Monday, March 22, 2010

ජීවිතය සමග ඕමි ගැසීමි

​කොළ තිස් දෙකකි
කූට්ටම කපා සමසේ බෙදා අවසන්ය
මා අතද කොළ අටකි
නළියන දෑගිලි වලින්
විසුමක් නැති උමතුවෙන්
සොයන්නට විණි
ආසියා පෙනෙන්නට නැත
හේරා ද අහිමිය
පොරව කොහේවත් නැත
පිට වාසි කිසිත් නැත
මළා..................
තුරුම්පුත්නැත
කැට කොළ පමණි මා අත
තවත් දුර ​කුමක් ​කරන්නද
නැවතත් අනන්නට කොළ
එකතු කරමි........

2 comments:

  1. ජීවිතේම සූදුවක්........ නියමයි නිර්මාණය......

    ReplyDelete
  2. හ්ම්ම්.... ඒක ඈත්ත විෂ්මි. ගොඩක් ස්තූතියි දැක්වූ අදහසට.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...