Friday, March 5, 2010

එනවද තව එක සැරයක් මාත් එක්ක ලගින් ඉන්න.....

ආසයි මට නුඔත් එක්ක
රෑ අහසේ තරු ගනින්න
සදලුතලේ තුරුලට වී
නු‍ෙඔ හුරතල් හඩ අහන්න

පෝයදාට හදත් එක්ක
ලස්සන ගැන කවි කියන්න
නිදි දෙවි දුව ලං වෙනතුරු
උකුලට වී රන්ඩු වෙන්න

එනවද තව එක සැරයක්
මාත් එක්ක ලගින් ඉන්න
ඇසට උනන කදුලු බිංදු
පිසදා නලලත සිබින්න

6 comments:

  1. සදළු තලේ උඩට එන්න
    අහසෙ තියෙන තරු ගනින්න
    දුර හිද බෑ පෙම් කරන්න
    අනේ ඉතින් ලගට එන්න

    හිත තුල සක්මන් කරන්න
    මොහොතක් ඇස් දෙක වහන්න
    ඔය හීනෙට මට එබෙන්න
    අවසර දෙනවද කියන්න

    ආදරේට රන්ඩු වෙන්න
    හාදු දීලා යාළු වෙන්න
    තුරුල් වෙලා හිනාවෙන්න
    මම ආසයි ලගම ඉන්න

    ඔය පපුවට හිස තියන්න
    හිතේ නතර වෙලා ඉන්න
    සදාකල්ම ඔබේ වෙන්න
    අවසර දෙනවද කියන්න

    ReplyDelete
  2. ලගට එන්න ආසයි නම්
    මට බැහැ ඔබ මග අරින්න
    අහසේ තරු තියන විටදි
    මගේ ලගට ඇවිත් ඉන්න

    හිත තුල නුඔ ඉන්නව නම්
    නැහැ මම නම් ඇස් අරින්නෙ
    මගෙ හීනෙට නුඔ ආවොත්
    කිසිදා නැහැ යන්න දෙන්නෙ

    ආදරේට රන්ඩු වෙලා
    හාදු දීලා තුරුල් වෙලා
    සැමදා නුඔ මගේ වෙලා
    ඉන්නෙමි නුඔ ළගට වෙලා

    මගේ පපුවෙ හිස තියන්න
    හිස පිරිමැද අත ගාන්න
    සදාකල්ම මගේ වෙන්න
    එනවද නුඔ මට කියන්න

    ReplyDelete
  3. නුඹේ ලගදි දග කරන්න
    චුට්ටක් කරදර කරන්න
    ඔය හීනෙට මට එබෙන්න
    කවදද දෙන්නේ කියන්න

    සදෑ කල්ම නුඹෙ වෙන්න
    තව මට බෑ කල් මරන්න
    අපේ ලෝකයක් තනන්න
    ඇවිත් මාව එක්ක යන්න

    ලගින් හිදන් පෙම් පුරන්න
    මට හැකිදැයි කියා දෙන්න
    නුඹේ වෙන්න අපේ වෙන්න
    මේ කාලයදැයි කියන්න

    ReplyDelete
  4. නු‍ෙඕ ලස්සන කවි අහන්න
    කරදර හිරිහැර විදින්න
    මගේ හීනෙ නුඔම වෙන්න
    දින නැහැ මට බලන් ඉන්න

    සදා කල්ම මගේ වෙලා
    කවිපද වැල් මාල නෙලා
    අපේ පුංචි ලොවට වෙලා
    නුඔ ඇත දැන් මගේ වෙලා

    ලගින් ඉන්න පෙම් පුරන්න
    දෙමව්පියන් කැමති වෙන්න
    අපේ ලොවම අපේ වෙන්න
    නිවසට නු‍ෙඔ එන්න දෙන්න


    ආසයි නු‍ෙඔ කවි අහන්න
    දෙනවද අවසර කියන්න
    මුනුපොතේ නුඔ දකින්න
    හැකි නම් මට කියා දෙන්න

    ReplyDelete
  5. හරිම ලස්සනයි......තව ටිකක් ඩෙන්නත් එක්කම කිවුවනම් තවත් අහන් ඉන්නව......

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...