Wednesday, March 31, 2010

කුවේණියගේ ශාපය

පොතක් කියවද්දි අහම්බෙන් දැකපු හෙන්රි ජයසේන නම් වූ විශිෂ්ඨ කළාකරුවාගේ නිර්මානයක්වන කුවේනියගේ ශාපය නැමැති පදපෙල පිළිබදව අදහසක් ලියන්න හිතුන.

අග්නි අසදිස දෙවියනේ
වැහි වලාහක දෙවියනේ
මේඝ ගර්ජන දෙවියනේ
බලන් මට කළ මේ විනේ

පොළෝ පුපුරා පැලීයන්
අහස ගිනිගෙන දැවීයන්
සයුර කැලැඹි ගැලියන්
නැගෙන ඉර හද වැටීයන්

තබන තබන පය ගින්නෙන් දැවීයන්
වහින වහින වැසි අහසේ සිදීයන්
ගහන ගහන හෙණ හිස මත වැටීයන්
ජාතිත් භවේ ගිණිදැල් මත දැවීයන්

උපන් උපන් කුමරුන් මතු නැසීයන්
දියෙන් ගොඩෙන් ගිනිජාලා මැවීයන්
ලෙඩෙන් දුකෙන් සංහතියම පෙළියන්
නිරන්තරෙන් බඩ සායෙන් මැරීයන්

කුවේනියගේ සාපය පළ දරා ඇතැයි අද සමාජය දෙස බලන කවරෙකුට වුවද වැටහෙනු ඇත තම දරුවාට අතවර කරන පියවරුන්ද දරුවන් මරා දමන දෙමව්පියන්ද ඕනෑ තරම් අද සමාජයතුල දකින්නට ඇත.

තවද කුවේනියයනු ගැහැණියකි. සමාජයේ වැඩිම තාඩනයන්ට ලක් වන්නේද ගැහැණියයි. මව් සෙනෙහසක් ඇති ගැහැණිය යක්දෙස්සියක් ලෙස පරිවර්තනය වන්නේද සමාජයේ පීඩන දරා ගත නොහැකි බැවිනි.
අද සමාජයතුල තම සැමියාව සිර ගෙයින් නිදහස්කර ගිනීමට මුදල් නොමැති කමින් තම ශරීරය නීතී වේදීන්ට විකුනන ගැහැනුන් කොපමන සිටීද? එය පෙන්වීමට හැකි එක් උදාහරනයක් පමණි. සමාජය විසින් ගැහැණියකට ඇති කරන එවන් වූ විදින පීඩන අපමණය. පිරිමියකු තමන්ට ලක්වන පීඩාවන් වෙන්යම් හෝ ආකාරයකින් පිට කරයි. ගැහැණිය යනු එවන් බොහෝ අවස්ථාවල අසරණවන පිරිසකි.

සැමියා විසින් අතහැර දමන ලද, උන් හිටිතැන් අහිමි උන, සමාජයේ අවමානයට ලක්ව, දරු දැරියන්ගේ වගකීම කරට ගත් කුවේණිය විශ්ව සදාකාලික ස්ත්‍රි භාවයේ සංකේතයක් ලෙස හෙන්රි ජයසේන මහතා හදුන්වයි ඒ පිළිබදවද තවත් පද පෙලක් එතුමන් විසින් පළ කර ඇත එය පසුවට පළ කරමි..

Tuesday, March 30, 2010

සිහින වලට පාට දෙන්න

සිහින වලට පාට දෙන්න
පාට කූරු අරන් එන්න
දේදුන්නේ පාට වලින්
ඇවිත් පාට කරල යන්න

පුංචි පුංචි සමනලු​නේ
මගෙ හීනෙට ඇවිත් යන්න
නුඹෙ තටුවල පාට වලින්
හීන පාට කරල යන්න

සිහින් සරින් හමා ඇදෙන
පවන් රොදේ මේ අහන්න
මල් වල ඈති පැහැය අරන්
මගෙ හීනෙට පාට දෙන්න

නිදි කුමරිය නුඔ ආවම
එපා දුරින් බලන් ඉන්න
මගෙ හීනෙට පාට දෙන්න
ඇවිත් ඉතින් තුරුලු වෙන්න

Monday, March 29, 2010

විකිනෙණ අපි

නින්ද අමනාප වුන නිසා කමිමැලිකමටත් එක්ක අද අහපු ගීතයකට විචාරයක් ලියන්න හිතුව. ගායකය හරියටම දන්නැහැ. ඒත් රැඩිකල් ගනයේ ගීතයක්. 100% ක් එකග වෙන්න බැරි වුනත් සමාජයේ යථාර්තයක් එයතුල ගැබිවෙලා තියනව. 100% එකග වෙන්න බැහැ කිව්වෙ එය යමුතාක් දුරට සමාජය දෙස ද්වේශයෙන් බලල තියනව වගේ. ඔයාලත් කියවලම බලන්නකො (upload කරන විදිහ දන්නැති නිසා ලියල දාන්නන්)

ග්‍රීස් ගහේ මුදුනටම ගියා මම
ඈය අවුරුදු කුමරිය වෙන්න ගියා
සිංහල අවුරුදු දවසේ
කොඩිය අරන් මම බැහැල ගියා
ඈය ඔටුනු පැලද නගරයට ගියා
සිංහල අවුරුදු දවසේ //

පබාවතිය මගෙ යන්න ගියා
කුසට ගෑස්ට්‍රික් අම්ලතියා
සිංහල අවුරුදු දවසේ

කොළඹ කට්ටියක් අරන් ගියා
ටිකක් කැමැත්තෙන් ඈයත් ගියා
සිංහල අවුරුදු දවසේ

රටක් වටින ඇය යන්න ගියා
වැඩිම මනාපය ඇයට ගියා
සිංහල අවුරුදු දවසේ //

sold........ out..////

ඔබෙ දෙතොල් විකුනන්න
ඔය දෙතන් විකුනන්න
මුදු බෙල්ල විකුනන්න
මුදු ඇගිලි විකුනන්න
ඇහි දෙබැම විකුනන්න
හසරැල්ල විකුනන්න
ඔය දැස විකුනන්න
ඔබ ඔබම විකිනෙන්න
She is sold out...........//

මුලු රටම සනසන්න
මුලු රටම නලවන්න
මුලු ගතම විකුනන්න

But you my baby....
මුලු හිතම වටහන්න...................................

