Monday, March 29, 2010

විකිනෙණ අපි

නින්ද අමනාප වුන නිසා කමිමැලිකමටත් එක්ක අද අහපු ගීතයකට විචාරයක් ලියන්න හිතුව. ගායකය හරියටම දන්නැහැ. ඒත් රැඩිකල් ගනයේ ගීතයක්. 100% ක් එකග වෙන්න බැරි වුනත් සමාජයේ යථාර්තයක් එයතුල ගැබිවෙලා තියනව. 100% එකග වෙන්න බැහැ කිව්වෙ එය යමුතාක් දුරට සමාජය දෙස ද්වේශයෙන් බලල තියනව වගේ. ඔයාලත් කියවලම බලන්නකො (upload කරන විදිහ දන්නැති නිසා ලියල දාන්නන්)

ග්‍රීස් ගහේ මුදුනටම ගියා මම
ඈය අවුරුදු කුමරිය වෙන්න ගියා
සිංහල අවුරුදු දවසේ
කොඩිය අරන් මම බැහැල ගියා
ඈය ඔටුනු පැලද නගරයට ගියා
සිංහල අවුරුදු දවසේ //

පබාවතිය මගෙ යන්න ගියා
කුසට ගෑස්ට්‍රික් අම්ලතියා
සිංහල අවුරුදු දවසේ

කොළඹ කට්ටියක් අරන් ගියා
ටිකක් කැමැත්තෙන් ඈයත් ගියා
සිංහල අවුරුදු දවසේ

රටක් වටින ඇය යන්න ගියා
වැඩිම මනාපය ඇයට ගියා
සිංහල අවුරුදු දවසේ //

sold........ out..////

ඔබෙ දෙතොල් විකුනන්න
ඔය දෙතන් විකුනන්න
මුදු බෙල්ල විකුනන්න
මුදු ඇගිලි විකුනන්න
ඇහි දෙබැම විකුනන්න
හසරැල්ල විකුනන්න
ඔය දැස විකුනන්න
ඔබ ඔබම විකිනෙන්න
She is sold out...........//

මුලු රටම සනසන්න
මුලු රටම නලවන්න
මුලු ගතම විකුනන්න

But you my baby....
මුලු හිතම වටහන්න...................................

අපේ සමාජය තාමත් වික්ටොරියානු ගැත්තන් නිසා එක පදයක් අඩුවෙන් දැම්මෙ

මෙහි ගීත රචකයා පවසන පරිදි පුද්ගලයකුගේ ශරීරයේ සියලුම අවයවයන් සදහා මිලක් ඈත එය යථාර්තය වේ වෙළද දැන්වීමක් සදහා තොරා ගැනීමේදී පවා ශරීරයෙ විවධ අංශයන් සදහා නියම වන මිල ගනන් වෙනස් වී යයි අප වෙළද භාණ්ඩයක් නොවන්නේ නම් ​එසේ විය හැකිද?

අප පිළිගැනිමට අකමැති වුවද මෙය සමාජීය යථාර්තය වේ අප සමාජයතුල විකිනෙන භාණ්ඩ වේ රැකියාක් සදහා සම්මුඛ පරීක්ෂයක සිට ආදරය ලැබිම වැනි සියලුම කටයුතු සදහා අප අපව විකිනිය යුතුය උදා* අදාරයේදී රූපය/කථාබහ/ අදහස්/ සමාජීය පිළීගැනීම වැනි තවත් බොහෝ දේ අප විසින් විකුනනු ලබන භාණ්ඩ වේ එයව විරුද්ද පාර්ෂවය විසින් මිලක් නියම කරනු ලබයි එම මිලට එකග නොවන්නන් ආදරයෙන් පැරදී යයි මෙය අප පිලිගැනීමට අකමැති වු යථාර්තයයි.

එවන් විකිනෙන සමාජයක් අපට නොවිකිණි සිටිය හැකද? එසේ නම් අප වන ගත විය යුතුය. හුදෙක් මෙය මා මෙසේ දැමීම​ට හේතු වුයේ වචන කියවා සැනසීමට හෝ දුක් වීමට නොව සමාජීය යථාර්තය පිළිබද විමසා බැලීම සදහාය. මෙවන් වූ සිදුවිම් අප සමජ
යතුල ඕනෑ තරම් සිදුව ඇත.විරුද්ධ මත ඇතොත් සතුටින් භාර ගනිමි.









