල හතක් ගෙන ගෙල පලදන්නට
රන් පොරුව මත නුඹ හිදවන්නට
දවස ලගයි දැන් රැය එළිවන්නට
මල හතක් ගෙන ගෙල පලදන්නට
රන් පොරුව මත නුඹ හිදවන්නට
දවස ලගයි දැන් රැය එළිවන්නට
සීතල කදුරට නුඹ ගෙන යන්නට
මිහිදුම් සලුවෙන් නුඹ සරසන්නට
ලස්සන සයනක නුඹ සතපන්නට
දිනයි ලගයි නුඹ මගේම වන්නට
මිහිදුම් සලුවෙන් නුඹ සරසන්නට
ලස්සන සයනක නුඹ සතපන්නට
දිනයි ලගයි නුඹ මගේම වන්නට
වාලාකුළක නැග පාවී යන්නට
රන් තරු අතරින් පියඹා යන්නට
පුන් සද තනියට අහසේ දිලෙන්නට
නුඹ එනවද මට සිහින දකින්නට
රන් තරු අතරින් පියඹා යන්නට
පුන් සද තනියට අහසේ දිලෙන්නට
නුඹ එනවද මට සිහින දකින්නට
දෑගලි එක්කර අතපැන් ලන්නට
ලස්සන ආසිරි පැතුමි ලබන්නට
මේ සුභ සිහිනයෙ එළිය දකින්නට
දිනයක් එවිද මට හිනෙහෙන්නට
ලස්සන ආසිරි පැතුමි ලබන්නට
මේ සුභ සිහිනයෙ එළිය දකින්නට
දිනයක් එවිද මට හිනෙහෙන්නට
ලස්සනයි
ReplyDeleteසිහිනය ඉක්මනට සැබෑ ෙවවා //////
ඒවි ඒවි ලගදිම ඒවි
ReplyDeleteබයවෙන්න එපා මචෝ ඒදවස වෑඩි ඈතක නෙවෙයි ලගදිම උදාවෙනවා..
ReplyDeleteලස්සනයි පසන්...!!! :)
ReplyDeleteහිනහෙන්න නෙවෙයි හිනහිලා ආයේ හිනාවෙන්න පුලුවන් දවසක් ඉක්මනටම එන්න කියල ප්රාර්ථනා කරනවා.. :) :)
අනිවා... ලඟදිම ඒවි :D
ReplyDelete