Tuesday, March 30, 2010

සිහින වලට පාට දෙන්න

සිහින වලට පාට දෙන්න
පාට කූරු අරන් එන්න
දේදුන්නේ පාට වලින්
ඇවිත් පාට කරල යන්න

පුංචි පුංචි සමනලු​නේ
මගෙ හීනෙට ඇවිත් යන්න
නුඹෙ තටුවල පාට වලින්
හීන පාට කරල යන්න

සිහින් සරින් හමා ඇදෙන
පවන් රොදේ මේ අහන්න
මල් වල ඈති පැහැය අරන්
මගෙ හීනෙට පාට දෙන්න

නිදි කුමරිය නුඔ ආවම
එපා දුරින් බලන් ඉන්න
මගෙ හීනෙට පාට දෙන්න
ඇවිත් ඉතින් තුරුලු වෙන්න

11 comments:

  1. ලස්සනයි නිර්මාණය.......

    ReplyDelete
  2. හුගාක් සරළ, හිතට දැනෙන නිර්මාණයක්....

    ReplyDelete
  3. විෂ්මි / දිල්

    දෙන්නටම ගොඩාක්..................ස්තූතියි හැමදාමත් වගේ කළ අගය කිරීමට

    ReplyDelete
  4. හරිම අගෙයි.. ජය!

    ReplyDelete
  5. ලස්සනයි නිර්මාණය.....

    ReplyDelete
  6. හුඟක් ලස්සනයි..... ලස්සන අදහසක්...

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ``` Outsider``/Madhu /බිඟුවා...

    ඔය හැමෝටම ගොඩාක්........ ස්තූතියි

    ReplyDelete
  9. හරිම ලස්සනයි.....ඒත් මේ අකුරුනම් පොඩ්ඩක් කියවගන්න අමාරුයි..ටිකක් ඒගැන බලන්න...එතකොට තවත් ආසාවෙන් කියවන්න හිතෙනවා.

    ReplyDelete
  10. ලස්සනට ගලපලා ලියලා :)

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...