Wednesday, March 17, 2010

තනියට ලියූ කවි (Part 2)

සිව්සැට මායමින් නු‍ෙඕ වත සරසාලා
මුලුතුන් ලෝකයම නුඔ යැයි හගවාලා
දන්නේ නැතද මගෙ පෙම් සිත රිදවාලා
ඉන්නේ කෙලෙස මා මේ සැටි හඩවාලා

කන්නට නොහැක සිතුවිලි මට වද දෙනවා
ඉන්නට නොහැක නුඔ මගෙ සිහියට එනවා
යන්නට නොහැක නුඔ මගෙ පසු පස එනවා
පෙම් කළ පවට මම තාමත් දුක් වෙනවා

සුන්දර ළදුන් ඇත ලෝකය හතර වටේ
කෙල්ලෙකු සොයා දිව යමි මම ලෝකෙ වටේ
සමහර ‍කොල්ලන්ට කෙල්ලන් හැටට හැටේ
වේලන අපට රොඩ්ඩක්වත් ඉතුරු නැතේ

ලෝකෙට සුන්දරය ඉපදුන ලංකාව
කෙල්ලන් සුන්දරය බැලුවම සිරියාව
පණ ඉල්ලුවොත් දෙන බව කී දිවුරාම
වාහනයක් දුටු විටදි නැග යයි නොකියාම

කරදිය සුවද මුසුවන මේ මුහුදු කරේ
කරවල ගදද ඉද හිට මෙන් අපට දැනේ
ඉන්නා‍ කළදි දැනුනා වූ නුඔගෙ සුවේ
හැර ගිය විටදි කරවලයද සුවද ගෙනේ

අන්ධ භූත ජාතකයනි පැවත එන
හොර සැමියකු ලවා තම සැමියට ටොකු අනින
නිවසට පැමිණි සැමියගෙ හිස අතගාන
එහෙමයි ගෑනු මේ ලොවතුල රජකරන





6 comments:

  1. කෙටියෙන් මෙහෙම කියන්න පුළුවන්...
    ඔයා ඔයා කියන ඝනයේ ගැහැණු උදවියත් නැතුවාම නොවේ. ඒත් සැබෑවටම ආදරය කරන අයත් ඉන්න බව අමතක කරන්න එපා...මොකද කෙනෙක්ට ඇගිල්ලක් දික් කලොත්...තව 3ක්ම අපේ පැත්තට...

    ඉතින්.......

    ReplyDelete
  2. ඉතින් මම කොල්ලො හොදයි කියල නෑනේ. එකනේ
    "සමහර ‍කොල්ලන්ට කෙල්ලන් හැටට හැටේ"
    මේ විදිහට ලිව්වෙ
    හොද කෙල්ලො හිටියට ඊට වඩා ලේසියි කලුනික හොයන එක. කොහෙද අනේ ඔය හොද කෙල්ලො ඉන්නෙ.......
    ඕවා නිකන් කථාවට කියන ඒවා.....ඒ ගැන වැඩිය හිතන්න එපා යථාර්තය තේරුම් ගත්තම ජීවත් වෙන්න ලේසි... :D :D :D

    ඉතින්........

    ReplyDelete
  3. කෙල්ලො හොදයි කියලා ඔයා එක්ක මෝඩ තර්ක කරන්න මම කැමති නෑ. ඒත් මටත් අහන්න දෙයක් තියෙනවා...ඔය හොදයි කියන, බොක්කෙන්ම ලව් කරන " කොල්ලො " කොහෙද ඉන්නේ ?

    ReplyDelete
  4. අයියෝ ඇයි මේ මම හිටියෙ... දැන් ඒවා වැඩක් නෑ ලැබෙන්න තියන දේනෙ ලැබෙන්නෙ. මේ ලොකෙ හැමෝම හොදත් නෑ හැමෝම නරකත් නෑ තේරුන් ගැනීම මත තමා හැම දෙයක්ම

    පිටින් බලලා මිනිස්සු තේරුන් ගන්න ගියාම තමා අපිට වරදින්නෙ. අපි දකින දේට වඩා නොදකින දේ වැඩි. දැන් cool වෙන්න. දිල් හරි දරුණුයි නේ...:D :D :D

    "කවිකාර නු‍ෙඔ සිත වලිකාර හැගීම් දොරෙ ගලන භයංකාර නවකථාවක් වැනිය"
    :D :D :D hik hik hik

    ReplyDelete
  5. ඔය ටිකම නේද මම අර පළවෙනි සැරේම කිව්වේ ?
    ලෝකයේ හැම දෙයකම සහ මනුස්සයින් අතරත් හොද හා නරක අය දෙගොල්ලම ඉන්නවා. කිසිම කෙනෙක්ට ගැහැනියට වඩා පිරිමියා හොද හෝ පිරිමියාට වඩා ගැහැනිය හොදයැයි කියන්න බෑ....


    very simple answer ;P

    ReplyDelete
  6. අම්මෝ ඇති යාන්තන් cool වෙලා.. හරි හරි ඔයා දිනුන්. ඒ උනාට ඔහොම දේවල් කියන්න එපා හිතා හදාගන්නවත් කෙල්ලන්ට බනින්න දෙන්නකෝ.. මම පවුනෙ.......

    :D :D

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...