Thursday, March 25, 2010

මගේ කරුමය


පුරා තුන් මසක් ඒබී නොබැලූ
නුඹෙ මූණු පොතට
මොන කරුමෙකටද අද එබුනෙ මම
කොහේදො සිටි එකෙක් සුභ පතා ඇත
මීට පැය කිහිපයකට පෙර
නුඹේ විවාහය අදද????

නෙතින් කදුලු හැලෙන්නට විය
අතීතය නෙතු මතට තවත් කටු අනින්නටවිය
මම නුඹට අම්මා යැයි කියූවෙමි
ඒ මා වැදූයෙන් නොව
නුඹ මා සැදූ හෙයිනි
අතරමන්වුන ජීවිතයට
කොහේදෝසිට පැමිණ
පාරක් පෙන්නා ආ මගම
මා තනි කර
නුඹ වෙනම අද ගමනක් යන්නෙහිද?

කියන්නට කිසිවෙකුත් නැත
අසන්නට කිසිවෙකුට අවැසි නැත
මා තනිවමය
අප මැවූ ලොකයෙ සිහින නාටකය
මා ඉදිරියේ වු වේදිකාවක
රග දක්වයි

අද නුඹෙ විවාහය නම්
ජය ගී ගයා හමාරය
මගුල්බෙර නාද දී ඇත
අත පැන් වත්කර රන්හුයෙන් බැද ඇත
යලි වෙන් නොවන ලෙස
නුඹෙ තුරුලෙහි ඔහු නිදනු ඇත
දෙයියනේ.............
මා මරා දමන්න.

රැකියාව කළ නොහැක
නිවසට යාමටද නොහැක
මධුවිතක පිහිට ඇර
කවුද ඉන්නේ මෙවන් මොහතක

නුඹට මම අම්මා කිවූවෙමි
නුඹ මට අම්මා කෙනෙකු විය
මගේ හදතුල තවත් අම්මෙකුට
ඉඩක් වෙන් කළ නොහැක
මැරෙනතුරු නුඹ මගේ වැදූ අම්මා නොව
හැදූ මගෙ චූටි අම්මාය

බැහැ තවත් පද ගලපන්න
කදුලු බේරෙයි මුහුන තෙමෙන්න
අඩ ගැසූවෙමි මිතුරකුට හමු වෙන්න
මම යන්න යමි මී විතෙන් මත් වෙන්න

7 comments:

  1. ඇත්ත සිද්දියක් වගේ. පපුවෙන්ම ලියල තියෙනවා. ඇත්තටම ඔය වගේ වෙලාවකට ඉතින් මදු විතෙ පිහිටෙන් හරි හිත හදා ගන්න පුලුවන් නම් ලොකු දෙයක්.

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්!

    මොනවත්ම නොකියා උන්නේ වෙන මුකුත් නිසාම නෙමේ....ඔය අවස්ථාවට මාත් මූණ දීල තියෙන නිසා. මම කාලෙකට කලින් මේ වගෙම දුක් වින්දා. කෙල්ලෙක් උන හින්දා දුක පිටකරගන්න දෙයක් නැතුව මහ මෝඩ වැඩකුත් කලා...

    ආදරේ කරද්දී ආදරේ සුන්දර බව වගේම කටුක බවත් දරාගන්න ලෑස්තිවෙන්න ඕනෙලු...

    ReplyDelete
  3. පිස්සා පලාමල්ල ට/
    අපි හැම වෙලේම කරන්නෙ බොරුවට හිත හදාගන්න එකනෙ. ඉතින් එක කරගන්න පුලුවන් තාවකාලිකව. වෙන මොනව කරන්නද??


    දිල් ට,

    ඒක කරන්න අමාරුයි දිල්. පුලුවන්නන් මම ඒක කරල. ඒක කියන්න තේරෙන් නැහැ අනෙ.

    ReplyDelete
  4. අයියෙ මීවිත කියන්නෙ ප්‍රශ්න වලට විසඳුම නෙවෙයි. එයා ගැන මතකයන් වලට ආයෙ එබෙන්න යන්න එපා. එතකොට දුක වැඩිවෙනවා.

    ReplyDelete
  5. සංවේදී සටහනක්.
    මත්වීමේ වරදක් නැහැ. මේක ඇත්ත සිදුවීමක් නම් උඹ බොන මිනිහෙකුත් නෙමෙයි නම් බොන එකෙන් තෙරුමක් නැහැයි කියලයි මට හිතෙන්නෙ.
    ඒ වෙනුවට කල්පනා කරපන් තනියම.

    ReplyDelete
  6. විහඟිගෙ සිතුවිලි/
    නෑ මීවිත සදාකාලික පිළිතුරක් නෙමේ ඒත් ඒකෙත් තාවකාලික සතුටක් තියනව මම අතීතය අවුස්සන්න හිතල ගියෙ නෑ නංගියො එක ඈත්තටම ​මගෙ කරුමෙට උන දෙයක්..
    ගොඩක් ස්තූතියි අදහස් වලට ඔයාගෙ

    Raven/

    ඉස්සර ගොඩක් බිව්වා ආදරයට පින් සිද්ධ වෙන්න ඒක නවත්තල තිබ්බෙ දැන් හීනියට පටන් ගන්න හිතුව එච්චරයි. හික්.. හික්...

    ගොඩක් ස්තූතියි රවේන් අදහස් වලට

    ReplyDelete
  7. මේ ටික නම් මාර සිරා...හිත කඩාගෙන ගියා.. :'(
    "නුඹෙ තුරුලෙහි ඔහු නිදනු ඇත
    දෙයියනේ.............
    මා මරා දමන්න..."

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...