Wednesday, October 27, 2010

තනි රකින තනි තරුව නුඹ ඇවිත් මගෙ වෙන්න..




සිහිනයක් දෝ නුඹ නෙතග හිද
සනසනා
වළාවක් නැති අහස් කුස ලග මිහිදුමක් වී
හිනෙහෙනා
අනන්තය ලග වසන්තය වී මගේ තුරුලෙම
සැතපෙනා
කියාපන් නුඹ මටම හිමි උන ආලයද මේ
උතුරනා

ඝන දුරට තනි තරුවක්ව අහස් කුස සරසා
ඉන්න
පුන් සදක් නැති තනිය නුඹ ඇවිත් දුරලා
යන්න
අපෙ ලොවක හිනැහෙන්න නුඹ තවත් ලං
වෙන්න
රන් තරුව පෙම් බදින මගෙම වී නුඹ
ඉන්න

මිහිදුමක පාවෙන්න නුඹ ලගම
දැවටෙන්න
දේදුන්න මත ඉන්න ඒ පැහැය නුඹ
ගන්න
සදලු තල මුදුනටම මා ඇවිත් දැක
ගන්න
තනි රකින තනි තරුව නුඹ ඇවිත් මගෙ
වෙන්න...


(විරහව විතරද කියල හැමෝම අහන නිසා ඔන්න දැම්මා එහෙම නැති එකක්....:-D )

8 comments:

  1. patam alasanai macho sirawatama..ban....

    ubata adarayak wath pahala welada..macho...

    jaya

    ReplyDelete
  2. ඔන්න ඕකනෙ ඉතින් කොරන්ට බැරි...මොන ආදරයක්ද බං..නිකන් හිතුනා ලිව්වා...

    ස්තූතියි හැමදාම වගේ කලින්ම ඇවිත් යනවට...:-D

    ReplyDelete
  3. ඇත්තටම ලස්සනයි අයියා....
    අපේ රටේ වුනත් කොයි රටේ වුනත් වැඩි පුර ප්‍රසිද්ධ වෙන්නේ ජනප්‍රිය වෙන්නේ සිංහලෙන් කිව්වොත් නැගලා යන්නේ, බූට් කාපු සිංදු හෙවත් විරහා ගීත.(වැඩි ප්‍රතිශතය...)
    හේතුව වැඩිපුර ඉන්නේ විරහව විදපු අය වෙන්නත් පුළුහන්...එහෙම නැතිනම් විරහවේ අමුතුම හැගීමක් දැනෙනවා වෙන්නත් පුළුහන් අනිත් ගීතවලට වඩා......
    හසියා නම් හිතෙන්නේ විරහවත් ඇගයිය යුතු දෙයක් කියලා....(ඒ කිව්වේ කෙනෙක්ට විරහ දුකක් උරුම කරන දෙයක් ගැන එහෙම නෙවේ ඕන්....)

    ReplyDelete
  4. කාලෙකට පස්සේ පසන්ගෙන් මගේ කාව්ය‍ මිණුම් දඩු වලට වැදුන නිර්මාණයක්. ලස්සනයි.

    ReplyDelete
  5. ම්........හුඟාක්ම ලස්සනයි

    ReplyDelete
  6. harima soduru adahasak harima lassana widihata aruth barawa liyalaa.niyamai

    ReplyDelete
  7. ෴ හසියා ෴

    ස්තූතියි මල්ලියෝ ඇවිත් ගියාට...

    ගීත් (සහෘදයා) /

    හප්පේ ඇති යාන්තං උඹෙන් හොදක් අහගත්තා...ස්තූතියි මචෝ...:-D

    ReplyDelete
  8. ayesha /

    ස්තූතියි අයේෂා ඇවිත් අගය කරාට....

    ruwan kumara maddage/

    හැමදාම වගේ ඇවිත් ලස්සන අගය කීරීමක් කරල යනවට ගොඩක් ස්තූතියි

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...