Tuesday, March 9, 2010

පවි තියේද තව විදින්න

සිහින ගොඩක් අරන් ආපු
කවි පද වැල් නැති උනාලු
නෙත් කදුලෙන් බර උනාලු
මම ආයෙත් තනි උනාලු

ආසයි මම හිනා වෙන්න
එපා සදේ දුකම දෙන්න
පවි තියේද තව විදින්න
කවිරුන් හෝ කියාදෙන්න

එපා ආයෙ දු‍කෙන් ඉන්න
මට බැරි වෙයි දරා ගන්න
නු‍ෙඕ සතුට ආයෙ දෙන්න
දෙවියනෙ මට විරිය දෙන්න

2 comments:

  1. පසන්ට ලියන්න පුළුවන් හැකියාව තියෙනවා..ඒත් මම දකින දෙයක් තමා පසන් ලියන්නේ එකම රාමුවක කවිපද .....ඒක වෙනස් කලොත් නරකද ? ලියන දේ සරළ උනාම ඒක විදින්න පුළුවන් අවස්ථාව වැඩී තමා..ඒත් අපේ හැකියාව එකම තැනට කොටුවෙනවා..ඒක මහ අපරාදයක්.....ලියන්න හැකියාව හැමෝටම නෑ...ඉතින් කවිපද උනත් වෙනස් උනොත් ඒකේ අරුත වැඩි උනොත් අගේ වැඩී....

    මගෙ අදහසක් විතරයි පසන්...හිතලා බලන්න

    ReplyDelete
  2. නැහැ. මම වෙනස් ඒවා ලිව්වා අද දාන්න හිතා ගෙන ආවේ.ඒත් වෙන දෙයක් නිසා එක අමතක වුනා. කලකිරිල තිබ්බෙ. දැන් දාන්නන්.ගොඩක් ස්තූනියි අදහසට.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...