අපේ සමාජය තාමත් වික්ටොරියානු ගැත්තන් නිසා එක පදයක් අඩුවෙන් දැම්මෙ

මෙහි ගීත රචකයා පවසන පරිදි පුද්ගලයකුගේ ශරීරයේ සියලුම අවයවයන් සදහා මිලක් ඈත එය යථාර්තය වේ වෙළද දැන්වීමක් සදහා තොරා ගැනීමේදී පවා ශරීරයෙ විවධ අංශයන් සදහා නියම වන මිල ගනන් වෙනස් වී යයි අප වෙළද භාණ්ඩයක් නොවන්නේ නම් ​එසේ විය හැකිද?

අප පිළිගැනිමට අකමැති වුවද මෙය සමාජීය යථාර්තය වේ අප සමාජයතුල විකිනෙන භාණ්ඩ වේ රැකියාක් සදහා සම්මුඛ පරීක්ෂයක සිට ආදරය ලැබිම වැනි සියලුම කටයුතු සදහා අප අපව විකිනිය යුතුය උදා* අදාරයේදී රූපය/කථාබහ/ අදහස්/ සමාජීය පිළීගැනීම වැනි තවත් බොහෝ දේ අප විසින් විකුනනු ලබන භාණ්ඩ වේ එයව විරුද්ද පාර්ෂවය විසින් මිලක් නියම කරනු ලබයි එම මිලට එකග නොවන්නන් ආදරයෙන් පැරදී යයි මෙය අප පිලිගැනීමට අකමැති වු යථාර්තයයි.

එවන් විකිනෙන සමාජයක් අපට නොවිකිණි සිටිය හැකද? එසේ නම් අප වන ගත විය යුතුය. හුදෙක් මෙය මා මෙසේ දැමීම​ට හේතු වුයේ වචන කියවා සැනසීමට හෝ දුක් වීමට නොව සමාජීය යථාර්තය පිළිබද විමසා බැලීම සදහාය. මෙවන් වූ සිදුවිම් අප සමජ
යතුල ඕනෑ තරම් සිදුව ඇත.විරුද්ධ මත ඇතොත් සතුටින් භාර ගනිමි.









Friday, March 26, 2010

නැවත කිසි දිනක මා දොඩමලු නොවෙමි, ඉතින් යන්න අවසරයි!!

දෙර වසා පැමිණි මා වසර ගනනාවකට පසු බුදුපහණ දැල්වුයෙමි. ප්‍රාර්ථනාවක් කරන්නට නොව අයදින්න නොව හුදෙක් විදුලි පහන නිවා දැමූ පසු එලිය දෙන්නටය....
කාමරය මුල්ලටම ගොස් දෙදන අතර හිස ඔබා ගතිමි. අතිතය නැමති සිනමා පටය තිර රචනයකින් තොරව දිග ඈරෙන්නට විය. මා වෘත්තියෙන් අනුන්ගේ දුක් ගන්නා​රාලයකි. සමජය තුල එදා වේල සොයාගත නොහැකිව විදවන්නන්ගේ ගැටලු විසදමි. ඔවුන්ගේ සිත් නිරවුල් කරමි. ජිවිතය සැපවත් කිරීමට මට කළ හැකි උපරිමය මා විසින් ඉටු කර ඈත. දේශනා පවත්වා බණ කියමි. ඒ සියල්ල ඈත්තද? නැතිනම් මම වැදි බණ දෙසන්නෙක්ද? මා මගෙන්ම විමසන්න වියඅද මම අනන්තවූ පිඩාවන්විදිමි. මට සියලු සැප ඈත මට අඩු මොනවාද? ආදරය පමණි මා ඈයට මුලු හදින්ම ආදරය ​කෙරුවෙමි නමුත් දැන් ඈය අන් සතු වී හමාරය තව විට දිනක් ගිය කළ ඈගේ තුරුලට කිරිකැටියෙකු වඩිනු ඈත මව් සෙනෙහස ඉදිරියේ මගේ ආදරය කෙතරම් වූ බොරුවක්ද?ඈය කෙසේ හෝ සැනෙසෙනු ඈත. පසුගිය දින කිහිපයමතුල වේදනාවල් නැති කිරීමට නොයෙක් උත්සහයන් ගතිමි. මා අසාර්ථකය මතුපිටින් බලා මිනිසුන් නිගමනය කරන සමාජයක අප පරඩැල් ගොඩකි. අප අවලංගු කාසිමෙනි. හිතේ ඈති වේදනාවන් සදහා පිළිතුරු සොයා ගිය මා තව​ත් අසරණ වුයෙමි. කබලෙන් ලිපට වැටුන මා තවත් කර විය යුතුද??
ඈයි මම අසරණ? සිතන්නට වීමි කලින් මා හුදකලාය තනිව සියලු දේ වින්දෙමි. ආදරය සොයා සමාජගත වුයෙමි. සියලු දේ මට අහිමි විය. හවසට මිතුරන් හා එක්ව ගෙවූ කාළකන්නි ජිවිතයතුල මම වැඩියෙන් සතුටු වූයෙමි. බෝඩිමට ගොස් රෑ එලිවනතුරු දැමූ සාජ්ජන් මම මීට වැඩියෙන් වින්දෙමි...
ඒ ජීවිතය නැවත මට අතවනයි මා තව දුරටත් වැදි බණ දෙසන්නෙක් විය යුතුද? මා මගෙන් විමසුවෙමි තීරණය කිරීමට සිදුව ඈත පරණ ලෝකයෙ මම නිර්මාන ශිල්පියෙකු නොවූවෙමි මා විහිලු කරුවෙකි මා තුලින් වින්දනයක් ලබන්නන් බොහෝය ඔවුන්ගේ සතුට දැක මා තනිව සතුටු වූයෙමි ඒ තුලින් මා විදින්නට පුරුදු වූයෙමි

තීරණය කරන්නට කාළය පැමිණ ඈත
නන්දා මාලිනිය සිහින් හඩින් ගීයක් මුමුණයි "මුණිවත හොදයි දෙබසින් දුක වැඩි හන්දා" සිතන්නට වීමි එහි මනා තේරුමක් ඈත මා මටම පෙරොන්දුවක් උනෙමි නැවත කිසි දිනක මා දෙඩමලු නොවෙමි තනිව නැගිටින්න දිවුරා ගතිමි
නැවත කිසි දිනක මා දොඩමලු නොවෙමි එය මගේ අවසන් තීරනය විය නැවතත් සතුට සොයා කළකන්නි ජීවිතයට යා යුතුය. එය මගේ උරුමය නම් මා විදිය යුතුය. බීච් පාර්ටි අර පාටි මේ පාටි කිසිම අරුතක් නැති ජීවිතයක මිහිරක් සොයා යන්නට තීරනය කළෙමි