12 comments:

  1. පසන්,
    ඔබ පවසන දෙය තුළ සත්‍යයක් නැත්තේ නොවේ. එහෙත් සියල්ලම විකිණෙන සමාජයක් තුළ අප අපවම විකුණා දැමිය යුතු ද ? එය එසේ විය යුතුයැයි මම නොඅදහමි. ගඟ ගලන අතටම තමන්වත් ගසාගෙන යන්නට ඉඩ හැර බලා සිටිනවාද නොඑසේ නම් උඩු ගං බලා පිහිනනවාද යන්න තම තම නැණ පමණින් විමසා බලා ගත යුතු තීරණයකි. එහෙත් මම ඔබට යමක් පවසමි. හෙට ලොව කතා කරනු ඇත්තේ ගඟට රිසි පරිදි ගලාගෙන යන්නට ඉඩ හලවුන් නොව ගඟ හරස් කොට ඇළ වේළි තනා දුන් අය බව සිහිපත් කරනු කැමැත්තෙමි.

    ReplyDelete
  2. මේ ගීතය කියන්නෙත් ලිවුව කෙනාමද කොහෙද.. මට නම මතක නෑ සහෝ... රේවන් දන්නවා... එයා කියයි.... :).......මේ ගායකයගෙ මේ වගේ සින්දු ගොඩක් තියෙනවා....... හැබැයි බහුතරයකට අල්ලන එකක් නෑ... ඒ නිසාමද කොහෙද මේ කෙනා ඒතරම් ජනප්‍රිය වෙලා නැත්තෙ...


    ගීතයේ ලියවිලා තියෙන දේ වගෙම අයිය කියපු දේත් හරි.. අපි හැමෝම විකිනෙනව..... දැන හෝ නොදැන.... මේ ඉර හඳ යට හැමදේම විකිනෙනව...

    ReplyDelete
  3. mama me sinduwa ahala ne. kiyanne kawda? download karanna link 1k danna puluwanda?

    ReplyDelete
  4. ගායකයගෙ නම අජිත් කුමාරසිරි. පද රචනයත් එතුමාම කියල තමයි මම හිතන්නෙ.
    මේ ගීතය ඇතුළත් වෙන ඇල්බමය ගැන අපේ යාලුවෙක් මෙන්න මෙතන විස්තරයක් දාල ඇති.
    http://whiledliving.blogspot.com/2009/04/blog-post_12.html

    එතනින්ම මේ ගීතය ඇතුලු ඇල්බමය බාගත කරගන්නත් පුලුවන් වෙයි.

    ReplyDelete
  5. මම ගීතය ඉල්ලන්න ගියෙ.

    ස්තුතිය් රවින්. හැම දෙයක්ම අද මාර්කට් වෙනව... අපි ඇතුලුව

    ReplyDelete
  6. පලවෙනි පාරට දැක්ක සින්දුවක්.....මට හොඳටම හිනා ගියා...කොහොමත් මට මේ වගෙ සින්දු දිරවන්නේ නෑනෙ....

    ඔය හැමදේම market වෙනවා කියලා අපි අපිවම market කලොත් මොකද වෙන්නේ කියන ප්‍රශ්ණය හිත ඇතුලට ආවා....

    ReplyDelete
  7. මං ඉස්සෙල්ලා පළ කළේ විකිණෙන එක ගැන මගේ අදහසනෙ.. දැන් කියන්න යන්නෙ ගායකයා ගැන... ඔහුගෙ රළු කටහඞ ගීතවල රසවින්දනයට පුංචි බාධාවක් වුණත් ඔහු වෙනස්ම මඟක යන්නෙක්.. ඔහුගේ ගිටාරය භාවිතය නම් අද්විතීයයි.. ඔය කියන 3rd World ඇල්බමයේ පළමු Track එක ඒකට හොඳම නිදසුනක්.. ඒක රසවිඳින්නට මඟ පෙන්වපු Raven ට ගොඩාක් ස්තූතියි !

