Sunday, December 12, 2010

දිනයක නුඹත් හිනැහෙවද මගේ වෙලා


නිල්වන් සේද මල් මුතු ඇඳ සයනපුරා
දෙනුවන මිහිරු සුව වින්දෙමි නිදන තුරා
නිදි නැති යහනෙ තුරුලුව නුඹ නිදනු බලා
පුර සඳ වුවත් දිනකදි යයි හැංගි හොරා

ලස්සන මාල මුතු වැල් අමුණා දවටා
ඔසරිය වටට රන් මල් හවඩිය පළදා
සුදු මල් පොකරු මල් මැද රන් පැහැ කරලා
කැන්ඳන් යන්න බලනෙමි නුඹ මගෙ කරලා

නැතුවට රන් තොරන් බැඳි මග සරසාලා
මග උන් වැට කඩොලු සේරම බිමදාල
සොඳුරිය නුඹව මගෙ මනමාලිය කරලා
දිනයක නුඹත් හිනැහෙවද මගේ වෙලා

10 comments:

  1. ඔහොම කවි වලින් අහ අහා ඉඳලා බෑ බන් . . .

    කෙලින්ම මූනට ම අහපන්.

    බෑ කිව්වොත් උස්සමු . .

    මොකෝ කියන්නේ . . .

    සමාවෙන්න විහිලුවක් කලේ.

    ලස්සනයි මළේ . .

    උඹේ කවි නම් සුපිරියි.

    ReplyDelete
  2. සිටියොත් මලේ තව තව කල් බලලා...
    දිනයක් උදා වනතුරු බොහොකල් ඉවසාලා....
    ඇය යනු ඇත තවත් ඉන්නට බෑ කියලා...
    කැන්දන් යන්න මල් මාලය ගෙලවට දාලා...

    ReplyDelete
  3. පළවෙනි කවියෙ තියෙනා දේ සිදු වේ නම්.....
    මගුලක් නොකරගෙන ගෙදරට වී ඉදපන්.....

    ReplyDelete
  4. Pasan,

    "ඔසරිය වටට රන් මල් හවඩිය පළදා"

    මේ කියන්නේ මම ගැන නෙමේ වෙන්න ඇති නේද?

    ReplyDelete
  5. පට්ට සුපිරි මචො එල එල ..හේ ..ඉක්මනට් අමගුල ගනින්කො....


    ඈදුමත් ලස්සනයි හේ

    ReplyDelete
  6. නෝනත් ලස්සනයි ගේත් ලස්සනයි..හික්zz..වැරදුනා
    ඇදුමත් ලස්සනයි ,කවියත් ලස්සනයි.. :D :D

    ReplyDelete
  7. dinayak ai ikmanatama hinahenna.............
    :D

    ReplyDelete
  8. මොනව කියන්නද..මටත් හිතුනා නෙවැ කැන්දන් එන්න...
    එලට ලියලා..නියමයි

    ReplyDelete
  9. "දිනයක නුඹත් හිනැහෙවද මගේ වෙලා "

    හැම කතාවකම අන්තිමට මෙහෙම වෙනවා නම් ......................

    ReplyDelete
  10. හරිම ලස්සන කවි පෙලක්...

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...