නව ගමනක ආරම්භය හෙටට යෙදී ඈත මාව දිරිමත් කළ සියලු දෙනාහට මා මුලු හදින්ම ස්තූතිවන්ත වෙමි ඉඩක් ලද හැම විගසම මෙහි සැරිසරන බවට පොරොන්දු වෙන මා​ දුරින් හිද නු​ඹලා විදින සතුට හොරෙන් අත්විදිමි ඉතින් යන්න අවසරයි මම පතන තාවකාලික ජීවිතයට

Thursday, March 25, 2010

බැදීම් සහ තනිකම

(ඔන්න ඉතින් අමාරුවෙන් හරි පොරොන්දුව ඉටු කරන්න ඕනි කියල හිතුව මට ලස්සනට ලියන්න බැහැ කොහොමහරි කියවල බලන්නකො මම හරිද කියල...)

බැදීම් / bond

බැදීම යන වච​නයේ තේරුම පමණක් සැලකූ විට එය එක් විමක් ලෙස පෙනෙන්නට පිළිවන මා දකින පරිදි බැදීමක් යනු එකිනෙකා අතර මනා අවබෝධයකින් යුතුව දැඩිව ඈති කර ගන්නා සම්බන්ධතාවයක්වේ. දෙදෙනෙක් හමු වී කථා කර පලියට ඔවුනොවුන් අතර බැදීමක් ඈති නොවේ. මිතුරු කමද බැදීමක් ලෙස හැදින්විමට හැක. එසේ කළ හැක්කේ හුදෙක් වචනයේ අරුත පමණක් හුවා දැක්වීම මගින්ය; උදාහරනයක් ලෙස අප පාසලේ මිතුරෙකු හෝ මිතුරියකු මිය ගිය විට දැනෙන වේදනාව සහ අප පෙම්වතා පෙම්වතිය සහෝදරයකු අහිමි වූ විට දැනෙන වේදනාව අතර මහා වෙනසක් ඈත. ​මේ අවස්ථා දෙක තුලම පවතින්නේ බැදීමක් නම් ඈයි දෙවිදිහකට අපි ඒ වේදනාව අත් විදින්නෙ. ඒකට මම දකින හේතුව නම් සම්බන්ධකම් සහ බැදීම් අතර ඈති වෙනසය. බැදීම යන වචනයතුල පිටතට පෙනෙන අරුතට වඩා ගැඹුරක් අප දැකිය යුතුය ඊට හොදම උදාහරනය නම් බෝසතානන්වහන්සේට පුත් කුමරෙකු ඉපදුන අවස්ථාවේ බැම්මක් (බාධකයක්/බැදීමක්) ඈතිවුනා යයි ප්‍රකාශ කරයි.නමුත් කුඩාකල සිට තම හොදම මිතුරා වූ චන්න නම් ඈමති බාධකයක්/බැම්මක් නොවුනි. සියලු සම්බන්ධකම් බැදීමක් ලෙස සැලකිය ​නොහැකි වන්නේ ඒ නිසාවෙනි
දෙදෙනෙක් හමුවූ මුල් අවස්ථාවේ දෙදෙනා අතර හදුනාගැනීමක් සිදුවේ එනම් මූලික පොදු කරුනු දෙදෙනා අතර හුවමාරු වේ මේ අවස්ථාවේ ඔවුනොවුන් අතර කිසිදු බැදීමක් ඈතිනොවේ එය අප තාවකාලික මතකයේ තබා ගන්නා එක් සිදුවීමක් පමණි මෙසේ කලක් ගත වෙත්ම එය මිතුරුකමක් බවට පත්වේ මේ අවස්ථාවේදි යටිහිතට තරමක්දුරට අනෙක් පුද්ගලයා ගැන මතකයේ තබා ගනී මිතුරුකම නැති වුවද හිතට දරුණු වේදනාවක් නොදැනෙන්නේ එහෙයිනි.
මිතුරුකම මුහුකුරා යත්ම බැදීම් ඈතිවන්නා වූ මුල් අවධියට පිවිසේ එකිනෙ​කා ජීවිතයේ කොටසක් බවට පත්වේ.ඔවුනොවුන් නැතිව බැරිය මෙසේ ආරම්භවන සම්බන්ධය මෙතැන්සිට බැදීමක් ලෙස නම්කළ හැක එනම් සහෝදරයන් අතර පෙම්වතුන්/වතියන් අතර දරු දෙමාපිය එවන් වූ සම්බන්ධකම් බැදීමක් ලෙස හැදින්වේ.
බැදීමක් ඈතිවූ දෙදෙනෙකු අතර බොහෝවිට රහස් නොපවතී එකිනෙකා නැතිව බැරිවේ. සිදුවන සුලු ක්‍රියාවකින් වුවද සිත් තැවුල් ඈතිවේ. හැම මිතුරෙකුම හෝ මිතුරියකම අතර බැදීමක් නැතැයි මා පැවසුවේ එහෙයිනි,
බැදීම් වැඩිවු ජිවිතයක බාධා ද වැඩිවේ මක්නිසාද යත් බැදීම් අතර සිදුවන සුලු වරදකින් වුව මහා වේදනාවක් ගෙන දෙන නිසාවෙනි. අඩුවූ බැදීම් සහ වැඩි පුර මිතුදමි පවත්වාගෙන යාමෙන් නිතරම සතුටෙන් ජීවත් වීමට හැකියැයි මම විශ්වාස කරමි.