    ReplyDelete
  8. මේ සමාජය හරිම කුරිරුයි අනේ ආයෙ කියවන්නැ කියල හිතාගෙන හිටියෙ ඒත මෙච්චර දේවල් දැක්කම සතුට උතුරල ගිහින් කට වහන්ඉන්න හිතෙන්නෑ.

    sansarasidu/
    විකිනෙන්නැතුව අපි කොහොමද රැකියාවකින් වැටුපක් ගන්නෙ/ අපි කොහොමද අදරයක් ලබන්නෙ අඩුම ගානෙ අපිව විකුනන්නැතිම අම්මගෙන් රපියල් 100.00ක්වත් ඉල්ල ගන්න බෑ (අම්මට පොල් ටිකක් ගාලා වභාගයක් පාස් වෙලා බොරුවක් කියල මේ මොනව හිරි දෙයක් කරල අපි අපිව විකුනනවා) ඒක තේරුන් ගන්න අකමැති එක තමයි ප්‍රශ්නෙ ගොඩක් ස්තූතියි දැක්වූ අදහසට සහෝ..

    විශ්මි/

    ඔව් විශ්මි අපි විකිනෙනව. ඒත් කලබලකාරී සමාජයත් ඒක්ක අපිට ඒක තේරුන් ගන්න වේලාවක් නෑ. හැමෝම සල්ලි පස්සෙ දුවනව විතරයි. ඒක තේරුන් ගන්න ඔනි කමක් නෑ..
    ගොඩක් ස්තූතියි දැක්වූ අදහසට.

    ReplyDelete
  9. Raven / පිස්සා පලාමල්ල

    ගොඩක් ස්තූතියි ඔයාල දැක්වූ අදහස් වලට

    දිල් /
    ඔයාව හිනස්සවන්න පුලුවන් වුන එකට ගොඩක් සතුටුයි :D...
    අපි අපිව හොදට මාර්කට් කලොත් අපිට ඉක්මනට රැකියාවෙ ඉහලට යන්න පුලුවන් සමාජයේ පිළිගත් කෙනෙක් වෙන්න පුලුවන් කැමති ආදරයක් ලබන්න පුලුවන් වාසි ගොඩයි
    ගොඩක් ස්තූතියි අදහසට.....

    ReplyDelete
  10. මං සාමානයයෙන් කිසිම කෙනෙක් එක්ක වාද කරන කෙනෙක් නෙමෙයි..
    ඒත් උඹේ ඔය කතාවට මට එකඟ වෙන්න බෑ මලයො..
    රැකියාවකදි අපි කරන්නෙ අපේ දැනුම හෝ ශ්‍රමය විකුණන එක.. ඒත් එහෙම කියල අපි අපේ හැම දෙයක්ම විකුණන්න ඕන ද ? අපේ අධ්‍යාත්මය පවා...
    මම නිකමට උඹේ Profile එක බැලුවා..
    එතකොටයි තේරුණේ ඔහොම හිතන්න උඹ පෙළඹිලා තියෙන්නෙ ඇයි කියලා...
    කොහොම වුනත් මං උඹේ අදහසට ගරු කරනවා..
    ඒත් මගේ අදහස, මේ ලොකේ තාමත් උඩු ගං බලා පිහිනන මිනිසුන් සිටින බවයි.

    ReplyDelete
  11. අපි උඩුගං බලා පීනනව කියන්නෙත් විකිනෙන එකම තමයි මලේ.
    දකින විදිහෙ වෙනස විතරයි.

    ReplyDelete
  12. අම්මෝ අයියෙ මාත් වාදයට හරි බයයි ඒකයි කටපියාගෙන ඉන්නව කියල තීරනයක් ගත්තෙත් ඒත් අහපු නිසා කියන්නන ඔයාම පිළිගත්තනෙ රැකියාවෙදි අපි විකුනන දේවල් ඒ වගෙම සමහර රස්සාවල් තියනව (නීතිවෙදියො නලුනිළීයො දේශපාලනය වගේ)ආත්මයයි අධ්‍යාත්මයයි මේ ඔක්කොම විකුනන්න වෙන විදිහෙ
    මම කියන්නෑ අපි හැමෝම හැම දේම විකුනන්න ඕනි කියල ඒත් එහෙම කරන්න වෙන අවස්ථා ඔනිතරන් තියනව

    මගේ profile එකේ අයිය මොනවද දන්නැහැ බැලුවෙ එත් මම විරහවක් නිසා සමාජයට දොස් කියන්ව කියල හිතුවනන් එක වැරදි එහෙම හිතන්න මට අයිතියක් නැහැ තිබ්බත් මගෙ රස්සාවක් එක්ක මට එහෙම හිතන්න බැහැ

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...