Wednesday, March 24, 2010

නුඔ නැතත් මා ලග මා තවත් තනි නැත

මිතුරියකගෙ ඈරයුමකි
උපන්දින සාදයට
පුන්සදේ කැලුම් දෝරෙ ගලන සීත වැහි බිදු
දෝතින් තුරුලු කර
ගත පෙයූවෙමි ඈගේ ගෙමිදුලට
මගේ අත සෙල්ලම් වලස් පැටියෙකි
ඈගේ සිහිවටනයට
මිතුරියන් පෙම්වතුන් සමගද
මිතුරන් පෙම්වතියන් සමගද
හිනාකැන් පිරී ඉතිරෙන අමුතු ලෝකයක
මම අතරමන් වුනි
ඇත කොනක තිබූ විදුලි බුබුලෙන් වට වුනු
පුංචි කුඩයක්යට මම තනි වීමි.
නිමේෂයකි..............
රනින් බැබෙලෙන
අමුතුහැඩ ඈති බෝතලයකි මා ඉදිරිපිට
මකන්නට තනිය
වක්කරමි පිරෙන්නට හිස් වීදුරුව
එක දෙක වුණි
ලෝකය බමන්නට වුණි
ඔවුනොවුන් තුරුලුව
රගන රැගුම්ද ගයන ගැයුම් ද
ඉවසාගත නොහැකිව මා
තනිව වින්දෙමි
මා අසරණය
දුක තනිව විදින්නට මගේ සිත අණ කරයි
නැගිටින්න වෙර දැරූවද මා එක තැනය
මිතුරෙකු කැවු බත් පිඩෙන්
කුස පුරවා ගත් මා එන්නට සැරසුණී
"හිටපන් මම ගිහින් දාන්නන්"
මගේ මිතුරෙකි මා අසල
සතුටු කදුළකි නෙතු අග
නුඔ නැතත් මා ලග
මා තවත් තනි නැත......

5 comments:

  1. තනිකමත් එක්ක දැනෙන අසරණකම හිතට දෙන්නෙ පුදුම වදයක්........එහෙම වෙලාවකට යාලුවෙක් කියන්නෙත් මහමෙරක් .... නිර්මාණය නම් අපූරුයි සහෝ.....

    ReplyDelete
  2. ඒක ඈත්ත විෂ්මි ඒ වෙලාවට එක වචනයකින් ගොඩක් දේවල් කරන්න පුලුවන්...ගොඩක් ස්තූතියි දැක්වූ අදහසට...

    ReplyDelete
  3. හරිම ලස්සනයි... කියවාගෙන යද්දී ඇස් ඉස්සරහා මැවිලා පෙනුනා කියලා තිබුනු සංවේදි කතාව.....

    ReplyDelete
  4. ආගන්තුක පුංචි සමනළීව ආදරයෙන් පිළිගන්නවා මගේ මල් වත්තට.මලකින් රොන් බීපු එක ගැන ගොඩක් සතුටුයි. ඉදිරියටත් මේ මල් වත්තට එයි කියල මම හිතනවා.

    ගොඩක් ස්තූතියි අදහසට.....

    ReplyDelete
  5. nipuni shanika pereraApril 7, 2010 at 7:05 PM

    අයැඳ සිටිමී සමා ඔබෙන්
    රිදවුවාට ඔබෙ හිත
    හැගෙන්නේ නැත තවම ඹබට
    එකදූ තරැවකත් නැති
    මගේ හිත් අහස යට
    කෙලෙස සතපමිද ඔබව අදූරැ කර ඔබ ලොවඳ...

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...