
මිහිදුම් වලා මැද
සිත්තම් කරමි නුඹෙ රුව
රන් තරු වලින් සරසා
දේදුනු පැහැයෙන්
ඔප දමා
සිත් අහස මැද
සදක් සේ රදවා
බලමි නුඹෙ රුව
සිත්තමක තෙලි තුඩක
වියළි බව නොදනිමිද
ඒ තුඩට පැහැය දී
සිත්තමත් හඩවයිද
තරුත් නැති අහස් කුස
සදකෙසේ බබලයිද
නේක තරු දිලෙන විට
සද කෙසේ හිනැහෙයිද
ඇත එන වළාකුලු
නුඹෙ සුවද ගෙන එයිද
ඒ සුවද විදගන්න
මියෙන්නට පෙර හැකිවේද.......
නියමයි..
ReplyDeleteසතුටේ උණුසුමත්
ReplyDeleteසෑනසුමේ සිසිලසත්
විඳිනවා අනේ ඔබ
ඈගේ දෙනෙත් යුග බලාගෙන
ඔබේ සිත
ඔබේ ගත
ඒකත්මික වෙලා
ඈහේ ඈස් පියන් යට
ඔහේ ඈත හෑංගිලා
ඇත්තටම ලස්සනයි......එතකොට බොරුවට...ඒත් ලස්සනයි ඕන්....
ReplyDeleteලස්සනයි පසා..
ReplyDelete