තනිකම/හුදකලාව

වචනදෙක ඈසූපමණින් පුංචි කාමරයක්තුල තනිවූ පුද්ගලයකු සිහියට නැගෙයි. ඒ වචනයේ අරුත පමණක් අප සලකන නිසාවෙනි. තනිකම දැනෙන්නට තනි විය යුතුමනැත​.ඊට හොදම උදාහරනය නම් එක් දිනක මා මගේ පෙම්වතිය(ඉස්සර හොදේ)සමග සිටින මොහොතක මට රාජකාරී දුරකථන ඈමතුමක් ලැබිණි. එය තරමක් දීර්ඝ වූ අතර මා අසල සිටි ඈය හඩන්නට විය හේතුව විමසූ අවස්ථාවේ කියා සිටියේ මා කථා නොකල නිසා ඈයට තනිකමක් දැනුන බවය. මා සිතින් සහ ගතින් ඈය අසල සිටියද ඈට තනිකමක් දැනුනේ අවට කවුරුත් නැති නිසාද?? නැත, තනිකම යනු අප සිතට නැ​ගෙනා වූ අදහස ප්‍රකාශ කිරීමට කිසිවෙකු නොසිටීම හේතුවෙන් ඈති වන්නා වූ සිතුවිල්ලකි. තනිකමතුලින් නිර්මානබිහිවන්නේ එබැවිනි. මන්ද යත් ඒවා අසා සිටීමට කවුරුන් හෝ සිටියේ නම් කිසි දිනක එවන් වූ නිර්මාන සමාජයතුල වීදි බසින්නේ නොමැති බැවිනි.

ආදරය නැතිවූ පමණින් තනිකම ඈති නොවේ. ආදරය විදින අවස්ථා වලදී පවා තනිකම හිතට නැගේ. අප වචනයේ අරුත පමණක් සැලකිල්ලට ගන්නා නිසා සමාජය වැරදි අයුරින් මෙවැනි දේ අර්ථ දක්වා ඈතැයි මට සිතේ.මම දකින පරිදි තනිකම/හුදකලාව ජිවිත​යට තිබිය යුතුමය. සමාජය දෙස නිවරදිව දැකිය හැක්කේ මේ සිතුවිල්ල තුලිනි. අපට තනිකමක් නොදැනෙනතා​ක් කිසිම මිනිසෙකු තම ජීවිතයේ ඈති අගය වටහා නොගනී

(මේ සියලුකරුණු මගේ අදහසක් පමණි වැරදි ඈතොත් පෙන්නා​දෙන මෙන් ඉල්ලා සිටිමි )

මගේ කරුමය


පුරා තුන් මසක් ඒබී නොබැලූ
නුඹෙ මූණු පොතට
මොන කරුමෙකටද අද එබුනෙ මම
කොහේදො සිටි එකෙක් සුභ පතා ඇත
මීට පැය කිහිපයකට පෙර
නුඹේ විවාහය අදද????

නෙතින් කදුලු හැලෙන්නට විය
අතීතය නෙතු මතට තවත් කටු අනින්නටවිය
මම නුඹට අම්මා යැයි කියූවෙමි
ඒ මා වැදූයෙන් නොව
නුඹ මා සැදූ හෙයිනි
අතරමන්වුන ජීවිතයට
කොහේදෝසිට පැමිණ
පාරක් පෙන්නා ආ මගම
මා තනි කර
නුඹ වෙනම අද ගමනක් යන්නෙහිද?

කියන්නට කිසිවෙකුත් නැත
අසන්නට කිසිවෙකුට අවැසි නැත
මා තනිවමය
අප මැවූ ලොකයෙ සිහින නාටකය
මා ඉදිරියේ වු වේදිකාවක
රග දක්වයි

අද නුඹෙ විවාහය නම්
ජය ගී ගයා හමාරය
මගුල්බෙර නාද දී ඇත
අත පැන් වත්කර රන්හුයෙන් බැද ඇත
යලි වෙන් නොවන ලෙස
නුඹෙ තුරුලෙහි ඔහු නිදනු ඇත
දෙයියනේ.............
මා මරා දමන්න.

රැකියාව කළ නොහැක
නිවසට යාමටද නොහැක
මධුවිතක පිහිට ඇර
කවුද ඉන්නේ මෙවන් මොහතක

නුඹට මම අම්මා කිවූවෙමි
නුඹ මට අම්මා කෙනෙකු විය
මගේ හදතුල තවත් අම්මෙකුට
ඉඩක් වෙන් කළ නොහැක
මැරෙනතුරු නුඹ මගේ වැදූ අම්මා නොව
හැදූ මගෙ චූටි අම්මාය

බැහැ තවත් පද ගලපන්න
කදුලු බේරෙයි මුහුන තෙමෙන්න
අඩ ගැසූවෙමි මිතුරකුට හමු වෙන්න
මම යන්න යමි මී විතෙන් මත් වෙන්න

Wednesday, March 24, 2010

අතීතය ගොඩ ගතිමි මම....

විභාගය අත ලගය, සොයා නොදන්නා ගිණුම් ශේෂයට පිළිසරණක්
ඈදෙන්නට විය මිතුරෙකුගෙ බෝඩිමට
අතරමන් වූ වැස්සකට යටින් පොත් මිටිය තුරුල් කර
දුවිල්ලෙන් පිරි නගරයක මහල් තුනක පියගැට මැනීමි
අද අමුතු පාඩමකි..........
මිතුරන් තිදෙනෙකි එලූ පත්තර පිටුවක් වට කර
අසන්නට මෙන් බණ පදයක්
යොමා දෙනුවන සොයා බැලුවෙමි හිනා වැස්සකි මගෙ මුවින් විසිඋන
එකෙකු කපා දෙයි,
අනිකා හොද නරක තෝරයි,
හික්.. හික්... අනිකා සුදු කොළ සොයයි,
සිවිවසරකට පෙර නුඹෙ ආලයෙන් අන්ධව මා මරා වල දැමූ
අතීතයෙ රූප පෙළහර සිනමා පටයක් ලෙසින් මැවෙන්නට විය
ගිලී අතීතයෙ සිටින මොහොතක
"දොර වහල ඈවිත් ඉද ගනින්"
ගැස්සී බැලූවෙමි මා තවම පැමිණි තැනමය
අගුල තද කර විසිකර පොත් මිටිය ඈද මතට
මාද හිද ගතිමි අසන්නට මෙන් බණ පදයක්
"මොකද කියන්නෙ??"
මා නැවතත් සිතුවිලි අතර සිර වීමි
මා දැන් නිදහස්ය වල දැමූ අතීතය ගොඩ ගන්න කාලය පැමින ඈත
සොයා ගොස් අතීතය වල දැමූ තැන හාරා ගොඩ ගතිමි
මගේ ඒ මිහිරි අතීතය
"ඕනි දෙයක්" හිනා පිරි වදනින් පැවසූවෙමි
ගතවුවේ නිමේෂයකි
කොහේදෝ සිට පැමිණි ඝන මීදුමකින් කාමරය වැසෙන්නට විය
අප එකිනෙකා නිහඩය කාළය ටික් ටික් හඩින් ගලා යයි
මා පාවෙන්නට වීමි තටු සැලිය යුතු නැත
සිතුවිලි නැමැති අහසපුරා පාවෙන්නට වීමි
සුදෝසුදු වළාකුලකට ගොඩ වූ මා පුලුන් මෙන් වූ වළාකුලු දෑතින් කඩා
අත මත තබා නිදහසේ පාව යන්නට දෙතොල් අතරින් සුසුමක් යැවිමි
දෙවිලොව ගීතයක් ලෙසින් කපුගේ උලලේනාගේ විරහව පවසයි
විදින්නට ඒ ගී මිහිර දෙනුවන් පියා ගතිමි
ම්ම්..... හ්ම්ම්..... ම්ම්..... හ්ම්ම්...
අනේ......................
එපා වද දෙන්න. මට පාඩුවෙ ඉන්න දෙන්න.

