Tuesday, March 9, 2010

නපුරෙක් නොව බව සිතන්න

ආස වුනේ මිතුරු වෙන්න
නැත වෙන් කිසිවක් මට සිතන්න
එපා ආයෙ කවි කියන්න
නපුරෙක් නොව බව සිතන්න

සුරන්ගනා කුමාරියේ
කොහෙදෝ නුඔ සැගව ගියේ
ටික දවසයි හිනා වුනේ
නුඔ ඇයි මා අතර ගියේ

මගෙ හදවත දන්නව නම්
නැහැ නුඔ ඔය වගෙ කියන්නෙ
එපා ආයෙ දුක් වෙන්නට
මට හිමි නැත සතුටු වෙත්න

මා ඔය නෙතු හැ‍ඩෙව්ව නම්
සමාවෙන්න කළ වරදට
ඕනිම නෑ හිනා වෙන්න
කදුලු රසයි මගෙ දෙනෙතට

6 comments:

  1. අපූරු පද ටිකක්....මිතුරුදමකට ආරාධනයක් වගේ...

    දිගටම ලියන්න..අපි එන්නම් කියවන්න

    ReplyDelete
  2. :D :D

    අසාර්ථක උත්සහයක් පමණි......

    :D :D

    ස්තූතියි හැම දේකටම.......

    ReplyDelete
  3. අසාර්ථක උත්සාහයක් ? ඒ මොකද ඒ ?
    දෙයකට එහෙම ලේසියෙන් යන්න දෙන්න එපා....මම නම් මගෙ ජීවිතේ හැම දෙයකටම අන්තීම මොහොත වෙනකම්ම සටන් කරලා තියෙනවා.ශක්තිමත් හිතක් කියන්නෙ එහෙම හිතකට.....ඉතින් පසන් ට ශක්තිමත් හිතක් නැද්ද ?

    ReplyDelete
  4. තිබ්බා. මගේ දේවල් මගෙම කර ගන්න ගොඩක් උත්සහ කරා. ඒත් මම ආස හැම දේම මගෙන් ඈත් වුනා. අන්තිමට මම හිතා ගත්තා මගෙන් ඈත් වෙන දෙවල් වලට යන්න දීල හැමදාම මාත් එක්ක ඉන්න දුකත් එක්ක මම ජීවත් වෙනව කියල. එතකොට මාව කාටවත් වදයක් නෙමේනෙ.. මම හරි නෙ???

    ReplyDelete
  5. අනේ මංදා පසන්,මටත් ඔය වගේම දෙයක් උනා නෙ

    "ටික දවසයි හිනා වුනේ
    නුඔ ඇයි මා අතර ගියේ"

    ReplyDelete
  6. confizd programmer...

    එහෙම තමයි එයාලගෙ හැටි

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...