Thursday, December 23, 2010

හංස ගීතය


එකින් එක පද ගලපා
තාලයක් නැති ගීයකින් ගයලා
කැඩපතක රූව මකා දමලා
හංස ගීතය ලියමි ඉදුරා

කිඳුර නුඹ තනිවෙනා අඳුරේ
බොල් සුලග ඉකි බිඳි
නු ඇසුනේ
පෙණ බිදිති රළ හඩන මොහොතේ
හංස ගීතය ඇසෙයි රහසේ

වියළි පොළවේ
රළ හඩා වැටුනේ
දෙපා සටහන් මකා දැමුනේ
දෙඅත මෙලෙසක බිදුන මොහොතේ
හංස ගීතය කිමද වැයුනේ

පියවෙනා නෙතු ඉමක සසරේ
නුඹ එතැයි සිතමිනා වැයුවේ
දෙනෙත කදුලින් හඩා වැටුනේ
හංස ගීතය කිමද ඇසුනේ

7 comments:

  1. වෙනස්ම ආකාරයක ලස්සනක් ඉස්මතු වුන පැදි පෙළක්

    ReplyDelete
  2. ගයන්නට හංස ගීතය
    නුඹ ළපට් වැඩියි සොයුර..
    මහ‍ මේඝ ඝර්ජනා
    මොසම් වැසි ඇද හැලී...
    ලොවම වැනසීයන ලෙස
    හඩනු නොහැකිය නුඹට
    අහිංසක නිසා ඔය හිත.....

    ReplyDelete
  3. අනේ මන්දා සුදු හංසිත් මොනවා හිතේ තියාගෙන මේවා කියනවද කියලා....

    ReplyDelete
  4. ලස්සනයි පසන් සහෝ....වෙනස් ආකාරයක වෙනස් පද මිමිණුමක්....

    ReplyDelete
  5. පියවෙනා නෙතු ඉමක සසරේ
    නුඹ එතැයි සිතමිනා වැයුවේ
    දෙනෙත කදුලින් හඩා වැටුනේ
    හංස ගීතය කිමද ඇසුනේ

    හංස ගීතය වෙනස්ම පද පෙළක්.. :)

    ReplyDelete
  6. හරිම අපූරුයි යාළු

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...