නුඔ නැතත් මා ලග මා තවත් තනි නැත

මිතුරියකගෙ ඈරයුමකි
උපන්දින සාදයට
පුන්සදේ කැලුම් දෝරෙ ගලන සීත වැහි බිදු
දෝතින් තුරුලු කර
ගත පෙයූවෙමි ඈගේ ගෙමිදුලට
මගේ අත සෙල්ලම් වලස් පැටියෙකි
ඈගේ සිහිවටනයට
මිතුරියන් පෙම්වතුන් සමගද
මිතුරන් පෙම්වතියන් සමගද
හිනාකැන් පිරී ඉතිරෙන අමුතු ලෝකයක
මම අතරමන් වුනි
ඇත කොනක තිබූ විදුලි බුබුලෙන් වට වුනු
පුංචි කුඩයක්යට මම තනි වීමි.
නිමේෂයකි..............
රනින් බැබෙලෙන
අමුතුහැඩ ඈති බෝතලයකි මා ඉදිරිපිට
මකන්නට තනිය
වක්කරමි පිරෙන්නට හිස් වීදුරුව
එක දෙක වුණි
ලෝකය බමන්නට වුණි
ඔවුනොවුන් තුරුලුව
රගන රැගුම්ද ගයන ගැයුම් ද
ඉවසාගත නොහැකිව මා
තනිව වින්දෙමි
මා අසරණය
දුක තනිව විදින්නට මගේ සිත අණ කරයි
නැගිටින්න වෙර දැරූවද මා එක තැනය
මිතුරෙකු කැවු බත් පිඩෙන්
කුස පුරවා ගත් මා එන්නට සැරසුණී
"හිටපන් මම ගිහින් දාන්නන්"
මගේ මිතුරෙකි මා අසල
සතුටු කදුළකි නෙතු අග
නුඔ නැතත් මා ලග
මා තවත් තනි නැත......

Monday, March 22, 2010

ජීවිතය සමග ඕමි ගැසීමි

​කොළ තිස් දෙකකි
කූට්ටම කපා සමසේ බෙදා අවසන්ය
මා අතද කොළ අටකි
නළියන දෑගිලි වලින්
විසුමක් නැති උමතුවෙන්
සොයන්නට විණි
ආසියා පෙනෙන්නට නැත
හේරා ද අහිමිය
පොරව කොහේවත් නැත
පිට වාසි කිසිත් නැත
මළා..................
තුරුම්පුත්නැත
කැට කොළ පමණි මා අත
තවත් දුර ​කුමක් ​කරන්නද
නැවතත් අනන්නට කොළ
එකතු කරමි........

Sunday, March 21, 2010

මවකගේ විලාපය

පාපතරයකුගේ ලෙයින්
කුස තුල පිළිසිද
හිතේ ගින්නෙන් දැවුනු
කරවුන රොටියෙන්
නු‍ෙඕකුස පුරවා
ඇතිකළේ නුඔ
මරන්නට නොව
මතුදිනක රජයන්නයටය....
නුඔ විදින දුක දැක
උතුරායන මව් සෙනෙහසට
වහල් වී පරිවාසයට ගිය පවට
උන්ගේ වහසි බසින් අසරණව
විසිකළේ නුඔ මරන්නට නොව
මතු භවේ
රජවෙන්නටය..........
නුඔ ඇතිකළ සමයෙහි
රුපියලට අත පෑ මට
කෙළ ගසා ඉවත ගිය දුදනන්
අද නු‍ෙඕ උතුරා යන සෙනෙහසින්
සුදනන්ව
යළි ඉපිද ඇත

(කලුතරදී තම දරුවා ගගට විසි කල සිදුවීම හ බැදේ)

Thursday, March 18, 2010

බලා ඉමි මම සයුරු කොනට වී


අහඹුවෙන් වෙරළ දෙස
දෙනෙත් විහිදුනි
අරුමයක් නැත
එදා දුටු මෙන්
නිල්වන් දිය දහර
වසා උඩුගුවනේ රජයන
නිල් දියෙන් පැහැය වූ
අහස්කුස පෙර තිබූ ලෙසමය
අවට නෙත් යොමා බැලීමි
නුඔ නැතක් මා ලග
තැබූ පියසටහන්
නොමැකී නටඹුන්ව ඇත
අවැසි වුව
මකා දමන්නට…..
බලා ඉමි මම සයුරු කොනට වී
රළ පහරවිත් තැබූ
පිය සටහන්
මකා යනතුරු.....

Wednesday, March 17, 2010

තනියට ලියූ කවි (Part 2)

සිව්සැට මායමින් නු‍ෙඕ වත සරසාලා
මුලුතුන් ලෝකයම නුඔ යැයි හගවාලා
දන්නේ නැතද මගෙ පෙම් සිත රිදවාලා
ඉන්නේ කෙලෙස මා මේ සැටි හඩවාලා

කන්නට නොහැක සිතුවිලි මට වද දෙනවා
ඉන්නට නොහැක නුඔ මගෙ සිහියට එනවා
යන්නට නොහැක නුඔ මගෙ පසු පස එනවා
පෙම් කළ පවට මම තාමත් දුක් වෙනවා

සුන්දර ළදුන් ඇත ලෝකය හතර වටේ
කෙල්ලෙකු සොයා දිව යමි මම ලෝකෙ වටේ
සමහර ‍කොල්ලන්ට කෙල්ලන් හැටට හැටේ
වේලන අපට රොඩ්ඩක්වත් ඉතුරු නැතේ

