Tuesday, October 19, 2010

සොයා යන්නට හැකි නම්.....



සොයා යන්නට නුඹ ​හමුවනාතුරු
පියාපත් නැතිවද පියඹා යන්න
හමා එන සුලගට කියන්නට හැකිනම්
පවසා යන්න ඈය කොහෙද වග

ණාටු රලු පොළව මත
වියළි ගියත් මැටි පිඩලි
තෙතමනයක් නොලද නුඹේ පාමුල
තවද අයදියි දිය පොදක් මම.......

වසන්තය යළී නොආවත් මට
තුරු මලින් නැතිවී ගියත් ලොව
නුඹ දකින තුරු හිදින මම
කොහේ සොයමිද නෙතක් ඔබ හැර

දේදුන්න අමනාපව ගියත් අද
එක වරක් පායන්න මගේ සිත් මායිම
සුන්දරත්වය විදින්නට නොව ඔබ ලග
පාරක් සොයා ගන්න යට ලං වෙන්න

7 comments:

  1. කවි ටික නම් ලස්සනයි. එත් කියවන්න තමා අමාරු. පැට අවුල් වගේ.

    ReplyDelete
  2. ස්තූතියි ප්‍රියන්ත අයියා දැනුවත් කරාටයි..අගය කරාටයි දෙකටම..දැන් හැදුවා....:-D

    ReplyDelete
  3. ලස්සනයියියියියියියියියියියියි..........

    ReplyDelete
  4. ලස්සනයි ....කවිපද..?

    ඔහොම යනකොට ජිවන ගමනේ...
    දෙදුනු පායයි ඔය සිත් අහසට...
    තුරුලු වෙන්න හදවතේ රිද්මයට..
    හෙනෙහසේ මල් හෙමින් නෙලන්නට.

    ReplyDelete
  5. අපූරු පද වැලක්.... !!!!!!!

    අතීතෙන් මිදි
    වත්මනෙහි හිත
    කොතෙක් දුටුවත්
    නුඹත් එකලත්

    අතීතෙට ලොබ
    බඳින තුරු නුඹ
    ඇයගෙ සෙවණැලි
    පසුපසින් එත...

    ReplyDelete
  6. GINDARA WAGE KAWI MALDAM...MAN ISSELLAMAI AWE..HARYMA LASSANAI...SADAWATHAK WAN NUBE SITHUM..MAGEN SUPATHUM PASAN,,

    ReplyDelete
  7. man ida hita awath hamadaamath balana obe nirmaana anargai machan..mekath ea wage harima soduru sankalpanaawak

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...