Wednesday, December 22, 2010

ඇය නුඹම නම්..........


පියාඹන්න පුලුවන්ද
ඔය දෑත අතින් ගෙන
නිල්වන් සේද ඇතිරූ හිස් අහස පුරාවට
අනන්තය මත ඇදි
සිත්තමක පාට තවරන්නට
දේදුන්නක පැහැය නැතුවට
අවර්ණික ලෝකයෙන් මිදෙන්නට
හැකි නම් එක පැහැයකින් සරසන්න
නුඹයි ඒ ලොව පිපී
සුවද මල් කැකුළ
හිනෙහෙන්න පුලුවන්ද
ඔය උකුලෙ හිස තියාගෙන
නේක තරු රටා අහස් කුස මැවෙන රාත්‍රියක
පුන් සඳේ කැලුම් අතරින්
දිස්නෙ දෙන මුව වත කමලෙ මදහස දකින්නට
හුරතල් බසින් ලෙලදෙනා තොල් සගල දෙස
මොහොතක් බලා සිටින්නට මට
පවසන්න ආදරය නුඹ සගවාගෙන සිටින
කියන්න එක් වරක් නුඹෙ මුලු ලොවම මං බව
අසා සිටින්නං
මුලු ලොවම නැවතුන නියාවෙන්
විඳගන්න පමණක්
ඒ සොදුරු මොහොත මා මග බලන

3 comments:

  1. නිල් පාට සුදු පාට
    වලාකුලු විසුරවන්
    සිත්තම් පුවරුවේ
    පාට ටික බොද කරන්
    විහිදාන දෙඅත් තටු
    අහස් කුස රජ කරන්
    ආදරෙන් ලං වෙලා
    පියඹන්න එනව මං

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්‍....

    ඇත්තටම මටත් පුළුහන්නම්
    ඇය.., මා පතනකෙනා වේනම්....
    ඒත් මිරිඟුවක් පමණයි ඇය
    මගේ දුක්බර දිවි මඟට...

    හරිම ලස්සන පද පෙළක් සහෝ...

    ReplyDelete
  3. ලස්සණයි සහෝ
    ජයවේවා ඔයාට!

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...