ලෝකෙට සුන්දරය ඉපදුන ලංකාව
කෙල්ලන් සුන්දරය බැලුවම සිරියාව
පණ ඉල්ලුවොත් දෙන බව කී දිවුරාම
වාහනයක් දුටු විටදි නැග යයි නොකියාම

කරදිය සුවද මුසුවන මේ මුහුදු කරේ
කරවල ගදද ඉද හිට මෙන් අපට දැනේ
ඉන්නා‍ කළදි දැනුනා වූ නුඔගෙ සුවේ
හැර ගිය විටදි කරවලයද සුවද ගෙනේ

අන්ධ භූත ජාතකයනි පැවත එන
හොර සැමියකු ලවා තම සැමියට ටොකු අනින
නිවසට පැමිණි සැමියගෙ හිස අතගාන
එහෙමයි ගෑනු මේ ලොවතුල රජකරන





Monday, March 15, 2010

තනියට ලියන කවි (Part 1)

මල්සර හීය පෙම් සිතකට වැදුනාම
පින් මද ළදුන් වුව බැබලෙයි මුතුසේම
යන්නට ගිය කලක හැරදා නොකියාම
නොමරා මරති උන්ගේ හැම ගතියක්ම

මගෙ හදවත නැත තාමත් පුදලා
ඇත යෙහෙලියන් මල්ලක් ගත හැක පුරවා
දුටුවෝ කියත් ඒ මගෙ පෙම්වතියන් කියලා
දන්නෝ දනිති මම විදිනා දුක් මේවා

සුන්දර හදට කවි පද වැල් අමුනාලා
ලෝකෙට පෙනෙන්නට බොරුවට හිනැහීලා
මතෙකෙට ආපු හැම මොහෙතම දුක්වීලා
කාවද රවටන්නෙ බොරුවට පෙන්නාලා

යන්නට එපා නුඔ මා හැර කිසිකලක
ලංකර ගනු එපා අන් කෙල්ලෙකු කිසිවිටක
පහදා කියූ නුඔ හැරදා ගිය විටක
හිටි කෙල්ලනුත් අද නැත මගෙ තනිකමට

Sunday, March 14, 2010

මැටි පොළව

දිය බිදක් ඉල්ලා
කදුලු විලාප දෙන
වියළී ගිය
තුරුලතා වලිත්
බැස ගිය මුල්
අවසාන දිය බිදුව
සූරා ගනිද්දී
තවත් මහ තදින්
එය බදා ගෙන
ලගින්නට තැනක් නැති
හමන්නට සුලගක් නැති
පැලී ගිය මැටි පොළව
අහස දෙස
කුමට අහස නෙතු යොමයිද.........

Thursday, March 11, 2010

සුන්දර මේ රැයේ

ලොවම නිදියන
තරු පොකුරු හිනැහෙන
සුන්දර මේ රැයේ
කියමි සිහින් හඩින්
ගෙතූ පද වැලක්
නිදන්නට මගෙ
සිහින කුමරියට…..
වැසූ නෙත් කවුලුවල
නිසොල්මන්බව
බලා ඉදිමි මම
නුඔට රහසේම
ලං කළ මගෙ දෙතොලින්
නැගෙන උනුසුමට
නු‍ෙඔ දෙතොල්පෙති
හිනහේවි නුඔටවත්
නොකියාම….
එපා විමසන්න
මා කුමක් කරම්දැයි
මියනතුරා ඉමි
ඔය නෙතුඅගට වී
විදිමින් නු‍‍ෙඔ රුව
හැමදාම

නු‍ෙඕ දඩුවම, සියුමැලිය මට

නුඔ මගෙ ආදරය
මුසාවක් කියුවොත්
පලා පෙන්වමි
මගේ ළය
නුඔ ඉදිරියෙම
දනිමි මම
ගලා යන ලෙයින්
තෙත් වුනු
නු‍‍ෙඕ ඔය සියුමැලි
දෑත් වලින්
කඩා මගේ හද
ඉරා පොඩිකර
විසි කරන බව
මම අමනාප නොවෙමි
නු‍ෙඕ දඩුවම
සියුමැලිය මට
ලොව එරෙහි වද්දී
පණ මෙන් නුඔට
ආදරය කළ පවට

Tuesday, March 9, 2010

මම සමුගනිමි

තවත් නැත මට සවිය
රගන්නනට මේ රග මඩලතුල
පින්තාරුකර ඔප දමා
සිනාසුන මගෙ මුහුන
මලානික වී ඇත
පෙර නොවූ ලෙස
සැමට මා ඔරුවකි
පාලමක් තැනූ ගම්මානයට
මා දැන් අබලන්ය
කිසිවෙක් නොමැත
අත් වාරුවට
නැත මට කිසිත් රැාගන යාමට
මගේ මතකය ඉතිරිය
මේ රගමඩලතුල
මා ඉතින් සමුගනිමි
නික්මෙන්න
මගේ ලෝකයට
පෙර තිබූ ලෙස
වේදනාව හිදිනු ඇත දැනුදු
මගබලාගෙන

නපුරු වූ නුඔ

කොහේ සිට
ආවේද
නොදන්වා යන්නෙහිද
නැවත අප
හමුවේද
නුඔ කාගෙ
කවුරුන්ද
දිය පොදක්
අවැසි විට
මහ විලක් ලෙසට සිට
සොයන විට සෙවනක්
මහා වෘක්ෂයක් මැවූ නුඔ
අතර මං කර
දමා ගොස් ඇත
වන සතුන් පිරි මහ වනය මැද
දනිමි නුඔ
සුරගනක් නොවන වග
සොවින් වැලපෙන
මගේ සිත ගෙන
තලා පොඩි කර
දමා ගොස් ඇත

මම අදත් බලා සිටියෙමි

දෑගිලි පටලාගෙන
සිහින ලොවකට
අමතමින්
මල හිරු බසිද්දී
රනින් බැබලෙන
සුදෝ සුදු ‍වෙරළ මත
වරක් නොව
සියවරක්
ඇවිද යන්නට
එනු ඇතැයි
මම අදත්
බලා සිටියෙමි.....

