Thursday, March 25, 2010

බැදීම් සහ තනිකම

(ඔන්න ඉතින් අමාරුවෙන් හරි පොරොන්දුව ඉටු කරන්න ඕනි කියල හිතුව මට ලස්සනට ලියන්න බැහැ කොහොමහරි කියවල බලන්නකො මම හරිද කියල...)

බැදීම් / bond

බැදීම යන වච​නයේ තේරුම පමණක් සැලකූ විට එය එක් විමක් ලෙස පෙනෙන්නට පිළිවන මා දකින පරිදි බැදීමක් යනු එකිනෙකා අතර මනා අවබෝධයකින් යුතුව දැඩිව ඈති කර ගන්නා සම්බන්ධතාවයක්වේ. දෙදෙනෙක් හමු වී කථා කර පලියට ඔවුනොවුන් අතර බැදීමක් ඈති නොවේ. මිතුරු කමද බැදීමක් ලෙස හැදින්විමට හැක. එසේ කළ හැක්කේ හුදෙක් වචනයේ අරුත පමණක් හුවා දැක්වීම මගින්ය; උදාහරනයක් ලෙස අප පාසලේ මිතුරෙකු හෝ මිතුරියකු මිය ගිය විට දැනෙන වේදනාව සහ අප පෙම්වතා පෙම්වතිය සහෝදරයකු අහිමි වූ විට දැනෙන වේදනාව අතර මහා වෙනසක් ඈත. ​මේ අවස්ථා දෙක තුලම පවතින්නේ බැදීමක් නම් ඈයි දෙවිදිහකට අපි ඒ වේදනාව අත් විදින්නෙ. ඒකට මම දකින හේතුව නම් සම්බන්ධකම් සහ බැදීම් අතර ඈති වෙනසය. බැදීම යන වචනයතුල පිටතට පෙනෙන අරුතට වඩා ගැඹුරක් අප දැකිය යුතුය ඊට හොදම උදාහරනය නම් බෝසතානන්වහන්සේට පුත් කුමරෙකු ඉපදුන අවස්ථාවේ බැම්මක් (බාධකයක්/බැදීමක්) ඈතිවුනා යයි ප්‍රකාශ කරයි.නමුත් කුඩාකල සිට තම හොදම මිතුරා වූ චන්න නම් ඈමති බාධකයක්/බැම්මක් නොවුනි. සියලු සම්බන්ධකම් බැදීමක් ලෙස සැලකිය ​නොහැකි වන්නේ ඒ නිසාවෙනි
දෙදෙනෙක් හමුවූ මුල් අවස්ථාවේ දෙදෙනා අතර හදුනාගැනීමක් සිදුවේ එනම් මූලික පොදු කරුනු දෙදෙනා අතර හුවමාරු වේ මේ අවස්ථාවේ ඔවුනොවුන් අතර කිසිදු බැදීමක් ඈතිනොවේ එය අප තාවකාලික මතකයේ තබා ගන්නා එක් සිදුවීමක් පමණි මෙසේ කලක් ගත වෙත්ම එය මිතුරුකමක් බවට පත්වේ මේ අවස්ථාවේදි යටිහිතට තරමක්දුරට අනෙක් පුද්ගලයා ගැන මතකයේ තබා ගනී මිතුරුකම නැති වුවද හිතට දරුණු වේදනාවක් නොදැනෙන්නේ එහෙයිනි.
මිතුරුකම මුහුකුරා යත්ම බැදීම් ඈතිවන්නා වූ මුල් අවධියට පිවිසේ එකිනෙ​කා ජීවිතයේ කොටසක් බවට පත්වේ.ඔවුනොවුන් නැතිව බැරිය මෙසේ ආරම්භවන සම්බන්ධය මෙතැන්සිට බැදීමක් ලෙස නම්කළ හැක එනම් සහෝදරයන් අතර පෙම්වතුන්/වතියන් අතර දරු දෙමාපිය එවන් වූ සම්බන්ධකම් බැදීමක් ලෙස හැදින්වේ.
බැදීමක් ඈතිවූ දෙදෙනෙකු අතර බොහෝවිට රහස් නොපවතී එකිනෙකා නැතිව බැරිවේ. සිදුවන සුලු ක්‍රියාවකින් වුවද සිත් තැවුල් ඈතිවේ. හැම මිතුරෙකුම හෝ මිතුරියකම අතර බැදීමක් නැතැයි මා පැවසුවේ එහෙයිනි,
බැදීම් වැඩිවු ජිවිතයක බාධා ද වැඩිවේ මක්නිසාද යත් බැදීම් අතර සිදුවන සුලු වරදකින් වුව මහා වේදනාවක් ගෙන දෙන නිසාවෙනි. අඩුවූ බැදීම් සහ වැඩි පුර මිතුදමි පවත්වාගෙන යාමෙන් නිතරම සතුටෙන් ජීවත් වීමට හැකියැයි මම විශ්වාස කරමි.


