Thursday, December 2, 2010

කුමරිය නුඹද පෙම්බරි මා පෙම් කරන

සීතල පිණි වැටෙන හිමිදිරි උදෑසන
ඇවිදන් යන්න මා හා තුරු මල් මතින
දේදුණු වියන් බැඳි ආදර බස් දොඩන
කුමරිය නුඹද පෙම්බරි මා පෙම් කරන

සිහිනෙක පාට විසිතුරු වීලද ඉතින
සිත්තම් කෙරුනු සිත්තම නුඹමද ලඳුන
ගෙත්තම් කරපු මල් විසිතුරු මන බදින
කොහිසිට පැමිණි අගනක් දැයි කියනු මැන

පුන් සඳ ඈත අහසේ පායා ඉන්න
කලුවර හදට එළියක් වී පායන්න
තරු මල් රටා විසිතුරු වී හිනහෙන්න
තනිවුන හඳට මල් කැකුලියේ පුබුදින්න...

තනිවුන හිතේ ආදර මල් පිබිදෙන්නේ
රන් සමනළුන් නැතිවද තව එය දන්නේ
සියතුන් කො‍හිද නැතිවද ගී නද දෙන්නේ
පෙම්බරි කිමද මා හඳ නුඹ මන බැන්දේ


(සුභ පැතිමෙන් හෝ විකාර සිතීමෙන් වලකින්න..සිතට නැගුන කවි පද වැලක් පමණි...) ..:-D

11 comments:

  1. ඇත්තටම කිව්වත් වගේ නියමයි..

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. එළ එළ නියමයි පදපෙල ...

    මල්සරා විදවත්ද..?

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්මම්ම්....විදින්න පුළුහන් පද පෙළක්....නියමයි අයියේ....

    ReplyDelete
  5. ඇත්තටම ලස්සන ආදරණිය ආරාධනාවක් වගේ...

    ReplyDelete
  6. lassanai...............

    ReplyDelete
  7. සුබ පත්නනෙත් නැහැ.... විකාර හිතන්නෙත් නැහැ... හැබැයි ඉතින් හිතුන දේ කියන්නට වෙනවා.............
    ********
    **********
    *******************
    ****************************
    මට ඉරිසියා හිතුනා....මේහෙම ලස්සනට මට ලියන්න බැනේ.........

    ReplyDelete
  8. කියවන හිතක ආදරේ ගැන සිතුවිලි ඇති කරන්න මේ ලස්සන කවි පෙළ සමත් වුනා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි.

    ReplyDelete
  9. ලස්සනට ආරධනා කරලා
    හරිම ලස්සනයි පතයෝ :)
    හිතට දැනෙන්නම ලියලා

    ReplyDelete
  10. රැ අහසේ පැයු සඳ
    තරු දිලුනා තනියට ඒ පුන් සඳ
    සිත් අහසේ දිලි සද නුඹ
    මන බැදුනලු රහසින් ඇගේ
    මගේ සකිසඳ....

    ගන අඳුරට එළිය වෙන්න
    පිනි සීතට ලඟට එන්න
    පැතු සිහිනෙක සතපවන්න
    ඈ ආසලු නුඹේ වෙන්න....

    ලත්තනයි අලේ....( අලේ කිව්වේ අර්තාපල් හොදේ) :P

    පබලු

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...