පවි තියේද තව විදින්න

සිහින ගොඩක් අරන් ආපු
කවි පද වැල් නැති උනාලු
නෙත් කදුලෙන් බර උනාලු
මම ආයෙත් තනි උනාලු

ආසයි මම හිනා වෙන්න
එපා සදේ දුකම දෙන්න
පවි තියේද තව විදින්න
කවිරුන් හෝ කියාදෙන්න

එපා ආයෙ දු‍කෙන් ඉන්න
මට බැරි වෙයි දරා ගන්න
නු‍ෙඕ සතුට ආයෙ දෙන්න
දෙවියනෙ මට විරිය දෙන්න

නපුරෙක් නොව බව සිතන්න

ආස වුනේ මිතුරු වෙන්න
නැත වෙන් කිසිවක් මට සිතන්න
එපා ආයෙ කවි කියන්න
නපුරෙක් නොව බව සිතන්න

සුරන්ගනා කුමාරියේ
කොහෙදෝ නුඔ සැගව ගියේ
ටික දවසයි හිනා වුනේ
නුඔ ඇයි මා අතර ගියේ

මගෙ හදවත දන්නව නම්
නැහැ නුඔ ඔය වගෙ කියන්නෙ
එපා ආයෙ දුක් වෙන්නට
මට හිමි නැත සතුටු වෙත්න

මා ඔය නෙතු හැ‍ඩෙව්ව නම්
සමාවෙන්න කළ වරදට
ඕනිම නෑ හිනා වෙන්න
කදුලු රසයි මගෙ දෙනෙතට

Monday, March 8, 2010

යථාර්තය

පාට පාට හීන දකින
පුංචි පුංචි පැතුම් පතන
අමුතු අමුතු ලෝක හදන
මගේ ලොවේ මං තනිවුන

සේද සුනිදු මල් ඇතිරිනු
පාට පබලු වැල් එක්වුනු
හීන හීන පොදි ගැන්වුනු
වලා යහනෙ මං තනිවුනු

එපා එපා යලි යහනට
සුසුම් ලමින් නුඔ එන්නට
මගෙ යහනේ මගෙ තනියට
පුංචි හීන වැල් ඇත මට

නරක නපුරු පෙම් කරන්න
බොරුවට මට හිනා වෙන්න
නුපුරුදු ආදරේ කරන්න
එපා මගේ හිත කඩන්න

ආසයි මම හිනා වෙන්න
ආයෙත් මට පෙම් කරන්න
ජීවිතේම ලගින් ඉන්න
කවුරුද ඉන්නේ කියන්න

එපා මගේ හිත හදන්න, මගේ තනිය මට විදින්න

ලොවට වඩා ආදරේලු
හැමට වඩා මා ඕනෙලු
කිසිද‍ා මා නැතිව බැහැලු
එහම කිව්ව නුඔ ගියාලු

නුඔට මාව මදි උනාලු
ඔහු ලග නුඔ සැනසුනාලු
මට මාවම නැති උනාලු
නුඔ වෙන දීගෙක ගියාලු

මගේ ලෙ‍ාවේ තනි වුනාවෙ
මුලු ලෝකෙම නැති වුනාවෙ
මගෙ තනිකම පුරුදු වේවි
නුඔ ආයෙත් හිමි නොවේවි

එපා සුළගෙ හමා එන්න
එපා සදේ එළිය දෙන්න
එපා මගේ හිත හදන්න
මගේ තනිය මට විදින්න

Friday, March 5, 2010

එනවද තව එක සැරයක් මාත් එක්ක ලගින් ඉන්න.....

ආසයි මට නුඔත් එක්ක
රෑ අහසේ තරු ගනින්න
සදලුතලේ තුරුලට වී
නු‍ෙඔ හුරතල් හඩ අහන්න

පෝයදාට හදත් එක්ක
ලස්සන ගැන කවි කියන්න
නිදි දෙවි දුව ලං වෙනතුරු
උකුලට වී රන්ඩු වෙන්න

එනවද තව එක සැරයක්
මාත් එක්ක ලගින් ඉන්න
ඇසට උනන කදුලු බිංදු
පිසදා නලලත සිබින්න

Thursday, March 4, 2010

සුබ පතමි මම

කියන්නට හැකි නම්
ලොවට හඩගා
මා ඔබට ආදරේ කරනා වග
සිනාසෙනු ඇත
මුලු ලොවව එක් වී
මගේ උමතුව
විහිලුවක් කර
දනිමි නුඔ
මනමාලියක බව
මට නොවේ
වෙන කෙනෙකු හට
සුබ පතමි මම
නව ලොවට නු‍‍ෙඔ
සිනා මල් වැහි
දෝර යන්නට

කවිමද ජීවිතය

නින්දත් නැතුව කම්මැලිකමට කොලයක් ගත්තම පද වැලක් අමුනන්න මට හිතුනා කවිමද ජීවිතය කියල. පුරුදු වෙන්නත් එක්ක හිතට එන අදහසක් ලියන්න ඕනි කියලා හිතුනා...

මොනව ගැන ලියන්නද කියල හිතත්දි ඊයෙ බස් එකේ අඩපු ගෑනු ළමයව මතක්වෙලා ආදරය ගැන ලියන්න හිතුනා. (ඒ සිදුවිම ගැන පද පේලියකුත් ලිව්වා)

ආදරය කියන්නේ ඇත්තටම මොකක්ද? මා හිතන විදිහට එකිනෙකා අතර විශ්ව‍ාසය මත පදනම් වුනු රාගයෙන් වර්ණවත් වුනු සහෝදරකමට වඩා එහා ගිය බැදීමකට තමයි ආදරේ කියන්නේ. එත් ඒ හැගීම අද ආදරය කරන අය ලග තියනවද?
හැමෙ‍ා්ම හිතන්නෙ ආදරය රාගය කියලයි. දැන් හැමෝටම අශාවයි ආදරයයි පැටලිලා. දෙන්නෙක් සිප ගත් පළියට ඔවුන්තුල සැබෑ ‍ආදරයක් ඇතිවන්නේ නැත. එකම බ‍සයේ එකට ඉදගෙන අත් අල්ලාගෙන යන හැමෝම පෙම්වතුන්මද? ආදරය කිරීමට ඔවුනොවුන් හමුවිය යුතුමද? මා දිකින පරිදි ආදරය කිරීමට හමුවිය යුතුම නැත සිප ගත යුතුම නැත ඔවුන් සෑබැ පෙම්වතුන්නම් එක වදනකින් මුලු ජීවිතයම පුබුදුවාලන අමුතු ජීවයක් ආදරයතුල පවතී. පලමු පෙම අත්විදින පෙම්යතුන් මෙය හොදින් දනිති.