තනිකම/හුදකලාව

වචනදෙක ඈසූපමණින් පුංචි කාමරයක්තුල තනිවූ පුද්ගලයකු සිහියට නැගෙයි. ඒ වචනයේ අරුත පමණක් අප සලකන නිසාවෙනි. තනිකම දැනෙන්නට තනි විය යුතුමනැත​.ඊට හොදම උදාහරනය නම් එක් දිනක මා මගේ පෙම්වතිය(ඉස්සර හොදේ)සමග සිටින මොහොතක මට රාජකාරී දුරකථන ඈමතුමක් ලැබිණි. එය තරමක් දීර්ඝ වූ අතර මා අසල සිටි ඈය හඩන්නට විය හේතුව විමසූ අවස්ථාවේ කියා සිටියේ මා කථා නොකල නිසා ඈයට තනිකමක් දැනුන බවය. මා සිතින් සහ ගතින් ඈය අසල සිටියද ඈට තනිකමක් දැනුනේ අවට කවුරුත් නැති නිසාද?? නැත, තනිකම යනු අප සිතට නැ​ගෙනා වූ අදහස ප්‍රකාශ කිරීමට කිසිවෙකු නොසිටීම හේතුවෙන් ඈති වන්නා වූ සිතුවිල්ලකි. තනිකමතුලින් නිර්මානබිහිවන්නේ එබැවිනි. මන්ද යත් ඒවා අසා සිටීමට කවුරුන් හෝ සිටියේ නම් කිසි දිනක එවන් වූ නිර්මාන සමාජයතුල වීදි බසින්නේ නොමැති බැවිනි.

ආදරය නැතිවූ පමණින් තනිකම ඈති නොවේ. ආදරය විදින අවස්ථා වලදී පවා තනිකම හිතට නැගේ. අප වචනයේ අරුත පමණක් සැලකිල්ලට ගන්නා නිසා සමාජය වැරදි අයුරින් මෙවැනි දේ අර්ථ දක්වා ඈතැයි මට සිතේ.මම දකින පරිදි තනිකම/හුදකලාව ජිවිත​යට තිබිය යුතුමය. සමාජය දෙස නිවරදිව දැකිය හැක්කේ මේ සිතුවිල්ල තුලිනි. අපට තනිකමක් නොදැනෙනතා​ක් කිසිම මිනිසෙකු තම ජීවිතයේ ඈති අගය වටහා නොගනී

(මේ සියලුකරුණු මගේ අදහසක් පමණි වැරදි ඈතොත් පෙන්නා​දෙන මෙන් ඉල්ලා සිටිමි )

14 comments:

  1. තනිකම =! හුදකලාව

    ReplyDelete
  2. ඔබේ අදහස් ගැන 100%ක් එකඟ නොවුනත් යම් ප්‍රමාණයකට එකඟ වෙමි.
    පසුව විස්තරක් ලියමි.

    /බිඟුවා...!

    ReplyDelete
  3. කොහොම නමුත් පසන් මම මගෙ බ්ලොහ් අඩවියේ ලියූ කියූ දේවල් වලින් ඔයා තේරුම් ගන්න ඇති මම බැදීම් වලට මොනතරම් ගරු කරන කෙනෙක්ද ...සහ ඒ බැදීම මට මොනතරම් වටිනවද කියන එක...එක අවස්ථාවකදි විතරක්ම නෙමේ කීප සැරයක්ම මම ඒ ගැන කිව්වනෙ....

    කවුරු කොහොම කොයි විදියට බැදීම් විශ්ලේෂනය කලත් මට බැදීම් හුගාක් වටිනවා....

    හොද උත්සාහයක්.....

    ReplyDelete
  4. බිගූ කියපු දේට මාත් එකගයි.fonts පුංචි වැඩී.....පුළුවන්නම් ඒක හදන්න

    ReplyDelete
  5. /බිඟුවා...
    font size වැඩිකරා. පසුව වැඩි විස්තරක් කරොත් ඒ ගැන මම ගොඩක් සතුටු වෙන​වා

    ගොඩක් ස්තූතියි මේ පැත්තට ආවට..

    ReplyDelete
  6. තවත් මදි වගෙ පසන්..බලන්න ඔයාම පැහැදිලි මදි..ඒ වගෙම comments වල font size එකත් මදි

    ReplyDelete
  7. දිල් වෙත
    මම කියන්නැහැ බැදීම් නරකයි කියල
    මම එක දෙයක් කියන්නන් ඔයාට දුකෙන් ඉන්න එපා කියල ඔයාගෙ බ්ලොග් එක කියවන අය ඕනි තරන් කියල ඈති. ඒ නිසා මාත් ඒකම කියන්න යන්නැහැ. ඔයාම හිතල බලන්න ඔයාගෙ දුකට හේතුව මම දකින හේතුව නම් බැදීම් නැති වීම ඈයි තවත් ඒවට ඈලෙන්නෙ ජීවිතේම අපායක් කර ගන්නද කැමති. මට අයිති නෑ බණ කියන්න. ජීවිතයේ යථාර්තය දකින්න එහෙම උනාම ජීවත් වෙන්න ලේසියි
    අපිට හැම සම්බන්ධයක්ම බැදීමක් උනාට හැමෝටම එහෙම නෑ. ඉතින් ඒවා නැති උනාම අපි විතරයි දුක් වෙන්නෙ.දැන් ලොකෙ හැමෝම කාසි හොයන උන්මත්තකයින් වෙලා තියෙන්නෙ අපිට ඒක වැරදි කියන්න බෑ. ඒක තමයි ඈත්ත ඈයි අපි උඩුගං බලා පීනන්න හදන්නෙ. හදවතින් නෙමේ බුද්ධියෙන් තීරන ගන්න එතකොට ජීවත් වෙන්න ලෙසියි
    (දැන් ඈති.... රන්ඩු වෙන්න මම බයයි. ඔයා හිතල බලන්න)

    ReplyDelete
  8. comments වල font size එක වැඩි කරන්නෙ කොහමද දන්න කෙනෙක් ඉන්නව නම් කියල දෙන්න Please......

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. it is easy machan.
    u only need to modify html.
    but it is great if u can ask someone (or from me) mmnanuruddha@gmail.com

    if u don't know much about HTML staffs

    ReplyDelete
  12. ලස්සනයි..අහම්බෙන්‍ දැක්කේ

    ReplyDelete
  13. ලස්සනයි..අහම්බෙන්‍ දැක්කේ

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...