තමුත් අද ආදරය රාගයට සීමා වී ඇත තම ශාරීරික උවමනාවන් සපුරා ගැනීමට "ආදරය" නැමති වචනයට අද සමාජයතුල ඉහල ඉල්ලුමක් පවතී. මෙය මා දකින පරිදි හුදෙක් තරුණ පරපුර විසින් කරනු ලබල වරදක් නොවේ. ලාංකීය සමාජයතුල ඇතිවන බලපැම් මත ආදරය විකිනීම ඇර වෙන විකල්පයක් ඇත්දැයි විමසා බැලිය යුතුය. මක්නිසාද යත් අප සියලු දෙනාම සැපයට කැමති මිනිසුන් බැවිනි

බටහිර සමාජය ඉහලින් අප අගය කරමු. ඔවුන්ගේ ගුන ගයන්නෙමු. අද සෑම තරුණ තරුණියකම බටහිරකරනයට ලක් වීමට වෙර දරති බෙ‍ාරුවට හෝ පොෂ් "posh" වීමට උත්සහ කරති. නමුත් අප අපටම අවංකව විමස‍ා බැලුවොත් අප තාමත් ගතානුගතික රාමුවක සිරවී ඇතිබව පිළිගත යුතුය.

තරුණයකු ආදරය විකුනා රාගය සොයා ගියද, තමාගේ සහකාරිය කන්‍යාවියකු විය යුතු බවට ඔහුගේ සිත කියයි. ඓසේ නොමැති නම් ඔහු ඇය ගැන සැක කරති. කෙතරම් පෙම්වතුන් සිටියත් තමාගේ සහකරු නොඉදුල් විය යුතුය. මෙය අද සමාජයේ පවතින යථාර්තයයි. මෙය අප තවමත් අපරදිග ගතානුගතික රාමුවක සිරවී සිටින බවට කදිම උදාහරනයක් නොවේද?

එය ඒසේ නම් තරුන තරුණියන් පොෂ් "Posh" වීමට මෙතරම් වෙහසෙන්නේ ඇයි? මට හැගෙන පරිදි හුදෙක් තම ශාරිරික අවශ්‍යතාවයන් සපුරා ගැනීම සදහ‍ා විකුණන ආදරය නැමති භාණ්ඩයේ වටිනාකම වැඩි කිරීම සදහා දමන එක් වෙළද දැන්වීමක් පමණි...

හුදෙක් කියවීමට නොව විමසා බැලීමටය.


(මෙය මාගේ සිතට නැගුන අදහසක් පමණි. තවද එක් දෙයක් කිමට කැමැත්තෙමි මෙය මා මෙසේ ලියන පලමු වදන් පෙල ‍වේ. එම නිසා මෙහි අඩුලුහුඩු කම් ඇතෙ‍ාත් දන්වන මෙන් ඉල්ලා සිටිමි.)

Wednesday, March 3, 2010

සැමදා ඇය දකිමි

සැමදා ඇය දකිමි
එකම බස් නැවතුමක
සුන්දරයි ඈ
නැත කිසිත් උපමා කෙරුමට
දොඩමලු වන්න ඇය සමග
අාසයි ලග ගැවසෙන්න
මොහොතකට
එයහත් මේ බසය නැති විට
නැතිය වෙන මගක්
ගෙදර යන්නට
ඒ නිසා අදත්
බලමි ඔබ දෙස
ලබන්නට නොව
විදිනන්ට රුව

විඩාබර සැදෑවක

තවත් එක් විඩ‍ාබර සැදෑවක
හිස තබා ගතිමි බසයේ කවුලුවට
දෙනෙත් පිය වෙද්දි රහසෙම
මලානික හිරු එබෙයි දෙනෙතට
ජීවිතේ
තවත් එක් දවසක
අවසානය මෙයැයි සිතුනි මට
දෙනෙත් පිය වුනේ විඩාවට
ඇහැරුනේ නළා හඩටය........

මම කළේ කැත වැඩකි

බසයට දිගු පෝලිමකි
මා ඉදිරියේ සිසුවෙකි
ඔහු අත දුරකථනයකි
මා කළේ කැත වැඩකි

ඔහු ඇයට පනිවුඩයක් යවයි
ඇය ඔහු ගැන විමසයි
මෙය ආදරේ ඇරඔුමයි
කවුරු හෝ විදවයි

ආදරේ සොදුරුයි තිබෙන විට
ආදරේ රුදුරුයි නැති විට
ආදරේ මිහිරියි අතීතෙට
සැමදා සොයයි තනි විට

Tuesday, March 2, 2010

නුඔ සදක් විය

නුඔ සදක් විය
සොයා යන විට තරුවක්
සිහිනයක් විය
තරුව නොව සද ගැන

පෙම් කළේ නැත
නුඔ අහිමි බව දැන
වෙන් වු‍නේ නැත
‍මා අසරණව ඇත

දනිමි මම
සද අහිමි බව
නමුදු මගෙ හද
නුඔ සතුව ඇත

තවත් එක් රැයක















ගෙමිදුලට ආවෙමි
හුදකලා වන්නට නොව
විදුලිය නෙ‍ාමෙැති කමින්

දා බිදු සියොලග වෙලා ගනිද්දී
පැතුවෙමි මද පවනක්
තුරු සිසි‍ලෙන්

පෙර මා තුරුලේ හිද
මා සැනසූ
නුඔ මා හැර ගියා නම්

කිසිදා ‍නොහදුනන තුරු අගින්
කෙසේ සිසිලසක්
අයදිම් ද .............

Monday, March 1, 2010

කවිය නුඔ

කවිය නුඔ, කවියක්ම විය
තනිකමට
සිත සනසවන

දයාබර විරහව

විරහව ෙවිදනාවක් ෙනාව
ෙසාදුරුතම අත් දැකීමකි
මිහිරිතම මතකයකි
සිනහව කදුල අතර වූ
නිහඩ භාවනාවකි

ඉතින්

මා ඔබට
ෙකෙසේ සමුදෙන්නද
.....................

මගේ සඳ

සීත පිණි වැටුන
හිමිදිරි උදෑසන
නුඔ පිය මැන ගිය හැටි
තාම මතකයි අද මෙන්
බලා සිටියෙමි
ලොවම නැවතුන ලෙසින්
නුඹේ වත දුටු විට
සදක් සිහිවුනි සිතට රහසේම
පෙමි කළෙමි ඔබ හට
සදක් සේ සිතා සැම කළ
ඒ සද නැතත් අද මා ලග
මගේ සද නුඔයි
සදා කළ………..



LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...
There was an error in this gadget